Print this Article


මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවෙන්...

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවෙන්...

 

(1) මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධු නාද මධ්‍යයේ (26) ආරම්භ කෙරිණි.

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ඓතිහාසික මිහින්තලා රජමහා විහාර මැදමළුවේ දී පසුගියදා (26) සවස අති උත්කර්ෂවත් අයුරින් එය පැවැත්වුණි. තෙදිනක් පුරා පැවැති ආලෝක පූජාවේ පළමු දින පුණ්‍ය උත්සවය උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ඇතුළු ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය හා ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ග්‍රේෂන් මුතුකුඩ ආරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගි වූහ. මෙවරද මෙම පුණ්‍ය උත්සවය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සම අනුග්‍රහය දැක්වූ අතර ඩයලොග් ආයතනය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මිහින්තලා ආලෝක භාරය බැතිබර දායකත්වය ලබා දෙනු ලැබීය.


 

2) පනස් හයවන වරටත් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධු නාද මැද පොසොන් පෝදා (27) පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙනි.

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ඓතිහාසික මිහින්තලා රජමහා විහාර මැදමළුවේ දී අති උත්කර්ෂවත් ලෙස ලේක්හවුස් ආලෝක පූජාවේ දෙවැනි දින වූ පසුගිය 27වනදා ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා පුදබිම ආලෝකවත් කළ අවස්ථාව

ආලෝක පූජාව දෙවන දිනයේ දී(27) විවෘත කිරීමෙන් අනතුරුව මිහින්තලා රජමහා විහාරයේ දී දන්සලක් විවෘත කිරීම හා සැදැහැවතුන් සඳහා දානය පිළිගැන්වීම ද අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

සමාජ සවිබල ගැන්වීමේ ඇමැති පී. හැරිසන්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය, කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානී බණ්ඩාර මහත්ම මහත්මීන් ප්‍රාදේශීය සභා නියෝජිතයන් , ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ඇතුළු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා සහ අධ්‍යක්ෂවරුන් වන දුෂ්‍යන්ත බස්නායක සහ උමා රාජමන්ත්‍රී, රේ අබේවර්ධන, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගි වූහ. 


3) තෙදිනක් පුරා පවත්වනු ලැබූ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය උත්සවය පසුගියදා (28) නිමාවට පත් විය. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාර මැදමළුවේ දී පොසොන් කමිටු සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක, උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සමන් බන්දුලසේන, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) ආලෝක පූජා පුණ්‍ය උත්සවය අති උත්කර්ෂවත් අයුරින් විවෘත කෙරිණි.

ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතාගේ උපදෙස් පරිදි එම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විශ්‍රාමික එයාර් වයිස් මාෂල් ලාල් පෙරේරා මහතා සහ ප්‍රචාරක හා මහජන සම්බන්ධතා කළමණාකාර ශාන්ත ජයමහ මහතා ඇතුළු නිලධාරීන් හා ලංකා විදුලි බල මණ්ඩලයේ උතුරු මැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ. එස්. අයි. කුමාර මහතා මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබිණි.

තෙදිනක් පුරා පැවැති මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ඉකුත්දා (26) ආරම්භව විසිඅට(28) දින අවසන් විය. මෙවරද එම පුණ්‍ය උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහය දක්වන ලද අතර ඩයලොග් ආයතනය හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය බැතිබර දායකත්වය සැපයී ය.

ඡායාරූප -
ශාන් රූපස්සර, හිරන්ත ගුණතිලක, අමිල ප්‍රභාත් වනසිංහ

බුදුසරණ කථික තරගයේ ජයග්‍රාහකයෝ

මිහින්තලා ලේක්හවුස් පුණ්‍ය උත්සවයට සමගාමීව පසුගියදා පැවැති බුදුසරණ කථික තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කිරීමද සිදු විය.