Print this Article


මිහින්තලා පුදබිමේ වාර්ෂික සති පිරිත් දේශනාව

මිහින්තලා පුදබිමේ වාර්ෂික සති පිරිත් දේශනාව

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය මෙම ජුනි 26, 27, 28 දිනවලදී මිහින්තලා පුදබිමේ දී පැවැත්වීම නිමිත්තෙන් මිහින්තලා පුදබිමේ වාර්ෂික සති පිරිත් දේශනාව ජුනි 17 වන දා ආරම්භ විය.

මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් එම සති පිරිත් දේශනාව මෙම 24 වන දා දක්වා පැවැත්වේ. මිහින්තලා වාර්ෂික පින්කමට අදාළ යටිතල පහසුකම් සියල්ල මේ වන විට සූදානම් කර ඇතැයි ද විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් සිදුකෙරේ.