UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: අත් නොහළ උත්සාහය

අත් නොහළ උත්සාහය

මෙම ලිපියෙහි කොටසක් ජූලි 06 වනදා පොසොන් අව අටවක පොහෝදා පත්‍රයේ පළ විය.

සමාජයේ ඇතැම්හු දකින දෙයින් මුළාවට පත්ව තෘෂ්ණාධිකව අන්ධයන් සේ ක්‍රියා කරති. දකින දෙයෙහි යථාර්ථය නොදැන පසුපස ගොස් විපතට පත්වෙති. සැබෑ ස්වභාවය නොදැන යම් යම් ආග්‍රහණයන් පසු පස හඹා ගොස් ජීවිතය පවා විනාශ කරගනිති.

ආහාරපානාදියෙහි මෙන් ම මත්ද්‍රව්‍ය ආදියෙහි ද වෙනත් දේ කෙරෙහි ද අප්‍රමාණව ලොල් වූවෝ අනවශ්‍ය කරදරයන්ට මෙන් ම රෝග පීඩාදියට ද ගොදුරු වෙති. කායික ස්පර්ෂ කරණකොට භාෂාවන්ගේ පරතෙරටයා නො හැකිව තමන්ගේ ත් , අනුන්ගේ ත් දෙයෙහි ලොභ උපදවා ජීවිත හානි සිදුකර ගනිති. අනවශ්‍ය දේ කෙරෙහි සීමාව ඉක්ම වූවෝ විපරීතභාවයට පත් වෙති. බුදු පසේබුදු මහරහත් වැනි ආර්යය පුද්ගලයෝ පසිඳුරන් දමනය කොට සංසාර සාගරයෙහි තමන් එතෙරව සසර දුක් විඳින අන්‍ය සත්ත්වයෝ ද,දුකින් මුදවා ගනිති.

ගුරුළුගෝමී පඬිවරයාගේ අමාවතුර නම්, ග්‍රන්ථයෙන් ද, අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලෝක පූජිත මහඟු සේවාවන් රාශියක් පිළිබඳව ප්‍රකාශ වේ. එයින් සභිය පරිබ්‍රාජකයා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි දමනය වී සම්‍යක් දෘෂ්ටික වූ ආකාරයත් , සභිය පරිබ්‍රාජක කතාෙවි දක්වා ඇත.

පෙර කාශ්‍යප නම්, බුදුරජාණන් වහන්සේ දඹදිව ඉසිපතනාරාමයෙහිදී බුද්ධත්වයට පත්වූහ. බොහෝ ජනයා සසරින් එතෙර කළ උන්වහන්සේ සේතව්‍ය නුවර දී පිරිනිවන් පා වදාළහ. ආදාහනයේ දී ධාතු වෙන් නොවී රන්කඳක් සේ තිබිණි. ශ්‍රද්ධාවන්ත වූ දඹදිව වැසියෝ ඉතා උස් දාගැබක් ඉදිකළහ. කුල දරුවන් සත් දෙනෙකු මහණ වී භාවනා කිරීම සඳහා කමටහන් ගෙන දාගැබ වන්දනා කොට වනයට ගොස් ඉනි මගක ආධාරයෙන් විශාල පර්වතයට නැග ඉනිමග පහතට හෙළා භාවනා කිරීමට පටන් ගත්හ. එහි සිටි වැඩිමහල් භික්ෂූන් වහන්සේ එදිනම රාත්‍රියෙහි රහත් වූහ. අලුයම අවදිව ඍද්ධි බලයෙන් අනෝතත්ත විලට ගොස් මුව දොවා උතුරුකුරු දිවයිනෙන් දන් වළදා සෙසු පිරිසට ආහාරපාන ගෙනවුත් දන් වැළඳීමට ආරාධනා කළ ද, ආහාරපාන ප්‍රතික්ෂේප ඔවුහුු හය දෙනා භාවනාම වැඩූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් හය දෙනා අතර වැඩිමහලු භික්ෂුව දෙවන දින රාත්‍රී අනාගාමී විය. උන්වහන්සේ ද පළමු භික්ෂුව මෙන්ම උතුරුකුරු දිවයිනට වැඩ දන් වළදා ආහාරපාන ගෙනවුත් සෙසු පස්දෙනා වහන්සේට පිළිගැන්වුව ද, පෙර පරිදිම ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් භාවනාව ම වැඩූහ.ඔවුහු කෙරෙහි රහත් වූ මහතෙරහු පිරිනිවන් පෑහ. අනාගාමී වූ මහ තෙර අපවත්වී සුදසන දෙව්ලොව මහා බ්‍රහ්ම ලෙස පහළ විය.සෙසු පස්දෙනා මගඵල නොලබා ම භාවනා කර කාමාවචර දිව්‍ය ලෝකයෙහි උපන්හ. එක් අයෙකු මනුෂ්‍ය ලෝකයේ අප ගෞතම බුද්ධ රාජ්‍යයෙහි පුක්කුසාති නමින් රජ විය . තවත් අයෙකු දබ්බ මල්ල පුත්තිස නම් මහතෙර විය .ඉතිරි පුද්ගලයා සභිය නම්, පරිබ්‍රාජකයා විය . ඔහු පරිබ්‍රාජිකාවකගේ කුස පිළිසිඳගත් බැවින් සභිය නම් පරිබ්‍රාජක විය. හත්දෙනා පිළිබද එම කථා පුවත පාඨකයාගේ හා අසන්නාගේ සිතට මැනවින් කා වදී. භාවනාව වැඩූ හත්දෙනා පිළිබඳව හොඳින් සිතා බැලිය යුතුය. ඔවුහු තැනිතලා ප්‍රදේශයකට ගියේ නම්, අන් අයට පුදුමවීමට කරුණක් නොවන්නේ ය. පර්වතයට නැගීමට පඩි පෙළක් නොවී ය . එය බිය එළවන සුළුය. ඔවුන් විසින් ම ඉතා මහන්සියෙන් තනාගත් ඉනිමගක නැගීම ද ජීවිතයත් මරණයත් අතර බිය ගෙන දෙන අවස්ථාවකි. පර්වතයට නැග ගත් පසු ඉණිමඟ ඉවත් කිරීම ඉතා භයානක ය. භාවනාව ආරම්භ කළ දා සිට ජලය හෝ ආහාර හෝ නො වී ය. මරණය පෙනි පෙනී භාවනාවම අගය කොට සැළකූහ. මරණය පෙනීපෙනී ඔවුන්ගේ නො පසුබට උත්සාහය මාර්ගඵල ලබා සසරින් එතෙර විමය. බුදුදහමෙහි සඳහන් එම මහගු ක්‍රියාව බුදු දහම අදහන කා හට වුවද,් ආදර්ශ සම්පන්න නො වන්නේද?

අද්‍යතන දියුණුවේ ඉහළට ගමන් කිරීමට තතනන ජපානය වැනි රටවල් කලක් යුද කෝලාහල නිසා හෙම්බත් විය. සිංගප්පූරුව වැනි රටවල් ද දුප්පත්කමේ පහළ මාලයේ කල් යැවීය. එහෙත් එම රටවල් තමාගේ නො දියුණු කමේ ඛේදවාචකය උත්සාහය හා ධෛර්ය පෙරටම ඔසවා තැබීය. ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්ය ඔවුහු පසුබැසවීමට තරම් කිසිදු සාධකයක් නො වීය. අමාවතුර ග්‍රන්ථයේ සඳහන් සභිය කථාවේ එන හත්දෙනාගේ උත්සාහය කෙතරම් අගනේ ද? එක් අයෙක් රහත් වූහ. තවත් අයෙකු අනාගාමී පළයට පත්වූහ. අනෙක් පස් දෙනා මිනිස් ලොව භික්ෂු ,රාජ, පරිබ්‍රාජක ආදී විශිෂ්ට චරිත පුද්ගලයෝ වූහ. හත් දෙනාගේ කතා පුවත කාහට නම්, ආදර්ශමත් නො වන්නේ ද ? අර්ථසම්පන්න නොවන්නේද ?

මෙම ලිපියෙහි තවත් කොටසක් ජූලි 19 ඇසළ පුර අටවක පොහෝදා පත්‍රයේ පළවේ.

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]