Print this Article


මධ්‍යම පරිසර අධිකාරියේ අභිනව බුදු මැඳුර උත්සවාකාරයෙන් විවෘත කෙරේ

මධ්‍යම පරිසර අධිකාරියේ අභිනව බුදු මැඳුර උත්සවාකාරයෙන් විවෘත කෙරේ

බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ, අංක 104 හි පිහිටි “පරිසර පියස” වන, මධ්‍යම පරිසර අධීකාරියේ ප්‍රධාන කාර්යල පරිශ්‍රයේ දී ඉදිකරන ලද, අභිනව බුදුමැඳුර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ හා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මැයි මස 28 වන දා උදෑසන විවෘත කරන ලදී. සේවක මහත්ම මහත්මීන් 450ක් පමණ දිනපතා සේවය කරන ප්‍රධාන කාර්යාලය වෙත දෛනිකව සිය ගණනක් ජනතාව, සිය සේවා අවශ්‍යතා සඳහා පැමිණීම සිදුවේ. මෙලෙස ආයතනය වෙත දෛනික ව පැමිණෙන දෙපාර්ශ්වය සඳහා අධ්‍යාත්මික පසුබිමක කටයුතු කිරීම වෙනුවෙන් අභිනව බුදු මැඳුර ඉදිකිරීමට ආයතනයේ ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලය පියවර ගන්නා ලදී.