Print this Article


සදහම් අරණ

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

301. නාරංපනාව නාලන්දා මූලික පිරිවෙනේ,
03 ශ්‍රේණියේ,
පල්ලේවත්තේ ඤාණානන්ද හිමි.

302. කතරගම ශ්‍රී බෝධිලංකාර පිරිවෙනේ,
03 ශ්‍රේණියේ
නාකුඹුරේ කස්සප හිමි,

303. කතරගම ශ්‍රී බෝධිලංකාර මූලික පිරිවෙනේ,
04 ශ්‍රේණියේ
නුගේගලයායේ මංගල හිමි.

304. ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනයේ,
1 ශ්‍රේණියේ
නිට්ටඹුවේ අමරකීර්ති හිමි.

305. කඩිගමුව ශ්‍රී රාහුල දහම් පාසලේ,
5 ශ්‍රේණියේ
ආර්.එම්. හංසිකා රණසිංහ

306. බුත්පිටිය ශ්‍රී සුමන දහම් පාසලේ
08 ශ්‍රේණියේ
ආර්.ඒ. දිසානි අනුරාධා

307. නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යාලයේ,
11 ශ්‍රේණියේ
කේ. දුමිඳු ලක්ෂාන් කුමාරසිංහ,

308. මහරගම ගැමුණු දහම් පාසලේ,
10 ශ්‍රේණියේ
නෙත්මි මහීෂා,

309. තුල්හිරිය ශ්‍රී පුණ්‍යවර්ධන දහම් පාසලේ
09 ශ්‍රේණියේ
කේ.එම්. චමුදි ප්‍රාර්ථනා.

310. බෝයගොඩ ශ්‍රී ධර්මාශෝක දහම් පාසලේ,
11 ශ්‍රේණියේ,
යූ.ජී. නෙත්මි කාවින්ද්‍යා ජයතිලක.

****

ශ්‍රී මහා බෝධින් වහන්සේ

ලොව්තුරා බුද්ධත්වයට පත්වීමට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට උපකාර කළ වෘක්ෂය ඇසතු වෘක්ෂයයි. එය පසුකලෙක ශ්‍රී මහා බෝධින් වහන්සේ නමින් ප්‍රසිද්ධ විය.අනුරාධපුර මහමෙව්නා උයනෙහි රෝපණය කර ඇත්තේ එහි දක්ෂිණ ශාඛාවයි. මිහිඳු මහරහතන් වහන්සේගේ සොහොයුරිය වු සංඝමිත්තා රහත් තෙරණිය විසින් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලදුව දේවානම්පියතිස්ස රජතුමා විසින් රෝපණය කරන ලදී. සියලු දෙව් මිනිසුන්ගේ පවා වන්දනාමානයට පාත්‍රව ඇති ශී‍්‍ර මහාබෝධීන් වහන්සේ විවිධ සතුරු ආක්‍රමණවලට පවා විනාශ කිරීමට නෙ හැකි විය.ජීවමාන බුදුන්වහන්සේ හා සමානව වැඩසිටින මෙම අනගි දායාදය ලොව ඉපැරණිම වෘක්ෂ අතර අග්‍රස්ථානය ගෙන ඇත. ශ්‍රී මහා බෝධින් වහන්සේ අපේ සම්බුදු සසුන බබළවන වටිනා වස්තුවකි. එය අපට අභිමානයකි.

****

යහපත් දරුවෙකු වන්න...

දිවිමඟ සරුමඟ කෙරුමට
නිති යහපත වැඩ කොට
අලසබව දුරු කොට
කියන්නේ මේ ඔබේ යහපතට

තෙල්ගාලා හිස පීරා ගන්නේ
සංවර ඇඳුමින් සැරසී එන්නේ
අවශ්‍ය දේවල් කතා කරන්නේ
සිල්වත් බවකින් ගමනේ යන්නේ

සංවර ලෙසකින් පාසල් යනවා
ගුරු ඔවදන් නිති කීකරු වෙනවා
කළ කෝලාහල ඉවත් කරනවා
කුසලින් සැම සිත දිනා ගන්නවා

****

අටලෝ දහමින් කම්පා නොවෙමු

සම්පත්තියේ දී උදම් වීමත්, විපතේ දී කම්පා වීමත් සමාජයේ දක්නට හැකි පොදු ලක්ෂණයකි. තුන් ලොවට ම ශ්‍රේෂ්ඨ අප තථාගතයන් වහන්සේ උතුම් බුද්ධත්වයේ සිට පිරිනිවීම තෙක් වූ පන්සාළිස් වස පුරාවටම මේ කරුණෙහිලා මැදහත් ව සම සිතින් ලෝ වැඩ සැලසූහ. අටලෝ දහම ලෝ සත වෙත පොදු වූ ධර්මතාවයකි. බුදුන් වහන්සේට ද එය එසේම ය. එහෙත් ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක සැප යන මේ අටලෝ දහමෙහිලා කිසි විටෙකත් කම්පා නොවී සිටීම බුදුරජාණන් වහන්සේ තුළ තිබූ ශ්‍රේෂ්ඨ ගුණයකි. එය තාදී ගුණය නම් වේ.

උපන්නා වූ ලොව කිසිවෙක් මෙම අටලෝ දහමේ සුභ හෝ අසුභ පක්ෂයට ම පමණක් භාජනය වූවෝ නොවෙති. ‘නත්ථි ලෝකේ අනින්දිතෝ’ නින්දා නො ලැබුවෙක් ලොව නැත. එසේම ප්‍රශංසා ම ලැබුවෙක් ද නැත. ලාභ අලාභාදී අටලෝ දහමේ අනික් අංගයන් ද මිනිසාට බල පවත්වනු ඇත. ඒ අනුව බුද්ධ චරිතය අධ්‍යයනය කිරීමේ දී බුදුන් වහන්සේ ද මෙකී ධර්මතාවයන්ට සම සිතින් මුහුණ දුන් අයුරු ප්‍රකට වේ.

නව අරහාදී බුදු ගුණයන්ගෙන් හා මහා කරුණාවෙන් යුතු බුදුරදුන් පිළිබඳ යසය, කීර්තිය ගම් නියම් ගම් සිසාරා පැතිර යද්දී දෙව් මිනිසුන් ගේ පූජනීයත්වයට පාත්‍ර වූ බුදුපියාණෝ එලෙසින් ම අන්‍ය තීර්ථකයින් විසින් කළ නින්දා අපහාසයනට ද සම සේ මුහුණ දුන්හ. තවත් විටෙක ඉතා වටිනා සිවුරු හැඳ පෙර වූ උන්වහන්සේ මළ සිරුරු ඔතා විසි කළ පාංශුකූලික වස්ත්‍රයෙන් නිම වූ චීවර ද පෙරවූහ.

අනේපිඩු සිටු, බිමිබිසාර රජු, කොසොල් රජු, විශාකා සිටු දේවිය ආදීන්ගෙන් ලැබූ සිව්පසය යම් සේ පිළිගන්නේ ද එසේම පිඬු සිඟා ගිය බුදු හිමි දුගී පැල්පතේ කටුක අහරින් ද තමන් වහන්සේගේ් කුසගිනි නිවා ගත්හ. තවත් විටෙක පූර්වාරාමය, ජේතවනාරාමය වැනි සුව පහසු ආරාමයන් හී වැඩ සිටි උන්වහන්සේ රුක් මුල් ආදී වන ගොමු වල ද සුවසේ වැඩ සිටියේ මෘදු වූ සිතිනි. මෙ පමණක් වූ සුළු කරුණු කිහිපයකින් පමණක් නොව පුරා වසර හතළිස් පහක් පුරාවට බුදුන් වහන්සේගේ ජීවිතය ගැන නුවණින් සලකන විට පැහැදිලිව පෙනී යනුයේ උන්වහන්සේ ද සෑම මොහොතක ම අටලෝ දහමින් කම්පා නොවී කටයුතු කළ බව යි. එම විශිෂ්ට ලක්ෂණය නම් තාදී ගුණය යි.

****

ගමයි පන්සලයි

“ගමයි පන්සලයි, වැවයි දාගැබයි” කේන්ද්‍ර කොටගත් ධාර්මික ශිෂ්ටාචාරයක් අතීතයේ සිට ලංකාවේ පැවතුණි. එකල රජ දරුවන් එක සිතින්ම ප්‍රාර්ථනා කළේ එය ඉදිරියටත් පැවතේවා යන්න යි. ඈත අතීතයේ දී වැව හා ගම යන සංකල්පය ඉතා තදින් සිතට ගෙන සිටි අපේ මුතුන් මිත්තෝ කෘෂිකාර්මික ජීවන රටාවත්, බෞද්ධාගමික සංකල්පය මත ක්‍රියාත්මක වූ දැහැමි දිවි පෙවතත් ආරක්ෂා කරගෙන කටයුතු කර ගැනීමට උනන්දු වූහ. විහාරයෙන් තොර වූ ගිහියෙක් ද, කෘෂිකර්මාන්තයෙන් තොර වූ ගැමියෙක් ද, නො සිටි අතර ඔවුන් ඉතා හොඳ දිවි පෙවතක් ගෙවා ඇත.

සිය ධනය උපයන ක්‍රියා මාර්ගයන් ඉතා ධර්මානුකූල ලෙස සිදු කළ මොවුහු දිවිහිමියෙන් ම ආගම, දහම සුරැකීමට කටයුතු කළහ. වස විසෙන් තොර ආහාර, පරෝපකාරය වැනි උසස් ගුණාංග ඔවුන් තුළ තිබුණු අතර, අවිහිංසාව ඔවුන්ගේ ප්‍රබලම ධනය විය. ඇළට, දොළට, ගහට කොළට, සතා සිවුපාවාට ආදරය කළ, කරුණාව මෛත්‍රිය පෙන්වූ ඒ මිනිසුන් සැබෑම ගුණවත් අය විය.

බුදුන් වහන්සේ වදාළ ලෙස දැහැමි දිවි පෙවෙතක් ගත කළ පැරැණි ගැමියා සෞන්දර්යය, කලාව වැනි දේට ද, මූලිකත්වය දී තිබේ. එනිසාම කාර්ය බහුලතාවයෙන් තොරව ලද දෙයින් සතුටු වන, හැකි උපරිම අයුරින් පරාර්ථ සේවයෙහි යෙදෙන, ඉතා ඉක්මනින් නිවන් දැකීමට හේතුවන කරුණු ක්‍රියාවට නැංවීම ඔවුන්ගේ ඉහළම බලාපොරොත්තුව විය. අපාය සහ දෙව්ලොව පිළිබඳව දැඩිව විශ්වාස කළ ඔවුහු අපායට නොයා දෙව්ලොව යෑමේ බලාපොරොත්තුවෙන් ඉතා ගුණ යහපත් ලෙස ජීවිත ගත කළහ. මේ නිසා වැවයි, දාගැබයි, ගමයි පන්සලයි යන සංකල්පය ඉතා හොඳින් ක්‍රියාත්මක විය.

****

මුගලන් මහ රහතන් වහන්සේ