Print this Article


සදහම් අරණ

සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

346. කළුතර, කළුතර බාලිකා විදුහලේ
13 ශ්‍රේණිය, එම්.එම්.පබසරා සුරමිණි

347. බලංගොඩ ශ්‍රී බෝධිගුත්තාරාමයේ
9 ශ්‍රේණියේ
එම්.කේ.මධුෂානි වාසනා

348. මාර /රෝහණ විදුහලේ
4 ශ්‍රේණියේ,
වී.ජී. හසිළි අමායා

349. හොරරාම්බාව ශාස්ත්‍රාලෝක පෙර පාසලේ
මෙතුක චෙනුලි දිසානායක

350. දොඩංගොඩ ජනාධිපති විද්‍යාලයේ
1 වසරේ,
යූ.කේ.හසිදි සවින්මා ගුණතිලක,

351. පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයේ
4 ශ්‍රේණියේ,
පබසරා තත්සරණි පතිරණ

352. හැටන් ශ්‍රීපාද මධ්‍ය මහා විදුහලේ,
9 ශ්‍රේණියේ,
ජී.ජේ.ඉෂාමා කමෝදනී


දම්සක් පැවතුම් සූත්‍රය

බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත් පසු එම සත්‍ය පළමුව දේශනා කළ යුත්තේ කා හටද යන බව සිතා බලන විටදී උන්වහන්සේට සත්‍ය සොයා යන ගමනේ දී හමු වූ ආලාරකාලාම, උද්දකරාමපුත්ත යන තවුසන් සිහියට නැඟුණි. ඔවුන් පිළිබඳව නුවණින් විමසා බලන විට ඔවුන් ඒ වන විටත් මිය ගොස් ඇති බව වැටහිණි. ඉන්පසුව උන්වහන්සේ ගේ සිහිට නැඟුණේ දුෂ්කර ක්‍රියා කරන සමයේ දී උපස්ථාන කළ පස්වග තවුසන් ය. ඔවුන් ඒ වන විට බරණැස ඉසිපතනාරාමයේ සිටිනා බවට බුදුරජාණන් වහන්සේට නුවණින් දැක ගත හැකි විය.ඉසිපතනාරාමය දක්වා ම පයින් වැඩි උන්වහන්සේ දුටු පස්වග තවුසන් ඒ පිළිබඳ ගණන් නො ගෙන තම කාර්යයන්වල යෙදුණි. ශාක්‍ය වංශිකයෙකු නිසා අසුනක් පමණක් පිළිගන්වමු යැයි කථිකා කර ගත්තේ ය. එහෙත් බුදුරජාණන් වහන්සේ ළංවෙත්ම ඔවුන් විසින් සිවුරු පාවඩ පිළිගන්වා පා දෝවනය කොට බුදුරජාණන් වහන්සේ පිළිගනු ලැබීය.

එදින ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය යි. බරණැස ඉසිපතනාරාම මිගදායේ උන්වහන්සේ පස්වග තවුසන් අරභයා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සේක. එයට අනුව උන්වහන්සේ චතුරාර්ය සත්‍යය වන දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය,දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය හා දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව දේශනා කළහ. දුක, දුකට හේතුව දුක නැතිකිරීම හා දුක නැති කිරීමේ මාර්ගය හෙවත් මැදුම් පිළිවෙත පිළිබඳව දේශනා කළ සේක. එය අසා අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් බවට පත්විය.

ඊ.එම්. ගීතිකා අමන්දා,
11 ශ්‍රේණිය,
ශ්‍රී සුමංගල දහම් පාසල,
මූණමල්දෙනිය


ශ්‍රී මහා බෝධින් වහන්සේ

උඳුවප්පුර පසළොස්වක පොහෝ දින ධර්මාශෝක අධිරජාණන්ගේ දියණිය සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ තවත් උපසපන් භික්ෂුණීන් වහන්සේලා එකොළොස් නමක් ද සමඟ දඹකොළ පටුනෙන් ලක්දිවට ගොඩ බටහ. බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වන අවස්ථාවෙහි පිටදුන් ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් මෙරටට වැඩමවාගෙන එන ලදී. දඹකොළ පටුනෙහි දී එම ශාඛා බෝධින් වහන්සේ දෙවන පෑතිස් රජතුමා විසින් ගෞරවයෙන් පිළිගන්නා ලදී. පසුව අනුරාධපුරයට වැඩමවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේ උත්සවශ්‍රීයෙන් මහමෙවුනා උයනෙහි රෝපණය කරන ලද්දේ ය. ලෝකයේ පැරැණි වෘක්ෂය ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ බව පිළිගැනේ.

ස්වර්ණමාලි බාලිකා විදුහල,
චමත්කා නෙත්මිණි අබේසිංහ
මහනුවර.


සමගිව ජීවත්වෙමු

එක මවකගේ දරුවෝ යැයි සැලකෙන මේ රටේ
ජාති භේද නොතකා වැඩ කළොත් තමයි අගේ
එහෙත් කිමද මෙතරම් අසමගිකම් සොයුරනේ
ඉන් පෙනෙන්නෙ අනුවණකම පමණයි මිතුරනේ

මිනිස්කමේ අගය නො දන්නා කාලෙකි මෙය
වෛරය, තරහව, ඊර්ෂ්‍යා සිතිවිලි ගැවසෙන
තමන්ගේ දියුණුව සුවසෙත ගැන පමණක් සිත
එවන් සමාජයක කුමන සැනසීමක් වෙද

උදාර අතීතයක් ඇත අප හට උරුම වුණ
සැම ජාතීන් එකමුතුවෙන් දිවි ගෙව්ව
සාමය සතුට වෙනුවෙන් අත් බැඳ ගත්ත
සොඳුරු අතීතය අමතක නො කරන්න

සිත් රිදවීම් කා අතරත් ඇති වන්නේ
ජාති භේද ඒ තුළ ඇති කර නො ගන්නේ
සමගිය බලය කරගෙන මේ ලක් දෙරණේ
සහයෝගයෙන් වෙසෙමු සැම හැම දින තුටිනේ

කේ.ඒ. මෝක්ෂ චමුදි පෙරේරා
12 ශ්‍රේණිය,
ජය/ජනාධිපති බාලිකා විදුහල


හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා

ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලංකාවට පැමිණෙන්නේ 1880 මැයි 17 වැනිදා ය. එතුමාගේ අරමුණ වූයේ ‘සත්‍යයට වඩා උසස් ආගමක් නැත’ යන අර්ථ වූ පරම විඥානාර්ථ සමාගම ලංකාවේ පිහිටුවීමයි. එය ආරම්භ කරන ලද්දේ 1880 ජූනි 17 වැනිදා ය. සිරිලක ගිහි පැවිදි විශාල සංඛ්‍යාවක් මේ කටයුතු සඳහා සහභාගි වූහ.

ලක්දිව බෞද්ධ ආගම රැකගැනීම සඳහා විශාල මෙහෙයක් කළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි, අනගාරික ධර්මපාලතුමා මෙතුමාගේ සමකාලීනයෝ වෙති. මොවුන්ගේ ප්‍රධානම අරමුණ වූයේ ඉංගී‍්‍රසීන්ගේ යටත් විජිතයක් වූ අප රට බේරාගෙන බෞද්ධ ආගම ආරක්ෂා කිරීමයි. අතීතයේ දී ඉතා දුෂ්කර ප්‍රදේශ වූ අනුරාධපුරය, මහනුවර, කුරුණෑගල වැනි ප්‍රදේශවලට පැමිණ බුදුදහමේ වටිනාකම මිනිසුන්ට කියා දී ඔවුන් යහමඟට ගෙන ආගමානුකූලව ජීවත්වීමට ඉඩ සැලසී ය. මේ කාලය වන විට දරුවන් අධ්‍යාපනය හදාරන්නේ නම් සෑම බෞද්ධ දරුවෙක් ම අන්‍ය ආගම වැළඳගෙන ඉංගී‍්‍රසීන් ආරම්භ කළ පාසල්වලට ඇතුළත් විය යුතු ය. ඉංගී‍්‍රසීන් තම ආගම ප්‍රචාරය කරන හොඳම මාර්ගය ලෙස මිෂනාරී පාසල් ක්‍රමය මෙරටට හඳුන්වා දී තිබුණි. බෞද්ධ දරුවන්ට වන අසාධාරණය දුටු ඕල්කට්තුමා වසර විස්සක කාලය තුළ බෞද්ධ පාසල් 142 ක් මෙරට දී ආරම්භ කළේ ය. පිරිමි ළමුන් සඳහා කොළඹ ආනන්ද, ගාල්ල මහින්ද, මහනුවර ධර්මරාජ විද්‍යාලය ආදිය ද බ්ලැවැට්ස්කි හා මියුසියස් මැතිණියන් ගේ උදව් ආධාර උපකාර මත බෞද්ධ කාන්තා පාසල් වන කොළඹ විශාකා, මියුසියස්, ගාල්ල සංඝමිත්තා යන පාසල් ආරම්භ කළහ. වර්තමානයේ දී මෙම පාසල් බොහෝ ජනපි‍්‍රයත්වයට පත්ව ඇත. වෙසක් පුර පසළොස්වක පෝය දිනය රජයේ නිවාඩු දිනයක් කිරීම, බෞද්ධ පෙරහර පැවැත්වීම සඳහා ඉංගී‍්‍රසි පාලකයන්ගෙන් අවසර ලබා ගැනීමට ඕල්්කට්තුමාට හැකි විය.

“සරසවි සඳරැස” පුවත්පත ද, බුඩිස්ට් නම් ඉංගී‍්‍රසි සඟරාව ද “සම්බුද්ධ චරිතය” ආදී ග්‍රන්ථ කීපයක් ම එතුමා විසින් ලියා පළ කරන ලදී. මෙමඟින් බෞද්ධ ආගම ගැන මිනිසුන්ගේ සිත් තුළ නැවුම් ප්‍රබෝධයක් ඇති කළේ ය.

ලක්දිව බුදුදහමේ දියුණුව සඳහා බොහෝ සේ ඇප කැප වූ හෙන්රී ස්ටීල් ඕල්කට්තුමා අවුරුදු 75 ආයුවළඳා 1907 පෙබරවාරි 07 දින ඉන්දියාවේ දී අභාවප්‍රාප්ත විය.

ඉසුරු උත්පල විජේරත්න
6 ශ්‍රේණිය ඒ,
මධ්‍ය විද්‍යාලය, අනුරාධපුරය


බුදු දහමයි – පරිසරයයි

වෙසක් පොහෝ දින එළඹෙන්නේ
සිදුහත් කුමරා ඉපදෙන්නේ
සල් ගස මහ සෙවණක් වෙන්නේ
පරිසර මෑණිය වැජඹෙන්නේ

බෝසත් නිරිඳු බුද්ධත්වය පුරලනවා
සිරිමහ බෝ සමිඳු රැකවරණය දෙනවා
බුදුන් වහන්සේ පිරිනිවනට ළංවෙනවා
උපවර්තන සල් උයනෙහි සැතපෙනවා

මිහිඳු සමිඳු වැඩම කළේ ලක්දිවට
පළමු පාද තැබුවේ අඹ උයනකට
අඹ පැනයෙන් ඇරඹූ දම් පැතිරුමට
බුදු දහමයි පරිසරයයි බද්ධ කොට

ලසඳ ඔෂාන් විජයානන්ද,
13 ශ්‍රේණිය ,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය
බලන්ගොඩ
සාමාජික අංකය – 086


ලුම්බිණි සල්උයන

කිසාන් රන්සික අමරසිංහ,
5 වසර,
සිරි වජිරාරාමය, බම්බලපිටිය
 
මිහින්තලාව

සුරනි මධුෂිකා
සුවිශුද්ධාරාමය ,
වැල්ලවත්ත

සංස්කරණය -
නයනා නිල්මිණි