Print this Article


බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය හා පෙරහර මංගල්‍යය

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෙීත්සවය හා පෙරහර මංගල්‍යය

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පුණ්‍යෙීත්සවය හා පෙරහර මංගල්‍යය 68 වන වරටත් මෙවර පැවැත්වේ. බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම පින්කම් මාලාවේදී අපවත්වී වදාළ බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි ගුණානුස්මරණ ධර්මදේශනා ජූලි මස 26,27,28 යන තෙදින තුළ පැවැත්වීම ද ජූලි 29 වනදා සති පිරිත් දේශනාව ආරම්භ කෙරෙන අතර අගෝස්තු 03 වනදා සූත්‍ර දේශනාද 4 වනදා දොරකඩ අස්න හා දේවදූත පෙරහර සහ කුඹල් පෙරහර ද පැවැත්වේ. අගෝස්තු 5,6,7,8 දිනවල මල් පෙරහරද 9 වනදා පාවාඩ පෙරහර ද, 10 වනදා රන්සිවිලි පෙරහර ද 11 වනදා රන්දෝලි මහා පෙරහර ද 12 වනදා දියකපන පෙරහර හා දේව දානයද පැවැත්වේ.