Print this Article


අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මා හිමි ප්‍රතිමා වහන්සේ ඓතිහාසික මිහින්තලා පුදබිමට වැඩම වූ වගයි

අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මා හිමි ප්‍රතිමා වහන්සේ ඓතිහාසික මිහින්තලා පුදබිමට වැඩම වූ වගයි

අසිරිමත් සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ මිහින්තලා පුදබිම වෙත වැඩම කළ තුන් දින රිය පෙරහර ඉකුත් 6 වනදා මහසඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයෙහි ආරම්භ කෙරිණි.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනයෙන් වසර 2325 ක් සපිරීමත් මිහින්තලා ලේක්හවුස් වාර්ෂික ආලෝක පූජාව 56 වන වරටත් පැවැත්වීමත් නිමිත්තෙන් එම රිය පෙරහර පැවැත්විණි.

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ලේක්හවුස් සේවක සේවිකාවන්ගේ පූර්ණ දායකත්වයෙන් ලේක්හවුස් බෞද්ධ සංගමයේද සහායෙන් එම සම්බුදු සිරිපා අනුරුව නිර්මාණය කර පෙරහරෙන් වැඩම කරවීය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ ජනක එදිරිසිංහ මහතා ඇතුළු පවුලේ ඤාති මිත්‍රාදීන් විසින් නිර්මාණය කර රිය පෙරහර මගින් වැඩම කරවන ලදී.

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ උදෙසා ලේක්හවුස් මන්දිරය අබියසදී මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ප්‍රධාන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පූජනීය මහ සඟරුවන විසින් සෙත්පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ප්‍රධාන කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා ඇතුළු සාමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා සහ ලේක්හවුස් සේවක සේවිකාවන් විසින් පූජෝපහාර දැක්වූහ.

අනතුරුව කැලණි රජමහා විහාරයේදී විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද ආගමික වතාවත් පවත්වා පසුව කිරිබත්ගොඩ ශී‍්‍ර සුදර්ශනාරාමාධිපති කථිකාචාර්ය මාකොල මංගල හිමියන්ගේ අනුශාසනයෙන් කිරිබත්ගොඩදී ද කඩවත ශී‍්‍ර බිම්බාරමායේදී හූරියගස්වැව සද්ධාවාස හිමියන්ගේ අනුශාසකත්වයෙන්ද පහළ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රී මහා විහාරයේදී තෝරපිටියේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද ගම්පහ ජාත්‍යන්තර සාම විහාරයේදී තලංගල්ලේ සෝමසිරි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්ද තුම්මෝදර සමිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් ගම්පහ මැදගම විහාරස්ථානයේදී ද අමිතිරිගල රතනවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි බණ්ඩාරවත්ත ඉඳිගොල්ල විද්‍යාවංශ පිරිවෙනේදී ද, එදින රාත්‍රී 7.30 සිට පසුදා (07) පෙරවරු 8 දක්වා යක්කල වීදියවත්ත අරඹේගොඩැල්ල ශලීල දස්සනාරාමයේදි ගවරවෙල ගුණරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්ද ආගමික වතාවත් සිදු කෙරිණි. එදින රාත්‍රි 8.30 ට අසිරිමත් සම්බුදු සිරිපතුල පිළිබඳ ධර්ම සාකච්ඡාවක් මාතර මහින්ද හිමියන් විසින් පවත්වනු ලැබීය.

7 වනදා පෙරවරු 8.30 ට උණවටුනේ සුමන නාහිමියන්ගේ අනුශාසනා පරිදි නිට්ටඹුව නාපාගොඩ ශ්‍රී බෝධිමාලාකාරාම පුරාණ ත්‍රිපිටකෝදය මහ පිරිවෙනේදී ද, සීතාඑළියේ චන්දානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මීරිගම ශාසනවර්ධන පිරිවෙනේදී ද, වයඹ දිසාවේ ප්‍රධාන සංඝනායක මිරිහානේ ධම්මපාල නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගිරිඋල්ල මැද්දේපොල රාජමහා විහාරය (මැද්දේපොල ශී‍්‍ර බෝධිරාජාරාමයේදී ද) නාරංගල සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි දඹදෙණිය රාජමහා විහාරයේදී ද, දඹදෙණිය විවිධසේවා සමූපකාර සමිතිය අබියසදී ද, බූලිපිටිගම නන්දසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි කුරුණෑගල බමුණාවෙල පුරාණ ගල්ලෙන් රජ මහා විහාරයේදී ද, එදින පස්වරු 6 සිට පසුදා (8) පෙරවරු 8 දක්වා කුරුණෑගල ඉන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි කුරුණෑගල කොහිලපොකුණ විහාරයේදී ද, ආගමික වතාවත් සිදු කෙරිණි. 7 වනදා රාත්‍රී 7 ට උඩුදුම්බර සෝභිත හිමියන්ගේ දහම් දෙසුමක් එම කොහිලපොකුණ විහාරයේ දී පැවැත්විණි.

8 වනදා පෙරවරු 8.30 ට කඩිහාරේ පේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාරියපොල නගරයේදී ද, දේවමැදිහත්පත්තුවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් විදුහල්පති කටුමුළුවේ සුමනරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පාදෙණිය පුරාණ විහාරයේදීද දවල් 11 ට නිට්ටඹුවේ ධම්මාරාම හිමියන්ගේ අනුශාසනා පරිදි අඹන්පොල උඩංගොඩ ශී‍්‍ර බෝධිරාජාරාමයේදී ද, අනතුරුව සුමන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මැදගම මහගල්කඩවල ත්‍රිපිටක ධර්මායතන පිරිවෙනේදී ද, පස්වරු 3.30 නිකුල සුමනතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි තලාව ශ්‍රී අරහන්න මහා තලාකවාපි පුරාණ විහාරයේදී ද, කලාඔය තඹුත්තේගම ශ්‍රී ගංගාරාම බෞද්ධ මධ්‍යස්ථානයේදී පදියතලාවේ සීවලි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ද ආගමික වතාවත් සිදුකර අනතුරුව පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි රුවන්වැලි මහ සෑ රදුන්ගේ ද, අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ද ආශිර්වාද ලැබූහ. අභය අමරදාස මහතා ඇතුළු පවුලේ ඥාතීන්ගේ සැදැහැති දායකත්වයෙන් ධර්මදානය පතා සැදැහැවතුන් වෙත දෛනිකව පරිශීලනය කළ හැකි පිරිත් පොත්ද ඒ ඒ විහාරස්ථානයන්හි දී පිරිනැමූහ.

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව ගුවනින් මිහින්තලා පුදබිමේ උඩමළුවට වැඩම කළ අයුරු පොසොන් පෝදා පත්‍රයෙන්..