Print this Article


අධි සිල් ලබති

අධි සිල් ලබති

රාජකීය පණ්ඩිත මිහිඳුපුර සුජීව හිමි

ශාස්ත්‍රාචාර්ය බෙරපලනාතර පියතිස්ස හිමි

තලාවේ සුමනරතන හිමි

පරවාහැර මෛත්‍රී මූර්ති හිමි

කළුන්දෑවේ විනීත හිමි

අත්තනගල්ල රජමහා විහාරාධිපති මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිව් කොරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍ය ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන්ගේ සහ තත් විහාරවාසී ශාස්ත්‍රචාර්ය කඹුරාගොල්ලේ නන්ද හිමි, මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමි, ශාස්ත්‍රපති කුරුවලානේ සීවලී හිමි, අලවල සමිත හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය හිමිවරුන් වන රාජකීය පණ්ඩිත මිහිඳුපුර සුජීව හිමි, ශාස්ත්‍රාචාර්ය බෙරපලනාතර පියතිස්ස හිමි තලාවේ සුමනරතන හිමි පරවාහැර මෛත්‍රී මූර්ති හිමි, කළුන්දෑවේ විනීත හිමි යන සාමණේරයන් වහන්සේලා මෙම 24 වන දා මහනුවර ඓතිහාසික මංගල උපෝසථාගාරයේ දී අධිසිල් ලබති.

අම්පාර, මිහිඳුපුර, විදුලි බලාගාරය ඉදිරිපිට අංක ඊ -6 යන ලිපිනයේ පදිංචි ඒ.ජී.ඩී. ප්‍රේමසිංහ සහ සුමනා කරුණාරත්න දම්පතීන්ගේ පුත්‍රරත්නය වන රාජකීය පණ්ඩිත මිහිඳුපුර සුජීව හිමියන් ද උඩුමුල්ල වත්ත බෙරලපනාතර පදිංචිව සිට පරලොව සැපත් දොන් බස්තියන් හතරසිංහ සහ කේ.ජී. තිනෝහාමි යන දම්පතීන්ගේ පුත්‍රරත්නය වන විශ්‍රාමලත් විදුහල්පති, ශාස්ත්‍රාචාර්ය බෙරලපනාතර පියතිස්ස හිමියන්ද, ගම්මාන අංක 2, ගම්බිරිස්ගස්වැව පාර, තලාව ඩබ්.ඒ. රංජිත් ශාන්තපි‍්‍රය සහ එන්.ආර්. ශිරාණි දම්පතින්ගේ පුත්‍ර රත්නය වන තලාවේ සුමනරතන හිමියන් ද මාතර, ගොඩගම පදිංචි නන්දසේන ගුණවර්ධන සහ සුජාතා රණවීර දම්පතීන්ගේ පුත්‍රරත්නය වන පරවාහර මෛත්‍රී මූර්ති හිමියන් සහ දඹුල්ල, කළුන්දෑව, අලුත්ගම පදිංචි ඩබ්.ජී. කරුණාරත්න සහ පී.ජී. මල්කාන්ති කුමාර දම්පතීන්ගේ පුත්‍රරත්නය වන කළුන්දෑවේ විනීත හිමියෝ අධිසිල් ලබති.

****

කඩුගන්නාව කදංගම ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරාධිපති මල්වතු මහා විහාර පාර්ශ්වයේ යටිනුවර ප්‍රධාන සංඝනායක, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති ආරණ්‍යවංශික සංඝකීර්ති ශ්‍රී සරණංකර සීලානන්ද ධම්මරක්ඛිතාභිධාන ශාස්ත්‍රපති ඕවල සෝරත නාහිමියන්ගේ ශිෂ්‍ය කළුගඟේ ගුණානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ ජුනි මස 23 වෙනි සෙනසුරාදා මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදාශීලයෙහි පිහිටුවනු ඇත. මාතලේ ලග්ගල පල්ලේසියපත්තුවේ හත්තොට අමුණදාස්ගිරිය පදිංචි හේරත්මුදියන්සේලාගේ ජයසිංහ බණ්ඩා සහ අලුත්ගෙදර පළිඟු මැණිකා යන දෙපළගේ පුත්‍රරත්නයක් වන උපසම්පදාව ලැබූ කළුගඟේ ගුණානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ ජුනි 24 වෙනි දින සවස 3.15 ට පිළිගැනීමේ උත්සවයක් කඩුගන්නාව කදංගම ඉල්ලදොර පුරාණ පොත්ගුල්විහාරයේදී පැවැත්වේ.
කේ. බණ්ඩාරනායක