Print this Article


අනුරාධපුරයේ ඓතිහාසික ලංකාරාමය

අනුරාධපුරයේ ඓතිහාසික ලංකාරාමය

අනුරාධරයේ ඓතිහාසික ලංකාරාමයෙහි සම්බුද්ධ මන්දිරයක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ. ලංකාරාමාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමියන් පවසා සිටින්නේ වර්ග අඩි 3000 කට ආසන්න ප්‍රමාණයක් වන එම සම්බුද්ධ මන්දිරයෙහි පදනම ඉදිකිරීම මේ වන විටත් සිදුකෙරෙමින් තිබෙන බවයි.

දස දෙසින් පැමිණෙන දේශීය හා විදේශීය බෞද්ධ සැදැහැවතුන්ගේ වන්දනාමාන කිරීමට බුද්ධ මන්දිරයක් නොපැවතීම නිසා එහි අඩුව විශාල වශයෙන් මෙම පූජනීය ස්ථානයට දැනුණි. එදා රජ දවස මෙහි බුද්ධ මන්දිරයක් පැවතුණ බවට නටබුන් පැවතුණත් එය කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත් වී ඇතැයි උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ ලබන වසරේ ජූනි මාසය වන විට මෙම සම්බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් නිම කිරීමට බලාපොරොත්තු වන බවයි. බුද්ධ මන්දිරයක් සාදා නිමකිරීමට දායකවීම අටමහා කුසලයකින් එකක් වන බැවින් සැදැහවතුන්ට එයට සහභාගීවීමට අවස්ථාව සලසා දීමට උන්වහන්සේ සභාපතිත්වය දරණ අනුරාධපුර ලංකාරාම විහාර පුණ්‍යධාර අරමුදල තීරණය කර ඇති බවයි.

අටමස්ථානයකින් එකක ඉදිකිරීමක් සිදු වන්නේ ඉතාමත් කලාතුරකින් නිසා මෙම සංවර්ධන කටයුත්තට සහභාගීවීමට කෙනෙකුට ලැබෙන්නේ ඉතා අල්ප අවස්ථාවක් යැයි ද උන්වහන්සේ පැවසූහ. උන්වහන්සේ පවසා සිටින්නේ අභ්‍යන්තර නිමාවද ඇතුළුව ඒකක වර්ග අඩියකට රුපියල් 7000කට ආසන්න මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කර ඇති බවයි.

මේ සඳහා පරිත්‍යාග කිරීමට කැමැති සැදැහැවතුන්ට දුරකථන අංක 025 2221884 හෝ 0777 855399 ඇමතුමක් දිය හැකි බවද කියයි.