Print this Article


සදහම් අරණ

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

291. වැලිගම – ශ්‍රී ජයවර්ධනාරාමයේ
අවසාන ශ්‍රේණියේ
එම්.එච්.චන්දුලා දිමේෂිකා

292. කෑගල්ල – බණ්ඩාරනායක මහ විදුහලේ
6 වසරේ,
ජේ.ඒ.ඩී. ටී.ජයසූරිය

293. මහනුවර –අරුප්පල ශ්‍රී සුමන දහම් පාසලේ
9 ශ්‍රේණියේ
සඳුනි ඉමල්ෂා

294. ගෝනවිල – සඳකිරණ දහම් පාසලේ
7 ශ්‍රේණියේ
වයි. සරසි ජයමිණි

295. ගෝනපල – සඳකිරණ දහම් පාසලේ
1 ශ්‍රේණියේ
වයි. හංසිකා ප්‍රසංකනී

296. ගාල්ල – යටගල මහ විදුහලේ
12 ශ්‍රේණියේ
එම්.එච්. හිරුණි ශෂිපබා

297. මිහින්තලේ රතනසාර දහම්පාසලේ
6 ශ්‍රේණියේ
ඉසුරු අනුහස් සිරිසේන

298. මිහින්තලේ – රතනසාර දහම් පාසලේ
6 ශ්‍රේණියේ
අරුණි ඉමාෂා සිරිසේන

299. බටගොඩ ශ්‍රී විසුද්ධානන්ද දහම් පාසලේ
04 ශ්‍රේණියේ
ආර්.පී. රන්දිලු මෙන්ඩිස් රාජකරුණා

300. ගොකරැල්ල මධ්‍ය මහ විදුහලේ
06 ශ්‍රේණියේ
එස්. පූර්ණිමා කල්‍යාණි සමරවික්‍රම

****

දුටුගැමුණු රජතුමා

දුටුගැමුණු රජුගේ පියා කාවන්තිස්ස රජතුමා ය. මව විහාරමහා දේවියයි. දුටුගැමුණු රජතුමා බුද්ධ ශාසනයේ දියුණුවට ඉමහත් සේවයක් කර ඇති අතර රුවන්වැලි මහා සෑය ඉදිකරවීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ ය. මිරිසවැටිය මහා සෑය ඉදිකිරීමට ද මෙතුමා දායක වී ඇති බව කියැවේ.

මෙතුමා ඉතා විශිෂ්ඨ ධාර්මික රජෙක් බව ඉතිහාසයේ ප්‍රසිද්ධව ඇත.

****

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

අනගාරික ධර්මපාලතුමාගේ මව මල්ලිකා හේවාවිතාරණ ළමාතැනී වන අතර එතුමා ගේ පියා මාතර හිත්තැටියේ විසූ දොන් කරෝලිස්හේවා විතාරණ මහතාණන් බව ඉතිහාසයේ සඳහන්ව ඇත. එතුමා ඉංගී‍්‍රසි , සිංහල, පාලි, බුද්ධ ධර්මය හදාරා චතුර ලෙස ඒ භාෂාවන් හැසිරවී ය. අනගාරික ධර්මපාලතුමා ගේ මුල් නාමය වූයේ”දොන් ඩේවිඩ් හේවාවිතාරණ යි”

“සිංහලයිනි නැගිටිවු, බුද්ධගයාව බේරා ගනිවු” ‘ගවමස් නොකනු’, ‘මත්පැන් නොබොනු’ ආදි උදාර වාක්‍ය කියමින් උතුම් බුද්ධගයාව බේරා ගැනීමට මහත්වු උත්සාහ ගත්තේ ය. එතුමා බුද්ධ ශාසනයට කළ මහඟු සේවයට අපි සදා ණය ගැති වෙමු. පසු කලෙක එතුමා බුද්ධ ශාසනයේ පැවිදිව “සිරි දේවමිත්ත ධම්මපාල හිමි නමින් ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දැමුවේ ය.

****

අන් අයට උදව් කරමු

“නැණ නැති දනා සම්පත් රැස් කර ගනිති”
නැණ ඇති දනා සම්පත් සැමටම බෙදති”

මෙම පැදි පෙළෙහි එන ආකාරයට අනුව නුවණ ඇති පුද්ගලයෝ නිතර තම වස්තුව සෑම දෙනාට ම බෙදා දෙති. එහෙත් නුවණ නොමැති පුද්ගලයා හැකිතරම් වස්තුව රැස් කරති. එලෙස අන් අයට උපකාර නො කරන පුද්ගලයන් තුළ ඇත්තේ රාගය, ද්වේශය හා මෝහය යි. බුදු දහමට අනුව අන් අයට උපකාර කිරීම හැඳින්වෙන්නේ දානය යනුවෙනි. දානයක් සිදු කරන ආකාරය අනුව එය කොටස් දෙකකට බෙදේ. එනම් පූජා බුද්ධියෙන් දන්දීම සහ අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම යි. පින් අපේක්ෂාවෙන් මහා සංඝරත්නයට පරිත්‍යාග කිරීම පුජා බුද්ධියෙන් දන් දීමයි. දුගී මගී යාචක ආදී නැති බැරි අයට දන් දීම අනුග්‍රහ බුද්ධියෙන් දන්දීමයි.

අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ද බුද්ධත්වයට පත්වීමට පෙර ආත්මවලදි දාන පාරමිතාව පිරූ සේක. සිරිසඟබෝ ජාතකයෙහි හිස දන්දීම,වෙස්සන්තර ජාතකයෙහි, දරුවන් දන්දීම, එවැනි අවස්ථායි. වස්තුව පරිභෝජනය කිරීම හා අනුන්ට දීම කළ යුතු ය. එබඳු තැනැත්තා නින්දාවට ලක් නොවී ප්‍රශංසාවට ලක් වෙයි.දෙව්ලොව උපදියි” යනුවෙන් බුද්ධ දේශනාවේ ද සඳහන් වේ.

අපට ද ලේ දන් දීමෙන්, අසරණ ළමයින්ට පොත්පත් පිරි නැමීමෙන්,අසරණ පුද්ගලයන්ට පාවහන්, ඇඳුම් ආහාරපාන ලබා දීමෙන්, දන්සල් දීමෙන්, සංඝයා වහන්සේලා උදෙසා දානය අටපිරිකර ආදිය පුජා කිරීම ආදි නොයෙක් ආකාරයෙන් දානමය පින්කම් සිදුකළ හැකි ය. එනිසා බොදු දරුවන් වන අපිත් දන් දෙමින් අසරණ අයට හැකි තරම් උදව් උපකාර කිරීමට හුරුපුරුදු වෙමු.

****

පන්සිල් සුරකින සමාජයක්

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ගිහි අපගේ නිත්‍යශීලය ,පංචශීලය බවයි. එනම් සත්ත්ව ඝාතනයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, වැරැදි කාමසේවනයෙන් වැළකීම,බොරු කීමෙන් වැළකීම, හා මත්ද්‍රව්‍ය හා මත්වතුර භාවිතයෙන් වැළකීමයි.

මෙම පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට මෙලොව මෙන්ම පරලොව වශයෙන් අනිශංස ලැබේ. කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වා පංචශීලයෙහි පිහිටා කටයුතු කිරීම තුළින් අප සමාජය තුළ සිදුවන වැරැදි බොහෝ සංඛ්‍යාවක් අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එනිසා අප කළ යුත්තේ උන්වහන්සේ දේශනා කළ පරිදි ධර්මානුකූලව ගිහියාගේ නිත්‍ය ශීලය වන පංචශීලය ආරක්ෂාකොට දැහැමි ගුණ ගරුක අර්ථාන්විත ජීවිතයක් ගත කිරීමයි. පන්සිල් සුරකින සමාජයක් බිහිවේවා

****

සාරිපුත්ත මහ රහතන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සැවැත්නුවර ජේවතවනාරාමයෙහි වැඩ සිටි සේක. සැරියුත් තෙරණුවෝ වස් පවාරණය කොට ගම් නියම්ගම් සැරිසරා වඩිනු කැමැත්තෙන් බුදුරජාණන් වහන්සේ වැඳ අවසර ගෙන සිය පිරිවර සංඝයා වහන්සේ කැටුව නික්ම වැඩි සේක. තවත් තෙරුන් වහන්සේලා ද සාරිපුත්ත තෙරුන් වහන්සේ පසුපස වැඩිසේක. පිරිස අතරින් සමහර තෙරුන් වහන්සේලා විහාරයෙහි නතර කළහ. ගමින් ගමට වඩින්නට අකැමැති වූ එක් භික්ෂූන් වහන්සේ නමක් “මාද නවතාලන්නේ නම් මැනවි යයි සිතුවේ ය. නමුත් උන්වහන්සේට ගමින් ගමට වඩින්නට සිදුවිය. එවේලෙහි උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි වරදවා සිතා නො සතුටක් උපදවාගත් බව පතපොතෙහි සඳහන් වේ.

 

 

 

 

 

 

****

සමගිය මිණිමුතු වැනිය

සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සැවොම
ලක් මවගේ කුස තුළ ඉපදී වැඩෙන
සැවොම මිනිසුන්ය හෙට දින ලොව දිනන
කිමද නොවැටහෙන්නේ මිතුරනි ඔබ ට

සහයෝගය එකමුතුකම රට වටිනා
ඉවසීම අවංකකම පෙරටු කර
තම ආගම අනුව ඉවසීමෙන් හැඩ ගැසුණ
වෙමු හොඳ දරු පිරිසක් ලොව වටින