UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෑගල්ල ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාම මහා පිරිවෙන

කෑගල්ල ලෙවන්ගම ශ්‍රී සදානන්දාරාම මහා පිරිවෙන


ආචාර්ය මණ්ඩලය

කෑගල්ල,රුවන්වැල්ල, ලෙවන්ගම ග්‍රාම නිලධාරි වසමෙහි පිහිටා තිබෙන ශ්‍රී සදානන්දාරාම මහා පිරිවෙන ආරම්භ කරන ලද්දේ 1965 වසරේදී ය. ඒ සඳහා පුරෝගාමීව කටයුතු කර ඇත්තේ පරදෙණියේ ශ්‍රී ධම්මරක්ෂිත සුමනතිස්සාභිධාන නාහිමියන් වහන්සේ සහ ලෙවන්ගම ශ්‍රී සීලක්ඛන්ධ නා හිමියන් වහන්සේය.

මූලික පිරිවෙනක් ලෙස පැවැති මෙය 2006 වසරේදී පමණ මහ පිරිවෙනක් ලෙසින් ස්ථාපිත කරන ලදී. වර්තමානයේ මෙහි විහාරාධිපති හිමියන් ලෙස ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රපති පෑලියගොඩ සරණතිස්ස හිමියන් කටයුතු කරන අතර, පරිවේණාධිපති හිමි ලෙස ශාස්ත්‍රාචාර්ය ගොඩගම සුමනරතන හිමියන්ද, නියෝජ්‍ය පරිවේණාධිපති වශයෙන් ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වැල්හැල්ලේ ඤාණසිරි හිමියන්ද කටයුතු කරති. මූලික ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා පන්ති පැවැත්වෙන අතර, ගිහි පැවිදි සිසුන් 936 දෙනෙක් පමණ මෙම පිරිවෙනේ අධ්‍යාපනය ලබති.

පිරිවෙනේ සංස්කෘත භාෂාව හැදෑරීම වෙනුවෙන් ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇත. මෙම වර්ෂයේද සංස්කෘත භාෂා දිනය යෙදී තිබෙන සැප්තැම්බර් මස 13 වන දිනට ඒ නිමිත්තෙන් වැඩසටහන් ගණනාක්ම සිදු කිරීමට සංස්කෘත අධ්‍යයන අංශය සූදානම් කර ඇත. එහි පුරෝගාමීව කටයුතු කරනු ලබන්නේ සංස්කෘත භාෂාව පිළිබඳ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති කුලියාපිටියේ ඤාණසිරි හිමියන් විසිනි. පිරිවෙනේ සංස්කෘත භාෂා ආචාර්ය ශාස්ත්‍රපති කුලියාපිටියේ ඤාණසිරි හිමියන්ගේ මූලික සංකල්පනාවක් මත පිරිවෙනේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ සංස්කෘත භාෂා ඥානය වැඩි දියුණු කිරීම සඳහා.
පරිවේණාධිපති හිමි ශාස්ත්‍රාචාර්ය ගොඩගම සුමනරතන හිමි නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වැල්හැල්ලේ ඤාණසිරි හිමි

“සංස්කෘත අධ්‍යයන අංශය” නමින් මීට වසරකට පමණ ඉහත දී අධ්‍යයන අංශයක්ද ආරම්භ කරන ලදී. එහි අංශාධිපති හා සභාපති වශයෙන් නියෝජ්‍ය පරිවේණාධිපති වැල්හැල්ලේ ඤාණසිරි හිමියන්ද ් වැඩසටහන් සංවිධායක හා ලේකම් වශයෙන් ශාස්ත්‍රපති කුලියාපිටියේ ඤාණසිරි හිමියන්ද, භාණ්ඩාගාරික වශයෙන් පරිවේණාචාර්ය සාලිය විජේනායක මහතාද ප්‍රධාන අනුශාසක වරුන් වශයෙන් පරිවේණාධිපති ශාස්ත්‍රාචාර්ය ගොඩගම සුමන රතන හිමියන්ද, පරිවේණාචාර්ය ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති පෑලියගොඩ සරණතිස්ස හිමියෝද කටයුතු කරති. සංස්කෘත අධ්‍යයන අංශය


ශාස්ත්‍රපති කුලියාපිටියේ ඤාණසිරි හිමි

සතුව වටිනා පුස්තකාලයක්ද පවතින අතර, ශාස්ත්‍රපති කුලියාපිටියේ ඤාණසිරි හිමියන්ගේ ඉල්ලීම මත බොහෝ දෙනෙක් විසින් වටිනා සංස්කෘත පොතපත එම පුස්තකාලය සඳහා පිරිනමා ඇත. මෙවර සංස්කෘත භාෂා දිනය සැමරීමේ වැඩසටහන වෙනුවෙන් සැප්තැම්බර් මස 13 වන දින විශේෂ වැඩසටහන් ගණනාවක්ම සිදු කිරීමට සංස්කෘත අධ්‍යයන අංශය සූදානම් කර ඇත.

පූර්ව තරග පවත්වා ( සංස්කෘත ශ්ලෝක, ගායනා, ගද්‍ය රචනා, අත්අකුරු, සංස්කෘත භාෂා ඥාන ,සංස්කෘත කථික ආදිය එම තරගවලින් ජයග්‍රහණයන් ලබාගන්නා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා හා ගිහි සිසුන් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීමද , එදින පෙ.ව. 8.30 සිට පෙ.ව. 9.30 දක්වා, සමස්ත ලංකා සංස්කෘත ගුරු උපදේශක රඹාවැවේ පාලිත හිමියන් විසින් සංස්කෘත භාෂාව හැදෑරීමේ වැදගත්කම අළලා පැයක පමණ දේශනයක් කරනු ලබති .

එදින ආරම්භ කරනු ලබන සංස්කෘත මාධ්‍ය ඒකකය සඳහා ඇම්ප්,බෆල්, ලැප්ටොප්, ටැබ්, මයික්, මයික් ස්ටෑන්ඩ් ආදියත්, පුස්තකාලය සඳහා සංස්කෘත පොතපත පරිත්‍යාග කිරීමටත් හැකියාව පවතී.

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]