Print this Article


ශ්‍රී දළදා සමිඳු තේවාමුරය මෙවර අස්ගිරි මහා විහාරයට

ශ්‍රී දළදා සමිඳු තේවාමුරය මෙවර අස්ගිරි මහා විහාරයට

මහනුවර ශ්‍රී දළදා සමිඳුන් උදෙසා සිදුකරනු ලබන තේවා මුරය මල්වතු මහා විහාරයෙන් අස්ගිරිය මහා විහාරයට මෙවර පැවරීමේ සම්ප්‍රදායික චාරිත්‍රය මෙම ජූලි 27 වෙනිදාට යෙදී තිබෙන ඇසළ පුර පසළොස්වක පෝය දිනට පසුදින සිදුකෙරේ.

පසුගිය වසරේ ඇසළ පෝය දින සිට ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් පවත්වාගෙන ගිය තේවාමුරය මල්වතු මහා විහාරයේ තේවාව බාරව වැඩ සිටි මහා සංඝරත්නය විසින් තේවාව සඳහා මෙවර වැඩම කරන අස්ගිරිය මහා විහාරයේ සංඝරත්නය වෙත පවරාදීමේ චාරිත්‍රමය අවස්ථාවට මල්වතු අස්ගිරි අතිපූජ්‍ය මහානාහිමිවරු අනුනා හිමිවරුන්ද ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමෙතුමා ද සහභාගි වෙති.

මෙදින ශ්‍රී දළදා මාළිගාවේ වස් එළඹෙන අස්ගිරි මහා විහාරයේ මහ සඟරුවන වෙත වස් ආරාධනාව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංගදෑල මහතාගේ සහභාගිත්වයෙන් හා කටුකැලේ ලේඩිබෙලේක් ආරාමාධිපතිනි ශ්‍රද්ධා ප්‍රසාදිනි ධර්මචාරි කොත්මලේ සුධර්මා සිල් මෑණියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. මෙවර ශ්‍රී දළදා මාළිගාවේ කඨින පින්කමේ දායකත්වය දරන කොළඹ වෝඩ් පෙදෙසේ චන්දන වික්‍රමරත්න මහතා සහ මංජුලා වික්‍රමරත්න මහත්මිය ද එම අවස්ථාවට සහභාගි වනු ඇත.