Print this Article


උඩරට අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්මය

උඩරට අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්මය

2018 වසරේ උඩරට අමරපුර මහ නිකායේ උපසම්පදා විනය කර්මය ජූලි 14 වන සෙනසුරාදා පස්වරු 1.00 සිට චිරාගත සම්ප්‍රදායානුකූලව විදුරුපොළ ශ්‍රී සුමංගලාරාමස්ථ උපෝසථාගාරයේදී, ශාසනවංසාලංකාර සද්ධම්මභාණක සාහිත්‍යශූරි මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත නුවරඑළියේ ශ්‍රී චන්දජෝති මහා නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

උපසම්පදා අපේක්ෂකයින් උදෙසා ලිඛිත පරීක්ෂණය ජුලි 07 දින පෙරවරු 9.00 ට ගවරම්මාන ශ්‍රී පියතිස්ස පිරිවෙනේදී ධර්ම විනය පුහුණු පාඨමාලාව ජූලි 15,16 යන දිනවල දී ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ දීද පැවැත්වෙන අතර ඊට අදාළ විස්තර හා අයදුම්පත ලේඛකාධිකාරි ශ්‍රී විවේකාරාමය, මන්ත්‍රීතැන්න,රාගල, හල්ග්‍රන්ඔය” යන ලිපිනයට එවිය යුතු බව විනයවාදිනි කාරක සංඝ සභාවේ නියමය පරිදි ශාස්ත්‍ර විශාරද නිකපොත චන්ද්‍රජෝති නාහිමියෝ දන්වා සිටී.