Print this Article


2325 වසරක බොදු උරුමය සුරකිමු

2325 වසරක බොදු උරුමය සුරකිමු

“වසර 2325 ක බොදු උරුමය සුරකිමු” යන තේමාව පෙරදැරිකරගත් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පොසොන් පොහෝදා වැඩසටහන් මෙවර අනුරාධපුරයේ මිහින්තලා පුදබිම මුල්කොටගෙන පැවැත්වේ.

අප රටේ බෞද්ධයාට හිමි විය යුතු අයිතිවාසිකම් හිමිකම් පිළිබදව නැවත සොයාබලා ක්‍රියා කිරීමේ ඉෂ්ඨ සිද්ධ කර ගැනීම වස් බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවක් මිහින්තලා පුද බිමේදී ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇත.

එමෙන්ම මිහින්තලා පුද බිමේදී රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු සම්පාදනය කර ඇත. එය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව සිදුකෙරේ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ අදහස්වලට අනුව එම පුණ්‍යකර්මයන් මෙම පොසොන් පොහෝදින මුල්කරගනිමින් සිදුකෙරෙනු ඇත.