UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

353. කුෂනි විහංසා වර්ෂා
09 ශ්‍රේණිය
සුවිසුද්ධාරාම දහම් පාසල, වැල්ලවත්ත.

354. බී.එම්. මියැසි
07 ශ්‍රේණිය
ලයිසියම් ජාත්‍යන්තර පාසල, වැලිමඩ.

355. එච්.කේ. සොමාෂි කාවින්දි
10 ශ්‍රේණිය
ශ්‍රී දේවානන්ද දහම් පාසල, ගාල්ල.

356. එම්.කේ. පියුමි වාසනා
11 ශ්‍රේණිය
ශ්‍රී බෝධිගුත්තාරාමය,බලංගොඩ

357. ජී.ඒ. විදුන නිමන්තර ද සිල්වා
3 ශ්‍රේණිය
ශ්‍රී සුමංගල දහම් පාසල, කොළඹ 02.

358. ඩී.ඒ. සසිඳු පැහැසර
2 ශ්‍රේණිය
වළවේ ශ්‍රී විද්‍යානන්ද දහම් පාසල, තණමල්විල.

359. පී. රශ්මි තාරකා
12 ශ්‍රේණිය
මාර/තලල්ල ද.ම. විදුහල, කෝට්ටගොඩ.

360. එම්.ඒ. යොනාල් නේනුක
3 ශ්‍රේණිය
සිරි වජිරඤාණ දහම් පාසල, මහරගම.


මිහින්තලාවයි පොසොන් උදාවයි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය සිදුවූයේ පොසොන් පෝ දිනක දී ය. අනුබුදු මිහිඳු මා හිමියන් මිහින්තලාවට වැඩම වීමත් සමඟම ලංකාවේ බුදු දහම ව්‍යාප්ත වී ප්‍රචාරය වුණි. ඒ වගේම අප රටේ , නව කර්මාන්ත ද බිහිවිය.රට නව මාවතකට ගමන් කළේ ය. පොසොන් පෝ දිනට රටේ විවිධ පින්කම් පැවැත්වේ. වෙහෙර විහාරස්ථානයන්හි පොසොන් උත්සවය සමරන අතර දන්සැල් ද පැවැත්වේ. ළමා , වැඩිහිටි, සියල්ලෝම එදිනට සිල් සමාදන් වීම සිරිතකි.පොසොන් උත්සවයට මුළු රටම බැබළේ.

ඉසුරු ආඪ්‍ය කළුතන්ත්‍රි ලියනගේ,
7 ශ්‍රේණිය,
කිරිල්ලවල මධ්‍ය මහා විදුහල
කිරිල්ලවල


පොසොන් උත්සවය

පොසොන් උත්සවය බාල මහලු කාටත් වැදගත් ය. පොසොන් දිනය සමරන්නේ ජුනි මාසයේ ය. බෞද්ධ ජනතාව පුර පොසොන් පොහෝදා දන්සැල් දීම, පන්සල් යාම, සිල් සමාදන් වීම වැනි බොහෝ පින්කම් කටයුතුවල යෙදෙති. අපි ද පොසොන් පෝය දිනයේ ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවටද මුල්තැන දෙමින් බෞද්ධාගමානුකූලව කටයුතු කරමු.


අන්ධයෙකුගේ අත්දැකීම්

ස්වභාවධර්මයේ සෞන්දර්ය පිළිබඳ නොයෙකුත් හැඟීම් දෑස් අන්ධ පුද්ගලයෙකුට වුවද හෝ ඇතිවිය හැකියි. මල්වල සුවඳත්, හිරු එළියේ උණුසුමත්, ගං දිය රැල්ලේ සිසිලසත්, සුළඟේ සුවදායක බවත් ඔහුටද හොඳින් දැනේ.

එහෙත් පාටක විවිධත්වය ඔහුට කිසිදා නො දැනෙයි. ඔහුගේ ජීවිතයේ අඩුව අප මැනවින් අවබෝධ කරගෙන එවැනි පුද්ගලයන්ට නිරන්තරයෙන් උදව් උපකාර කළයුතු වෙයි. සුදු සැරයටියක් ගත් අයෙකු දකින සෑම විටකම අපි ඔහුට අනුකම්පා කර උදව් කිරීමට පුරුදු වෙමු. සෑම බොදු දරුවෙකුගේ සිතකම එවැනි උතුම් සිතිවිලි පහළ වේවා.


සෙනෙහස දුන් අම්මා

රන් මිණි මුතු මට මොකටද අම්මේ
ඔබේ සෙනෙහස නැතිනම් අම්මේ
ඔබ පෙව් කිරිවල අගය කියන්නට
කිසිවක් මම නො දනිමි පෙම්බර අම්මේ

උතුරා හැළුන සෙනෙහස නැති නිම්මා
ගුණදම් කියා දී දිවිමඟ එළි කළ අම්මා
නිරතුරු දුක සැපට ළඟ ඉඳිමින් පෙම්මා
නිවනට යන තුරුම ඔබ මාගේ අම්මා

මතකයි අම්මේ නුඹ විඳි වේදනාවන්
ඒ ගැන කියමි කවි කර කල්පනාවන්
සෙනෙහස ලබා දී පෙන්වා දයාවන්
උපදින සසරේ අම්මා වාසනාවන්


අම්මාගේ අගය

මගේ අම්මා හරිම උතුම් ය. අපගේ බුදුරජාණන් වහන්සේ පවා අම්මාට සැලකූවා. ගරු කළා, බුදුහාමුදුරුවෝ තුසිත දිව්‍ය ලෝකයට වැඩ මාතෘදිව්‍ය රාජයාට ධර්ම දේශනා කොට කළගුණ දැක්වූවා. මාතෘදිව්‍ය රාජයා කියන්නේ අපේ මහාමාය දේවියට යි. තුසිත දෙව්ලොව දී උන්වහන්සේ තම මෑණියන්ට අභිධර්මය දේශනා කළා. ඒ වගේම අපේ පළමුවන පරාක්‍රමබාහු රජතුමා අම්මට බොහෝ සේ ගරු කළ රජ කෙනෙක්. එතුමා විසින් වයසක අම්මා නහවන ලද කොරහට, පොල්කටුව අලවා, එය නිධන් කොට වෙහෙරක් තැනවු බව අපගේ දහම් පාසලේ දී කියා දුන්නා. අම්මගේ වටිනාකම වචනයෙන් විස්තර කළ නොහැකි යි. එනිසා අපිත් අපේ මව්වරුන්ට හොඳින් සලකමු. ගරු කරමු.


චතුරාර්ය සත්‍යය

බුද්ධත්වයෙන් අනතුරුව මහා කරුණාවෙන් ලොව බලා වදාරන තථාගත බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ධර්ම දේශනා කළ යුත්තේ කාට දැයි සිතා බැලූ විට සිහියට නැගුණේ සත්‍යගවේෂි සමයේ දී තමන්ගේ ඇසුරට හමු වු බුද්ධිමතුන් ය. තමන්ට උවටැන් කරමින් තමන් වහන්සේ ඇසුරේ සිටි පස්වග තවුසන්ට ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ දී මංගල ධර්ම දේශනාව සිදු කළහ. ඒ දම්සක් පැවතුම් සූත්‍රය යි. දම්සක් පැවතුම් සූත්‍රයේ අන්තර්ගත වන්නේ උතුම් සත්‍ය සතරකි. එනම්, දුක්ඛ ආර්ය සත්‍ය (දුක) , දුක්ඛ සමුදය සත්‍ය (දුකට හේතුව), දුක්ඛ නිරෝධ සත්‍ය ( දුක නැතිකිරීම) , දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍ය (දුක නැති කිරීමේ මාර්ගය) බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් දේශනා කළ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ අඩංගු වන්නේ මෙම ආර්ය සත්‍ය පිළිබඳව විස්තරයන් ය.

ඕ.ගිහානි මලීෂා
12 ශ්‍රේණිය,
ශාන්ති දහම් පාසල, මොරටුව.


මගේ දහම් පාසල

මගේ දහම් පාසල විල්පත ගමේ පිහිටා ඇති ශ්‍රී සුමේධ ධර්මෝදය දහම් පාසල ය. එහි ළමයි විශාල ප්‍ර‍්‍රමාණයක් දහම් අධ්‍යාපනය ලබති. ධර්මය ඉගැන්වීමට ගුරුවරු රාශියක් සිටිති. මගේ දහම් පාසල ගමට මිණි පහනකි.


කම්පා නොවෙමු

මිනිසුන් ලොව උපදිනවා
දුක සැප පෙරළී යනවා
මරණය වෙත ළං වෙනවා
අට ලෝ දම කැරකෙනවා

ලාභ අලාභත් යසස අයසත්
නින්දා ප්‍රශංසා කාටත්
සැප දුක එකසේය සැමටත්
කම්පා නොවෙමු කිසි විටෙකත්


 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]