Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කමෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කමෙන්

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජාව මෙවරත් අධි පොසොන් පොහෝදා (29) පස්වරුවේ මිහින්තලා පුද බිමේදී සිදු කෙරිණි.

මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාමය පින්කම මෙවරද පැවැත්විය. මිහින්තලා පුදබිමේදී මැද මළුවෙහි සිට පෙරහරින් සාධු නාද මධ්‍යයේ කංචුක පූජාව වැඩමවාගෙන යාමෙන් අනතුරුව මිහින්තලා මහා සෑ චෛත්‍යරාජයාණන් වෙත පුජා කිරීම සිදු විය.

අනතුරුව මිහින්තලා රජමහා විහාරවාසී වෙරුප්පන්කුලමේ පියරතන හිමියන් හා ගෝනාපීනුවල චන්දානන්ද හිමියන් ආගමික වතාවත් සිදුකළහ. මෙවර එම පින්කමේ දායකත්වය දරනු ලැබුයේ කිරිවැල්දොල පියනන්ද නාහිමියන්ගේ 62 වන ජන්ම සමරු පින්කමට සමගාමීව වැල්ලවත්ත පියනන්ද සමාජසේවා පදනමය.එහි ලේකම් ගෝනාපීනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් කඳුබොඩ දෙල්ගොඩ ශ්‍රී ජයනාථ , දුමින්ද රණතුංග ,මංජුලද සිල්වා, සුනන්ද ගුණවර්ධන, කේ.එම්. ශ්‍යාමලී , භද්‍ර මෑණියෝ ,රුවන් ධනුෂ්ක ගුණවර්ධන, කාන්ත ජයසිංහ ,සුදත් රෝහණ කරුණාතිලක ,යසවතී ,හීන්බණ්ඩා,මෙරිල් පතිරණ ,තිලක් රෝහණ, අජිත් රෝහණ, දිනේෂ් බෙන්තරගේ යන මහත්ම මහත්මීන්ගේ අනුග්‍රාහකත්වයෙන් මෙය සිදු කෙරිණ.

එම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ සුබසාධන සහකාර කළමණාකාර සමින්ද විජේතුංග, ලේක්හවුස් බෞද්ධ සංගමයේ ලේකම් පි‍්‍රයන්ත කුමුදුසිරි, එහි භාණ්ඩාගාරික පි‍්‍රයන්ත විජේසූරිය යන මහත්වරු ඇතුළු සිවිල් ආරක්ෂක අංශ නිළධාරිහුද සහභාගි වූහ.