Print this Article


මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් පැවැති බුදුසරණ කථික තරගයේ ජයග්‍රාහකයෝ

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් පැවැති බුදුසරණ කථික තරගයේ ජයග්‍රාහකයෝ

අනුග්‍රහය ජාතික ඉතිරි කිරීමේ බැංකුව

මිහින්තලා -ලේක්හවුස් ආලෝක පුජාව 56 වන වසරටත් අඛන්ඩව මෙම පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වුණි. ඊට සමගාමිව සිදුකරන බුදුසරණ කථික තරගය ඉකුත් (17) රජරට විශ්වවිද්‍යාලයීය අමරදේව ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විජයවර්ධන මහතාගේ උපදෙස් පරිදි ශාස්ත්‍රපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බී. එම්. සෙනෙවිරත්න බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් එය පැවත්විය. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතාගේ උපදෙස් මත කථික තරගය බුදුසරණ පුවත්පත මෙහෙයවිමෙන් හා ජාතික ඉතිරි කිරිමේ බැංකුව අනුග්‍රහයෙන් පැවැත්විය.

ඒ අනුව උතුරුමැද පළාතේ පාසල් හා දහම් පාසල්වල ඉගෙනුම ලබන දූදරුවන්ගේ දැනුම වර්ධනය උදෙසා මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාවට සමගාමීව එම බුදුසරණ කථික තරගය වාර්ෂිකව සිදුකරයි.ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ යන අංශ දෙක යටතේ පවත්වන ලද එම කථික තරගයෙන් අංශ දෙකෙන් ම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් දස දෙනා(10)බැගින් තෝරා ගැනිණ.

ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් මෙසේය,

පළමු ස්ථානය එස්.එම් සයිනි සචීකා සෙනවිරත්න(අනුරාධපුර මධ්‍ය විද්‍යාලය), දෙවන ස්ථානය ආර්.එම් වරුණි හසන්තිකා රාජකරුණා (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය),තෙවන ස්ථානය බි.එච් තිලකරත්න(අ/ ශාන්ත ජෝශප් මහා විද්‍යාලය),සිව්වන ස්ථානය බි.එම් පියුමි ශ්‍යාමා බණ්ඩාරනායක(අ/දිපානි මහා විද්‍යාලය), පස්වන ස්ථානය ඩබ්ලිව්.ජේ ඉන්දිවරි මංජුලා, හයවන ස්ථානය ඩබ්ලිව්.එම් විහංගා පාරමි ජයරත්න(අනුරාධපුර මධ්‍ය විද්‍යාලය), හත්වන ස්ථාන දෙකක් හිමි කරගත් ජයග්‍රාහකයින් වන්නේ හෂිනි කාවින්ද්‍යා සෝමරත්න (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය) හා ටි.ටි තිලකරත්න(අ/ශාන්ත ජෝශප් මහා විද්‍යාලය),නව වන ස්ථානය ආර්.එම් ආශ්චර්යා නේත්‍රාංජලි(අ/ දිපානි මහා විද්‍යාලය), දසවන ස්ථාන දෙකක් වූ අතර කේ.අයි.එම් නිසංසලා මධුෂාණි සිසුවිය හා කේ.ඒ මලිත් තීක්ෂණ (අ/සිරි සුමංගල දහම් පාසල)යන සිසු සිසුවියන් ජයග්‍රහණය කරනු ලැබිය.

ජ්‍යෙෂ්ඨ අංශයේ විනිසුරු මණ්ඩලය ඩබ්ලිව්.එම්.ටි.බි විජේපාල(කථිකාචාර්ය, ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය),සි.ජි ජයනෙත්ති බණ්ඩාර(ගුරු උපදේශක),සි.යු විජේවික්‍රම(ශ්‍රි ලංකා ගුරු සේවය), එම්.එච්.ජේ.සි බුද්ධිරත්න (ශ්‍රි ලංකා ගුරු සේවය) යන මහත්ම මහත්මිහු කටයුතු කළහ.

කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහික ජයග්‍රාහිකාවන් මෙසේ ය,

පළමු ස්ථානය ජේ.දෙව්මි සංසලා (අ/සිරිසුමංගල දහම්පාසල), දෙවන ස්ථානය විශාකා රාජපක්ෂ(අ/මිහින්තලා මහා විද්‍යාලය),තෙවන ස්ථානය උදිත් මනුෂ කරුණාතිලක(අනුරාධපුර මධ්‍ය විද්‍යාලය) ,සිව්වන ස්ථානය දම්රුවනි ආශංසා මහවලගේ(අනුරාධපුර මධ්‍ය විද්‍යාලය), පස්වන ස්ථානය එස්.පි උමේෂා සෙව්වන්දි(අ/තම්මැන්නාව මහා විද්‍යාලය), හයවන ස්ථානය එච්.එම් කව්මිණි භාග්‍යා(අනුරාධපුර මධ්‍ය විද්‍යාලය), හත්වන ස්ථානය දිලින මල්ෂිත රත්නායක (අ/ගැමුණු දහම් පාසල),අටවන ස්ථානය බි.එස්.එම් නුවංගි නිර්මාණි (අනුරාධපුර මධ්‍ය විද්‍යාලය),නව වන ස්ථානය ජේ.ඒ සුනෙත් සංදිප(අ/ දිපානි මහා විද්‍යාලය), දසවන ස්ථානය යු.ආර් ඉසුරිකා ජයංගනි රංජිත් (අ/නිවත්තක චේතිය මහා විද්‍යාලය) සිසු සිසුවියෝ ජයග්‍රහණය කළහ.

කනිෂ්ඨ අංශයේ විනිසුරු මණ්ඩලය ලෙස කටයුතු කරනු ලැබුයේ එම්.ඒ ප්‍රසාද් කුමාර (කථිකාචාර්ය, ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය),අයි.ඒ වෛද්‍යරත්න (ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය),ඩි.ඒ.අයි.එම් ධර්මසිරි (ශ්‍රි ලංකා ගුරු සේවය),එම්.ඩි මදුරාවල(ශ්‍රි ලංකා ගුරු සේවය), එම්.ජි.අයි.එච්.කේ රත්නපාල (ශ්‍රි ලංකා ගුරු සේවය) යන මහත්ම මහත්මිහු කටයුතු කළහ.

මෙහිදි පළමු ස්ථානය සඳහා රුපියල් දස දහසක්(10000) හා කුසලාන හා සහතිකපත්, දෙවන ස්ථානය සඳහා රුපියල් හත්දහස් පන්සියයක්(7500) ද කුසලාන හා සහතිකපත් තුන්වන ස්ථානය සඳහා රුපියල් පන්දහසක්(5000)හා කුසලාන සමග සහතිකපත්, හතර වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රුපියල් දහස(1000)බැගින් හා සහතිකපත් ප්‍රධානය කෙරේ.

මේ අනුව ලේක්හවුස් බෞද්ධ සංගමය මගින් ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය සදහා ඩි.ආර් විජයවර්ධන සම්මානය ද, කණිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය සඳහා පියසේන නිශ්ශංක සම්මානයද පිරිනැමිමට කටයුතු යොදා ඇත.එම ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීම මෙම 28 දින පස්වරුවේ මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජා පුණ්‍ය උත්සවයේ දි සිදු කිරීමට කටයුතු යොදා තිබේ. රජරට විශ්වවිද්‍යාලයේ සමාජිය හා මානව ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෙනවිරත්න බණ්ඩාර ,බුදුසරණ පුවත්පතේ උපදේශක කර්තෘ සීසර් සුදුසිංහ,බුදුසරණ පුවත්පතේ කර්තෘ රමණි සුබසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු නිළධාරින් රැසකගේ සහභාගිත්වයෙන් එය සිදු කෙරිණ.


ජ්‍යෙෂ්ඨ අංශයේ සමූහ ඡායාරූපය


කනිෂ්ඨ අංශයේ සමුහ ඡායාරූප


තරගයට සහභාගී වූ සිසු දරුවන්ගෙන් කොටසක්