Print this Article


අධි සිල් ලබති

අධි සිල් ලබති


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභික වත්තල ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී වැලිසර මූලගන්ධකුටි පිරිවෙන් මහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති සද්ධර්ම විශාරද කෙරවලපිටියේ සුමේධ මා හිමියන්ගේ ශිෂ්‍ය හැඳල අවරකොටුව ශ්‍රී සුදර්ශන විහාරාධිකාරී හුලංනුගේ සුගතසිරි පොඩි හාමුදුරුවන් වහන්සේ සහ මරදාන ශ්‍රී ලංකා මහා පිරිවෙන් හි උසස් අධ්‍යාපනයෙහි නියුක්ත වලේබොඩ සිරිවංස පොඩි හාමුදුරුවන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක මා හිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක සංඝ සභාව වෙතින් 2018 ජූලි මස 20 වන දින අම්පාර බුද්ධංගල දහම් මැදුර මහා විහාරාසන්න ගල්ඔය නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලබන හෙයින් උන්වහන්සේලා පිළිගැනීමේ මහා පින්කම ජූලි මස 27 වන දින (ඇසළ පොහෝදා) පෙරවරු 9.00 ට හැඳල අවරකොටුව ශ්‍රී සුදර්ශන විහාරස්ථානයේ දී පැවැත්වේ.


දැරණියගල රතනසාර හිමි

කිරිවත්තුඩුව පුරාණ විහාරය, යකහළුව විවේකාරාමය යන උභය විහාරාධිපති පිටිපන සුමනසාර හිමියන්ගේ ශිෂ්‍ය දැනට පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන දැරණියගල රතනසාර හිමියන් ස්‍යාමෝපාලි වංශික මහා නිකායෝ කෝට්ටේ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව වෙතින් කෝට්ටේ රජමහා විහාරයීය මංගල උපෝසථගාරයේ දී මෙම 19 වන දා අධිසිල් ලබති.

උන්වහන්සේ දෙහිඕවිට කටුලන්ද ඊ/11/ බී නිවසෙහි පදිංචි කටුලන්දලාගේ ලලිත් කුමාර සහ වලිමුනිදේවගේ රුචිරා සිනාසනී දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ.