Print this Article


ශාන්ති පදනමේ පිච්ච මල් පූජාව ජූලි 7 දා

ශාන්ති පදනමේ පිච්ච මල් පූජාව ජූලි 7 දා

කොළඹ, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනම වාර්ෂිකව අනුරාධපුරයේ දී පවත්වනු ලබන ජාතික පිච්චමල් පූජා පුණ්‍ය මහෝත්සවය මෙවරත් ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් ජූලි 7 දා සවස 2.00 ට පැවැත්වීමට තීරණය කොට ඇත.

1990 වසරේ ඉතා චාම් පින්කමක් ලෙස ආරම්භ කළ පිච්චමල් පූජාව මේ වන විට ජාතික මට්ටමේ පින්කමක් බවට පත් වී ඇති බවත් මේ සඳහා සහභාගිවන බැතිමතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවන බව ශාන්ති පදනමේ සභාපති කොටපොල අමරකිත්ති හිමියෝ පවසති. විශේෂ දුම්රිය, බස්රිය ආදී පහසුකම් යොදන අතර, පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා විශේෂ දන්සල්, ප්‍රථමාධාර ඒකක ආදියද පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.