Print this Article


අධිසිල් ලබති

අධිසිල් ලබති

වීරහේනේගෙදර ශ්‍රී විජයසුන්දරාම රාජ මහා විහාරාධිපති ශ්‍රී සද්ධානන්ද පරිවේණාධ්‍යක්ෂ ශාස්ත්‍රවේදී ගන්තිරියාවේ විමල හිමියන්ගේ සහ තත් විහාරාධිකාරී හඳගනාවේ ධම්මාධාර හිමියන්ගේ ශිෂ්‍යයන් වන කෑගල්ල විද්‍යා මංගල මහ පිරිවෙන්හි උසස් අධ්‍යාපනයෙහි නියුතු වදුරැස්සපිටියේ විමලකිත්ති, මහසෙන්ගම විමලධම්ම යන සාමණේරයන් වහන්සේලා දෙනම ජූනි මස 27 දින මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිසිල්හි පිහිටවනු ලැබූහ.

උන්වහන්සේලා පිළිගැනීමේ පුණ්‍යෙීත්සවය 2018 ජූනි මස 29 දින වීරහේනේගෙදර ශ්‍රී සද්ධානන්ද පිරිවෙන් විහාරස්ථානයෙහි දී සිදු කෙරිණි. විමලකිත්ති පොඩි හාමුදුරුවන් වහන්සේ වදුරැස්සපිටිය පදිංචි ඩබ්ලිව්.ආර්.එම්. මහින්ද ජයසූරිය බණ්ඩාර මහතාගේ සහ එම්.ඩී. රේණුකා දමයන්ති මහත්මියගේ පුත්‍ර රත්නයකි. වැලිකන්ද මහසෙන්ගම පදිංචි ජේ.එම්.ඩී.පී.පී. ගුණසේකර මහතා හා ජේ.එම්.ඩි.පි.පී. හීන්මැණිකේ මහත්මිය යන දෙපළ විමලධම්ම පොඩිහාමුදුරුවන් වහන්සේගේ මව්පියෝ වෙති.