Print this Article


උපදේශාත්මක බණ කතා සාහිත්‍යය:  බුදු සිරිතෙන් දමනය වූ සිත්

බුදු සිරිතෙන් දමනය වූ සිත්

 

මෙම ලිපියෙහි කොටසක් ජූනි 20 වනදා පොසොන් පුර අටවක පොහෝදා පත්‍රයේ පළ විය.

භාග්‍යවතුන් වහන්සේ අමාවතුරෙන් ආළවක යක්ෂයා පැරදවූයේ ද , සිත මෙල්ල කර ගැනීම, සිත බාහිරට ගමන්කිරීමට අවස්ථාව නොදීම, නිසි අරමුණු කෙරෙහි ඇද බැඳ තබාගැනීම, ස්වකීය දමනයට යොමු කර ගැනීම යන කරුණු පරිවර්තනය වන සංසාරයේ කෙළවර කාහට සැප ගෙන නොදෙයි ද? සැප ගෙන දීම ය.

ඉතා නිරිභීත රජකු සිටියේ ය. අළව් රටේ සොර සතුරන් බිය ගැන්වීමටත් ,සතුරු රජවරුන්ගේ ආක්‍රමණ වැළැක්වීමටත් , ශාරීරික ව්‍යායාමයටත් එතුමා සතියකට වරක් පිරිස සමඟ මුව දඩයමේ යාම පුරුද්දක් කර ගත්තේ ය. සිය මිතුරන් සමඟ කැලයට දඩයමේ ගිය අවස්ථාෙවි දී තමාගේ ළඟින් ගිය මුවා විදීමට මුවා පසුපසම වේගයෙන් දිව ගියේ ය. මුවා ද යොදුන් තුනක් වේගයෙන් දිවගොස් ක්ලාන්ත වී ජලයකට බැස සිටියේ ය. මුවා දෙකඩ කොට කඳ බැඳගත් රජු තමාට ප්‍රයෝජනවත් නොවූව ද, පිරිසට ලබාදීම සඳහා රැගෙන යන අතර මඟ විෙවිකය සඳහා ඉතා විශාල නුග ගසක් ළඟ නැවතිණි.

ගස මුල සිටි ආළවක නම්, යක්ෂයා රජතුමා අල්වා ගන්නවාත් සමඟම බියගතිය සගවා නිර්භීත විලාසයෙන් තමා බිල්ලට නොගන්නා ලෙසත් , දිනපතා එක් මිනිසෙකු බැගින් බිල්ලට එවන බවත් කතිකාකොට ආපසු නුවරට ම ගියේ ය. රජු දුටු පිරිස ඉතා අස්වැසිල්ලක් ලබා සිදුවූ පුවත ඇසූහ. රජතුමා ද එම අවස්ථාවේ නගරගුත්තික නමැත්තා කැඳවා බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ගෙන් දිනකට එක් අයෙකු බැගින් යැවීමට ක්‍රියා කළේය. එම සිදුවීම රටපුරාම පැතිරගිය අතර ගස මුලට යන සෑම පුද්ගලයකුම අල කැබැල්ලක් කන්නා සේ යක්ෂයා විසින් කන ලදී .

පුද්ගලයන් අතිශයින්ම බියට පත්වූහ. බියට පත් මිනිසුන් සොරකම් නොකිරීම හේතුවෙන් අවසානයේ දී බන්ධනාගාර ද හිස් විය. රජු වස්තුව මහමග දැමුව ද, මිනිස්සු සොරකම් නො කළහ. යක්ෂයා මිනිසුන් කමින් ක්‍රියා කළ ආකාරය ගුරුළුගෝමී පඬිවරයා පොළොන්නරු අවධියේ දැක ඇති අයුරු සිත්ගන්නා අයුරින් අමාවතුරෙන් දක්වා ඇත. බන්ධනාගාරගත මිනිසුන් අවසන් වූ පසු පොඩි ළමුන් යැවීමට රජතුමා ක්‍රියා කළේය. මේ බව දත් වැඩිහිටියෝ ළමුන් ඈත පළාත්වලට ගොස් හදාවඩා ගෙන ඒමට පටන් ගත්හ. මෙසේ වර්ෂ දොළහක්ම ගත විය. අන්තිමට යක්ෂයා වෙත යැවීමට දරුවෝ ද නැති වූහ. රජතුමා යක්ෂයාට බිලිවීමට ක්‍රියා කිරීම අවසන් ඉරණම විය. අළව් රජුගේ පුත් යක්ෂයාට බිලිකිරීමට සුදුසු බවට ඇමැතිවරුන් විසින් රජුට යෝජනා කළහ. අළව් රජු එම අවස්ථාවේ තම දරුවාටත් වඩා තමාගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සුදුසු බවට ආත්මාර්ථයම සිතීය. අළව් කුමරු යක්ෂයාට යවා තමා ෙබිරීමට තරයේම සිතා ගත්තේ ය. අවසානයේ නොයෙක් දෙනා දරුදුකින් හඬාවැලපෙද්දී කිරිමව සමඟ කුමරු යැවීය. එම අවස්ථාව අතිශයින්ම ඛෙදජනකය. දරුවන් ඇති මව්වරුන් මෙන්ම දරුවන් නැති ස්ත්‍රීන්ටද ඇති වන්නේ වාවාගත නොහැකි දරු දුකකි. කනගාටුවකි. සොවින් බර ෙවිදනාකාරී අවස්ථාවකි. පරාර්ථය පිළිබඳව අංශමාත්‍රයකුදු නොතකා ආත්මාර්ථයම සිතා ක්‍රියාකළ පිය රජු පිළිබඳ ගුරුළුගෝමී පඬිවරයා විෙවිචනාත්මකව බලා ඇති ආකාරය සිත්ගන්නා සුළුය. මව්පියන් ,සහෝදර සහෝදරියන් ළඟින් ඇසුරු කරන කල්‍යාණ මිත්‍රයන් යැයි කියා ගන්නා පුද්ගලයන් පවා මෙසේ ආත්මාර්ථයටම පුරුදු වී ඇති ආකාරය වර්තමානයෙහි දී ද දැක ගත හැකිය. එකල ආත්මාර්ථයම පිණිස කටයුතු කළ පිරිස පිළිබඳව ගුරුළුගෝමී පඬිවරයා අමාවතුරෙහි දක්වා ඇති ආකාරය වර්තමානය තුළ ඔප්පු නොවන්නෙහි ද?