Print this Article


සදහම් අරණ

 

පොසොන් පෝය

පොසොන් පොහොය අපට වැදගත් වන්නේ, මිහිඳු හිමියන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්ධසාල රහතන් වහන්සේලා සහ සුමන සාමණේර , පණ්ඩුක උපාසක යන පිරිස බුදුදහම රැගෙන අපේ රටට වැඩම කිරීම හේතුවෙනි. බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ බුදුදහම දඹදිව සිට රැගෙන මිහිඳු හිමියන් අපේ රටේ මිහින්තලාවට වැඩම කළ සේක. එම අසිරිමත් සිදුවීම සිහිපත් කරමින් පොසොන් පොහොය සමරනු ලැබේ.

අශෝක අධිරාජ්‍යයාගේ පුතණුවන් වූ මිහිඳු හිමියන් බුදුදහම රැගෙන වැඩම කළ මොහොත වන විට මෙරට රාජ්‍ය පාලකයා වූ දේවානම්පියතිස්ස රජු හතළිස් දහසක් පිරිවරාගෙන දඩයමේ නියැළුණහ. ඒ අවස්ථාවේ මිහිඳු හිමි, රජු සමඟ සංවාදයේ යෙදුණු අතර පසුව චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළහ. බෞද්ධයෙකු බවට පත් වූ රජු එම ධර්මය රට පුරා ව්‍යාප්ත කිරීමට ද කටයුතු කළේය.

****

පොසොන් උදාව

අනුබුදු මිහිඳු හිමි වැඩියා මේ පින්බිමට
අදවන් දවසක...
දෙසා දහම් සැනසුවා මුළු ලක්දිවම
මිහිඳු හිමිගේ දහම් පණිවුඩය
පැතිරුණා මුළු ලක්දිවම ...

පොසොන් සඳ උදාවිය
අහස් ගැබෙන්
මුළු රටම ආලෝකමත් කරමින්...
පොසොන් උදාවයි දහම් අමාවයි
පැතිරුණි දස අත...
මෙදා අපි සමරමු
බුදු බැතියෙන් ඒ දිනය ...

****

ධර්මය ලැබුණ දා

ධර්මාශෝක, රජතුමාගේ ගිහි කළපුතු වූ මිහිඳු මහරහතන් වහන්සේ එදා උතුම් වූ බුදුදහම රැගෙන අපේ රටේ අනුරාධපුරයේ මිහින්තලාවට පිරිසක් සමඟ වැඩම කළා. ඉන් පස්සේ මුලින් ම දේවානම්පියතිස්ස රජුට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළා. ඉන් පසුව අප රට පුරා ධර්මය ටිකෙන් ටික ව්‍යාප්ත වුණා.

****

පොසොන් පොහොය සමරමු

තිස්ස රජු සමඟ ආ සෙබළුන් පිරිස
මුවෙකු පසුපස පැන්නුවෙ දඩයම පිණිස
මිස්සක පර්වතය අසලින් දුවන විට
තිස්ස තිස්ස යනුවෙන් අමතා රජුට

රජුන් එවිට සෙව්වේ ඒ කවුද කියා
කහ සිවුරින් පර්වතයම දිස් වූවා
ඒත් සමඟ දුනු ඊතල බිම දැම්මා
ලක් දිවයින දම් දිවයින බව වූවා

****

පොසොන් සඳ

හෙළ දැයම එළිය කළ නව සඳක් උදා විය. මිහින්තලා උදාගිරින් උදා වූ ඒ නව පොසොන් සඳ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ යි. ඒ සුපුන් සඳින් විහිදුනු ධර්මාලෝකය ස්වභාවික සඳ එළියට නැතිකළ නොහැකි වූ අඳුර නැති කළේය. අනුබුදු මිහිඳු හිමි දිනෙන් දින වඩ වඩා දීප්තිමත් වෙමින් මුළු ලක්දිව ම ධර්මාලෝක යෙන් ඒකාලෝක කළහ.

මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව ධර්මාශෝක මහාධිරාජයාණන්ගේ හා වේදිස නගරයේ දේවී සිටු කුමරිගේ පුතණුවන් ය. සංඝමිත්තා තෙරණින්ගේ සොහොයුරා ය. අප ලංකාවට බුදුදහම ස්ථාපිත කළේ මිහිඳු මහරහතන් වහන්සේය. දෙවන පෑතිස් රාජ්‍ය සමයේ පොසොන් පොහෝදා මෙම අසිරිමත් සිදුවීම සිදු විය. මිහිඳු මහරහතන් වහන්සේ මෙහි දී සිදු කළ වැදගත්ම කාර්යය නම් බුදුසසුන ආරක්ෂා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට පැවරීම යි.

වසර විසිඅටක් පමණ මෙරට ශාසනය වෙනුවෙන් ම ඇප කැප වී කටයුතු කළ අනුබුදු හිමි උපතින් සැට වන වියෙහි පසුවෙද්දි දෙවන පෑතිස් රජුගෙන් පසු රජ පැමිණි උත්තිය රාජ්‍ය සමයෙහි පිරිනිවන් පා වදාළහ. මිහින්තලා උදාගිරෙන් ලක්දිවට පෑයු පොසොන් සඳ එසේ බැස ගියත් එයින් විහිදී ගිය ආලෝකය අද දක්වාත් පවති. මවුපියන්ගේ දැහැමි බලාපොරොත්තු ඉටුකර ගැනීමට උදව් කිරීම, තමා වෙත පැවරෙන කාර්යයන් නිවැරැදිව කිරීම, ඕනෑම වැඩක් මනා සැලැස්මකින් යුතුව කිරීම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපේ චරිතයට ගත හැකි ආදර්ශයයි.

****

පොසොන් සඳ උදාවිය

ගිලිහුණි හීය රජු දුන්නෙත් මුව වෙතට
නොමවිය පණිවා මුව දිවුමෙත් වන පෙතට
නවතිනු තිස්ස යැයි ඇමතුණි නිරිඳු හට
එය විය පොසොන් සඳ උදාව සිරිලකට

ඇසුවේ පැනය අඹ රුක මුල් කොට රජුගෙන්
දුන්නේ පමණ දැනගනු සඳහා විසඳුම්
දැනුනේ සුදුසු බව දෙසුමට සිරි සදහම්
වැපිරිය අමා දම් රස බුදු පුත් මිහිඳුන්

එය විය අවසානය ගස් ගල් වැඳුම
එය විය උතුම් ඇරඹුම බෝසිරි වැඳුම
එය විය දිනය සිරිලක බොදු බව පතළ
එය විය සිරිලකේ මොක් දොර විවර කළ

****

පොසොන් පෝය

“මහරජ:– ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අපි බෞද්ධ ශ්‍රමණයම්හ. ඔබට අනුකම්පා පිණිස ජම්බුද්දීපයෙන් මෙහි පැමිණි යම්හ.

බෞද්ධ ලංකාවක් ඇති කරනු සඳහා මෙයට අවුරුදු දෙදහස් දෙසිය සැත්තෑ වසරකට පෙර මිහිඳු මහා රහතන් වහන්සේ වදාළ ප්‍රථම වචනය යි. දිග්විජය අත්හල ධර්මාශෝක නරනාථයෝ ධර්ම විජය ආරම්භ කළහ. මිහිඳු මහා රහතන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ භික්ෂූන් වහන්සේ ධර්ම විජය පිළිබඳ පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තියේ දූතයන් වශයෙන් ලංකාවේ උතුරු මැද නිම්නයේ අනුරපුර මිස්සක පව්වට වැඩ වදාළහ. ජම්බුද්දීපයෙන් ලංකාවාසීන්ට අනුකම්පා පිණිස මෙහි වැඩම කළ මිහිඳු මහා රහතන් වහන්සේ කරණ කොට ගෙන ලංකා භූමියේ ඇති වුණු වෙනෙස සිහිපත් කිරීම පොසොන් දිනයේ කළ හැකි හොදම පොසොන් භාවනාව යි.

****

හඳපානේ මිහින්තලේ

කිරි බැබලෙන හඳපානේ අද වැනි දාක
‘අනු බුදුහිමි’ පතුරුවමින් හඬ තුර වීක
‘සුව ඇත් පිය උවමි’ සුතුර වදහළ සේක
ඒ උත්තම මිහින්තලා කන්දයි මේක

පහන් දහස් ගණන් තැනින් තැන දිලිසෙනවා
සඳුන්, කපුරු, කොකුම් සුවඳ දුම් පැතිරෙනවා
සමන්, ඉද්ද, අරලිය, නාමල් පිබිදෙනවා
පොසොන් දාට මිහින්තලෙන් රැස් විහිදෙනවා

මුව දඩයම් පිණිස ගියයි “තිස්ස” නිරින්දා
මිස්සක පව්වට වැඩියයි “මිහිඳු” යතින්දා
දෙදෙනා මුණ ගැස්සුවෙ මුව වෙසින් සුරින්දා
එදා පටන් ලක් මව දම් ඔටුණු පැළැන්දා

****

මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම

මහදිවුල්වැවේ දීපානන්ද හිමි
ශ්‍රී සුමනකීර්ති මහා පිරිවෙන
ගම්පහ