Print this Article


පෝදා පින්කම්

 

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

ඇසළ පුරපසළොස්වක පෝදින සීල භාවනා වැඩසටහන දවස පුරා පැවැත්වේ.

පෝදා පෙරවරු 6.00 – 6.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධ පූජාව 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00 – 10.00 පෙරවරු ධර්ම දේශනාව නේපාලයේ සුමන හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක්, විද්‍යාලංකාර මහපිරිවෙනේ ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 වෛද්‍ය දේශනය ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, 3.00 – 4.00 පස්වරු ධර්ම දේශනාව හුණවටුනේ හේමරතන හිමි, 4.00 – 5.00 දම්සක් පැවතුම් සූත්‍රය මහ සඟරුවන සමඟ පෙහෙවස් සමාදන් වූ සියලු දෙනා, 5.00 – 6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 6.30 වස් ආරාධනා පින්කම, 6.30 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 සන්ධ්‍යා ධර්මදේශනාව පිළියන්දල ධම්මවිවේක හිමි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩ සටහන් මාලාව මෙසේය

පෝදා පෙරවරු 6.15-7.15 සිල් සමාදන් කරවීම තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම නාගොඩ ධම්මවංශ හිමි, 7.30-9.45 ධර්ම දේශනාව /භාවනාව ගම්පහ සිරි සීවලී හිමි, 10.00-11.00 ධර්ම දේශනාව හා දවල් බුද්ධ පූජාව මෙහෙයවීම පිටිගල ධම්මවිනීත හිමි , පස්වරු 1.00-2.45 ගිහි දේශනය ශාස්ත්‍රවේදී ශේන් බ්ලොක් මහතා 03.10-4.30 ධර්ම දේශනාව හැඩිගල්ලේ චන්ද්‍රාලෝක හිමි, 4.45-6.00 ධර්ම දේශනාව කොබවක ධම්මසීවලී හිමි 6.15-7.00 පානදුුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වූ බෝධි පූජාව (පටිගත කළ එකකි) 7.10-8.00 ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.


ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ ඇසළ පුන් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම ඇසළ පෝදා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ඇසළ පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී මොරගොල්ලේ සිරිරතන හිමියන් සංවිධානය කරති. පෙරවරු 6.00 අටසිල් සමාදන්වීම, 6.30 බුද්ධ පූජාව 8.00 ධර්ම දේශනාව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ සංස්කෘතිය අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මිරිස්වත්තේ විමලඤාණ නා හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය ආචාර්ය රවීන්ද්‍ර මුදලිගේ මහතා, 10.30 බුද්ධ පූජාව, දවල් 12.00 ජාතක කතා දේශනාව භාණක රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ශාස්ත්‍රපති දාපනේ චන්ද්‍රරතන හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය, මාතෘකාව අදින් ඇරඹෙන වස්සාන සමය, සහභාගිත්වය ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශයේ කථිකාචාර්යකිරම විමලතිස්ස හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න, ශාස්ත්‍රපති, ඊ.එම්. ධර්මවර්ධන මහත්වරු, 4.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 05.00 බෝධි පූජාව මෙහෙයවීම, ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය.


බම්බලපිටියේ වජිරාරාමය

ඇසළ පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 8.00 – 8.30 සතිපට්ඨාන සූත්‍ර දේශනාව, 8.30 – 10.00 ධර්මානුශාසනාව ගෞරව ශාස්ත්‍රවේදී හංවැල්ලේ මේධංකර හිමි, 10.00 – 11.15 භාවනාව, අනුශාසනාව හා බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, පස්වරු 12.15 – 01.15 සෙත් පිරිත් සිරි වජිරාරාමාධිකාරි, සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 – 02.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවෙදී මීගොඩ සුඛිත හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත කටුවන්ගොඩ ධම්ම සිද්ධි හිමි, 4.00 – 5.00 භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 5.00 – 6.00 ධර්මානුශාසනාව අධ්‍යාපනවේදී කැලණියේ සාසනවංස හිමි, 6.00 – 6.30 වස් ආරාධනාව, අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී ඇසළ පෝදා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. මෙදින උදෑසන මල්පහන්, ගිලන්පස, කිරි ආහාර, පූජාවන්ද උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම ද ෂඩ්වර්ණ සාඨකයක් ශබ්ද පූජා මධ්‍යයේ වැඩමකර කිරිවෙහෙර චෛත්‍යයට පැළඳවීම ද සිදුකෙරේ.

මෙදින උදෑසන ධර්ම දේශනාව අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් පවත්වන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ දී පැවැත්වේ. පෝදා බත් දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දාන ශාලාවේ පැවැත්වේ.

සවස මහාසේන, සිල් සමිතියේ මල්පෙරහර කිරි වෙහෙර චෛත්‍යමළුවේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ මල්, පහන්, ගිලන් පස හා අටපිරිකර පූජාකර බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවා භාර කිරිවෙහෙර විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ. කිරිවෙහෙර තුන්වන මළුවේ පහන් 5000 ක ආලෝක පූජාවක් ද පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, මහාසේන සිල්සමිතිය, ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති කොටපොල අමරකිත්ති හිමි, 10.00- 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ රුහුණුදනව්වේ විමලමූර්ති හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 වෙසෙසි දෙසුම ගයාන් චානුක විදානපතිරණ මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව වැලිහෙළතැන්නේ කල්‍යාණසිරි හිමි, 4.15 – 5.00 ධම්මපදය වතුරුගම ධම්මජීව හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව.


බොරැල්ලේ ඓතිහාසික ගෝතමී පුරාණ විහාරස්ථානය

බොරැල්ලේ ඓතිහාසික පුරාණ ගෝතමී මහා විහාරස්ථානයේ දී ඇසළ පුර පොහෝදා සීල සමාදාන පින්කම විහාරාධිපති තෙල්වත්තේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

පෙරවරු 6.00 ශීල සමාදානය 6.30 සම්බුද්ධ පූජාව හා අනුශාසනාව මෙහෙයවීම – කිතුල්වත්ත එෆ්.ආර්. සේනානායකාරාමාධිපති ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්ද තිස්ස හිමි, 8.15 භාවනාව පණ්ඩිත ඉසුරුගම ධම්මතිලක හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදා දීම, දායකත්වය හසිත දියබලනගේ සහ තිලංග දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව පණ්ඩිත වැල්ලවායේ උදිත හිමි, 11.00 සම්බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මුරුතවෙළ සීවලී හිමි, 12.30 සිරිපොද වැස්ස උපදේශන සේවාව මගින් පවත්වනු ලබන දේශනය මෙහෙයවීම, අමාත්‍යංශ හිටපු ලේකම් සීතා රාපක්ෂ මහත්මිය, 1.30 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දෙණියායේ සිරිනන්ද හිමි, 3.00 ධර්ම දේශනාව උණුවතුර බුබුලේ පියදස්සී හිමි, 4.30 අටවිසි බුද්ධ පූජාව සහ පිරිත් සජ්ඣායනාව තෙල්වත්තේ නාගිත හිමි, 5.30 සීල පවාරණය සහ තේපැන් සංග්‍රහය.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ දී ඇසළ පුර පසළොස්වක පොහෝදා, ශීල, භාවනා ධර්ම දේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00 – 6.30 උපෝසථශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව, ශ්‍රී ජයශේඛරාරාමවාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය ශ්‍රී ජයශේඛරාරාම වාසි, ගැට්ටුවානේ සුමේධ හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි පස්වරු 12.15 – 01.15 සෙත් පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමීන් වහන්සේලා විසින් 1.00 – 2.00 මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ධර්ම දේශනය දෙමටගොඩ මහා විසුද්ධාරාම පරිවේණාධිපති, උඩපේරුවේ සුමන හිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය බොරැල්ලේ ශ්‍රී ලංකාරාම විහාරවාසී, උණුවතුර බුබුලේ පියදස්සි හිමි, 6.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන් පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි ඇසළ පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , හුණුවල පියදස්සි, තිස්සමහාරාම ධම්මසාර, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද එම වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00-7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00-7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව 8.15-10.00 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 10.00-11.00 ධර්මදේශනය,ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00-11.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව පස්වරු 12.30 -1.00 සූත්‍ර සජ්ඣායනාව , 1.00-2.00 ධර්මදේශනය මොරාවත්තේ සුබෝධි හිමි, 2.00-3.30 ධර්ම සාකච්ඡාව පිටකන්දේ ආනන්ද විමලකීර්ති හිමි, 4.00-5.00 ධර්ම දේශනය මීගොඩ සුඛිත හිමි, 5.00-6.00 ධර්ම දේශනය අළුත්වෙල ධම්මසති හිමි රාත්‍රී 7 අටවිසි බුද්ධ වන්දනාව රාත්‍රී 7.30 වස් ආරාධනා පින්කම වස් ආරාධනා පින්කමේ ප්‍රධාන දායකත්වය දරනු ලබන්නේ උත්පල සුමිත්‍රාරච්චි මහතා සහ එම මහත්මිය විසිනි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ඇමරිකාවේ හවායි බෞද්ධ මධ්‍යස්ථාන විහාරවාසී, විනයාචාර්ය හිඟුරක්ගොඩ වීභාවි හිමි, 08.00-09.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 09.00-10.00 සූත්‍ර දේශනාව අගලවත්ත කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ පසන්න මානස හිමි, 10.00-11.00 ධර්ම දේශනාව,ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, 11.00-11.15 බුද්ධ පූජාව, සිතුල්පව්වේ වජිරධම්ම හිමි, නාවලපිටියේ උදිත හිමි,

පස්වරු 12.15-12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20-12.45 පිරිත් හා තෙරුවන් ගුණ ඉන්දියාවේ මෛත්‍රීපාල හිමි, ඇතුල්නුවර ඉන්ද්‍රපාල හිමි, 12.45-1.45 ධර්ම සාකච්ඡාව , ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 01.45-02.45 ධර්ම දේශනාව උඩහමුල්ල පඤ්ඤෝධාරාමවාසී ශාස්ත්‍රපති වල්ගම සුමන හිමි, 02.45-03.45 ධර්ම දේශනාව, රාජකීය පණ්ඩිත හිගුරේ පඤ්ඤාසේකර හිමි, 04.00-05.00 ධර්ම දේශනාව, බම්බලපිටිය වජිරාරාමවාසී ශාස්ත්‍රවේදි රාජකීය පණ්ඩිත වැලිගෙපොල සීලවංස හිමි, 05.00-06.00 ධම්මපදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි.


ශ්‍රී සම්බෝධි විහාරයේ බෞද්ධයා මාධ්‍ය ජාලයේ පෝදා පින්කම්

පෝදා පෙරවරු 5.30-6.00 කිරි ආහාර පූජාව, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඤාණ හිමි, 6.00-7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඤාණ හිමි, 08.00-09.00 ධර්ම දේශනාව, ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, 09.30-10.30 ධර්ම දේශනාව අලුත්ගම පඤ්ඤාසාර හිමි, 11.00-11.30 ව්‍යංජන 1008 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 -02.00 පොහෝ දින විශේෂ ධර්ම සාකච්ඡාව

උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, මෙහෙයවීම සහන් වනිගරතන මහතා 2.00- 03.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි , ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි 3.30-4.30 ධර්ම දේශනාව දේවාලේගම විනීත හිමි, 4.30-5.30 ධර්ම දේශනාව දොරොව්වේ ඤාණරතන හිමි,5.30-6.00 මහා ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මෙහෙයවීම හාපිටිගම විජිත හිමි,


ශ්‍රී සම්බෝධි විහාරයේ බෞද්ධයා මාධ්‍ය ජාලයේ පෝදා පින්කම්

පෝදා පෙරවරු 5.30-6.00 කිරි ආහාර පූජාව, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඤාණ හිමි, 6.00-7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඤාණ හිමි, 08.00-09.00 ධර්ම දේශනාව, ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, 09.30-10.30 ධර්ම දේශනාව අලුත්ගම පඤ්ඤාසාර හිමි, 11.00-11.30 ව්‍යංජන 1008 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 -02.00 පොහෝ දින විශේෂ ධර්ම සාකච්ඡාව

උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, මෙහෙයවීම සහන් වනිගරතන මහතා 2.00- 03.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරි , ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි 3.30-4.30 ධර්ම දේශනාව දේවාලේගම විනීත හිමි, 4.30-5.30 ධර්ම දේශනාව දොරොව්වේ ඤාණරතන හිමි,5.30-6.00 මහා ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මෙහෙයවීම හාපිටිගම විජිත හිමි,


සංකල්ප විහාරයේ ශීල භාවනා පින්කම සහ දින 100 පින්කම්

ශීල භාවනා පින්කම සහ දින 100 පින්කම් පිළියන්දල මාකන්දන වැලිතොටුවවත්ත ශ්‍රී සංකල්ප විහාරස්ථානයේ වාර්ෂික දහසකට අධික පිරිසක් සහභාගිවන ශීල, භාවනා වැඩසටහන සමඟින් වස් ආරධනා මහා පින්කම සහ දින සියයක අසිරිමත් අටවිසි ගිලන්පස බුද්ධ පූජාව සහිත බෝධි පූජා පින්කම් මාලාව ඇසළ පුර පසළොස්වක පෝදා ආරම්භ කෙරේ. පෙරවරු 5.00 ට කිරි ආහාර බුද්ධ පූජාවද, පෙරවරු 6.00 ට ශීල භාවනා වැඩසටහන ද ආරම්භ වේ. එම සිල් වැඩසටහනට ගොම්බද්දල දමිත හිමි. හතුරුවෙල සිරිධම්ම හිමි, මිරිස්වත්තේ ඉන්ද්‍රසිරි හිමි, කහපල නන්දරතන හිමි, කැස්බෑවේ පඤ්ඤානන්ද යන හිමිවරුන්ගේ ධර්මදේශනා පැවැත්වෙන අතර වෛද්‍ය මණ්ඩලවත්ත මැතිතුමාගේ ගිහි දේශනයක් සහ විරිඳු විශාරද එම්.ඩී. ගුණදාස මහතාගේ විරිඳු දේශනාවක් ද ඇතුළත් වේ. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව, සංකල්ප දහම් පාසල, දහම්පාසල් සංවර්ධන සමිතිය, සංකල්ප යෞවන සමාජය, ඉ20 සංවිධානය, සංකල්ප වැඩිහිටි සමිතිය එම පින්කම් මාලාව සංවිධානය කර ඇත. 


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර, සංඝමිත්තාරාමයේ දී ඇසළ පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් පවත්වනු ලබන අතර පෝදා පෙරවරු 6.00 – පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 – 9.00 දහම් දෙසුම ගනේලන්ද රජමහ විහාරාධිකාරී ගැමුණුපුර සෝමවංශ හිමි, 9.00 – 10.00 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසි මඩිහේ සුගතසිරි හිමි, 10.00 – 11.00 දහම් දෙසුම හීනැටිගල ඉන්ද්‍රවංශ හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 – 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 2.00 දහම් දෙසුම පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී මීතලාවේ විනීත හිමි, 2.15 – 3.00 ධම්ම පදය 3.00 – 5.00 භාවනා වැඩසටහන මෙහෙයවීම පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී ගල්නෑවේ සුගතවිහාරි හිමි, සවස 6.00 සිට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදී දසසිල් මාතාව විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම ඇසළ පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

ධර්මායතනාධිපති, කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ශාසන කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇසළ පුර පොහෝ දින වැඩසටහන පැවැත්වේ. අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර ද, 6.30 – 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව, සහ කෙටි අනුශාසනාව, දම්පහළ ඤාණරතන නාහිමි, 8.30 – 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.00 – 10.45 ජාතක කතා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 11.00 දහවල සම්බුද්ධ පූජාව පස්වරු 12.30 – 2.00 ගිහි දේශනය ධර්මාචාර්ය, ආසිරි රාජපක්ෂ මහතා, 2.15 – 3.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි. 3.15 – 4.00 භාවනාව දම්පහළ ඤාණරතන නාහිමි, 4.00 – 5.00 මහාසමය සූත්‍ර දේශනාව සහිත පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසී ස්වාමීන්වහන්සේලා, 5.00 සිල් පවාරණය 6.30 – 7.30 අෂ්ටපාන සහිත අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝනාව දම්පහළ ඤාණරතන නාහිමි, රාත්‍රී 7.30 ට වස් ආරාධනා පින්කම, බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදාදීමේ දායකත්වය, මොරටුව තරුණ බෞද්ධ සමිතිය විසිනි.


හොරණ සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය

හොරණ ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේදී බුද්ධාභි වන්දනා පින්කමක් ඇසළ පෝදා ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වේ.

පෝදා උදෑසන 6.30 සිල් සමාදන් කරවීම ගලිගමුවේ ඤාණදීප හිමි 8 – 9 දහම් දෙසුම මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 9.30 – 10.30 දහම් දෙසුම ලේනව මංගල හිමි, පස්වරු 1 – 2 ධර්ම සාකච්ඡාව ගලිගමුවේ ඤාණදීප හිමි 2 – 3 සත්කාර පින්කම මෙත් සදහම් විකාශනය විවෘත කිරීම 4 – 5 දහම් දෙසුම ගලිගමුවේ ඤාණදීප හිමි 5 – 6 බක්කුල මහ සෑ කප්රුක් පූජාව 6 – 7 බක්කුල මහ සෑ වන්දනාව ගනේකන්දේ චන්දරතන හිමි.


ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්

ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා ප්‍රධාන මහරහතන් වහන්සේලා 12 නමකගේ පමණ ශාරීරික ධාතූන් වහන්සේලා දැක වැඳ පුදා ගැනීමේ අවස්ථාවක් ඇසළ පුන් පොහෝ දින පෙරවරු 9.00 සිට පුරා දින 3 ක් මුළුල්ලේ දළුපිටිය ශ්‍රී සිරිනිකේතාරාමයේ දී ප්‍රදර්ශනය කෙරේ.


පෝදා දන්සලක් මැදගම දී

කොත්තමල්ලි හා රසකැවිලි දන්සලක් මෙම පෝදා මැදගම නෑබඩ පාර 152 ස්ථානයේ දී පැවැත්වේ.