Print this Article


ප්‍රභාශ්වර සිත

ප්‍රභාශ්වර සිත

මෙම ලිපියෙහි හතරවන කොටස ඉකුත් අධි පොසොන් පුර අටවක පෝදා මැයි 22වනදා පත්‍රයේ පළවිය.

‘මනස මුල්කොට පහළවන සතිවිලි’ මනෝ විඤ්ඤාණයේ දැනගැනීමට බඳුන් වීමේ දී ‘මනොසමඵස්ස’ පහළ වෙනවා. ‘විදර්ශනාව මුල් වූ’ සමාධියෙන් යුක්තව,

‘ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි නුවණින් යුත් සිහිය’ භාවිත කරන්න පුළුවන්.

ආශ්වාස නමැති ගෝචරය, නාසිකාග්‍රය නමැති කාය ප්‍රසාදයේ හැපී, කාය විඤ්ඤාණය පහළව – ‘හේතු ඵල’ වශයෙන් නිරුද්ධ වෙනවා. ප්‍රශ්වාසය නමැති ගෝචරය, නාසිකාග්‍රය නමැතිකාය ප්‍රසාදයේ හැපී කාය විඤ්ඤාණය පහළව, ‘හේතු ඵල’ වශයෙන් නිරුද්ධ වෙනවා.

මෙසේ ‘වීර්යය හා නුවණින් යුත් සිහිය’ පිහිටීම නිසා කාය විඤ්ඤාණය පමණක් නොව චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය,ජිව්හා විඤ්ඤාණය යන

පඤ්ච විඤ්ඤාණයට ම ‘ආත්ම කොට’ එකතු වෙන්න නොහැකි වෙනවා.

ආශ්වාසය හෝ ප්‍රශ්වාසය ‘මනෝමූලික සඤ්ඤාවක් පමණයි. ආශ්වාස ‘සඤ්ඤාව’ කෙරෙහි නුවණින් යුක්තව සිහිය’ පිහිටීමේදී

ආශ්වාසයෙන් ම උපන් ශක්තිය’ හේතුකොට ක්‍රියාවෙන් මනසත්,

‘මනස මූලිකව සිහියට නැගෙන’ ‘ආශ්වාස’ සඤ්ඤාවත්,’

-සඤ්ඤාව දැන ගන්නා ‘විඤ්ඤාණයත්’,

‘හේතු ඵල නිරෝධ’ බවට සිහිය පිහිටනවා

ප්‍රශ්වාස ‘සඤ්ඤාව ’ කෙරෙහි ‘නුවණින් යුක්තව සිහිය’ පිහිටීමේදී

ආශ්වාස ශක්තිය හේතුකොට පහළවන මනසත්,

මනස නිසා සිහියට නැගෙන ‘ප්‍රශ්වාස සඤ්ඤාවත්’,

සඤ්ඤාව දැනගන්නා මනෝ විඤ්ඤාණයත්

හේතු ඵල නිරෝධ’ බවට සිහිය පිහිටනවා

‘නිරුද්ධ වූ අතීතය හෝ නූපන් අනාගතය ගැන සංකල්ප’ මනස මුල් කොට පහළ වූවත්,

ඒ හැම – ‘හේතු ඵල නිරෝධයෙහි ම’ ඇතුළත් වෙනවා

පඤ්ච නීවරණ ධර්ම ක්ෂය වෙනවා.

‘කාය සංඛාරය වූ ‘ආශ්වාස ප්‍රශ්වාසයෝ සන්සිඳෙනවා

“විදර්ශනා චිත්ත භාවනාව මුල්කොට

‘කාමයන් හා අකුසල ධර්මයන්ගෙන් වෙන්ව’

ප්‍රථම ධ්‍යානයට පත්වෙනවා

අකුසල සංකල්පයන්ගේ නිරෝධයට ප්‍රථම ධ්‍යානය පාදක වන බවත්,

අනාගාමි ඵලයෙන් අකුසල සංකල්පයෝ නිරවශේෂයෙන් නිරෝධ වන බවත් පෙන්වා තිබෙන්නේ.

කුසල සංකල්පයන් ද එසේම පහළ ව නිරුද්ධවන බව නුවණින් යුත් සිහිය පිහිටුවීමෙන් ‘විදර්ශනා චිත්ත භාවනාව මුල්කොට’ ද්විතීය ධ්‍යානයට පත් වෙනවා.

‘ප්‍රථම ධ්‍යාන සිත ග්‍රහණය නොවී මුදවමින්’ හික්මීම වෙනවා.

‘ද්විතීය ධ්‍යාන සිත මුදවමින් ‘ හික්මීම වෙනවා. ඒ පිළිවෙලින් වීරිය වඩා ‘අර්හත් ඵලයෙන් කුසල සංකල්පයන්ගේ ද සම්පූර්ණ නිරෝධය පෙන්වා තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ‘දස අංගයකින් යුක්ත වූ’ පුද්ගලයා ගැන.

අසේක සම්මාදිට්ඨිය – එනම් , මිථ්‍යාදෘෂ්ටිය තවදුරටත් පහකිරීමට නැහැ,අසේක යි. සම්මාදිට්ඨිය සම්පූර්ණයි

අසේක සම්මා සංකප්පය – නිවැරදි කල්පනාව සම්පූර්ණයි

අසේක සම්මා වාචා – නිවැරැදි වචනය සම්පූර්ණයි

මේ පිළිවෙලට –අසේක සම්මා කම්මන්ත, අසේක සම්මා ආජීව, අසේක සම්මා වායාම, අසේක සම්මා සති,අසේක සම්මා සමාධි, අසේක සම්මා ඤාණ, අසේක සම්මා විමුක්තියෙන් යුක්ත වූ, ඒ සම්පූර්ණ කුසල් ඇති, උතුම් කුසල් ඇති, උතුම් තැනට පත්, වාදයෙන් නොසෙල්විය හැකි ශ්‍රමණ යැයි පණවමි” එනම් සියලු කෙලෙස් නැසූ රහතන්වහන්සේ ය.

මේ ‘විමුක්ත සිත’ යි

‘සම්පූර්ණයෙන් ම පිරිසුදු සිත’ ‘නැවත කිලිටු නොවන’

‘ප්‍රභාෂ්වර සිත’ යි

දැන් අපි පැහැදිලි කරමින් සිටියේ ‘සිත ප්‍රභාෂ්වර කරන’ ආකාරය, එනම් කිලුටෙන් සිත මුදවන තැන” එසේ කිලුටෙන් සිත මුදවන විට

අහසේ රූප ඇඳිය නොහැකියි

වර්ණ වලින් අහසේ රූප ඇඳීමට ගියහොත්,

‘ඒ ක්‍රියාව ඇතිවී නැතිවී යනවා.’

රූප අඳින්න තැනක් නොවෙයි අහස, ඒකුමක් නිසාද?

අහස – අරූපී

ඒ වාගේ,රහතන්වහන්සේගේ විමුක්ත සිත,

‘නාම –රූපයක් අල්ලාගෙන නැහැ’

‘පිහිටලා නැහැ’

අයෝනිසෝ මනසිකාරයෙන් දෙන සංස්කාරය

දැනගැනීමට නැහැ.

ඒ ඇයි?

එතන ‘සංස්කාර , විසංස්කාර වෙලා’ යි තියෙන්නෙ.

‘අයෝනිසෝ මනසිකාරයෙන් දෙන සංකාරය පමණක් නොවෙයි,

‘යෝනිසෝ මනසිකාරයෙන් දෙන පණිවිඩයත්’

දැනගෙන නැහැ.

මේ නිසා,

‘සිතිවිලිවලින් වන සංස්කරණයෙන් දැන නොගන්නා විට’ යි

මේ ‘විඤ්ඤාණං අනිදස්සනං’ කියන්නෙ.

විඤ්ඤාණයේ නියම ස්වභාවය

‘නිදර්ශනයක් දැන නොගන්නා වු

බව ‘යි

‘අනිදස්සන බව යි

අනන්තං සබ්බතො පභං

‘අවිද්‍යාව නමැති අඳුරෙන් දෙන

පණිවුඩය , සංස්කරණය’

මෙම ලිපියෙහි හතරවන කොටස ඉකුත් අධි පොසොන් පුර අටවක පෝදා මැයි 22වනදා

පත්‍රයේ පළවිය.

‘පිළිගෙන නැති නිසා’

හාත්පසින්ම ප්‍රභාෂ්වරයි

මෙන්න මෙතන තමයි. –

‘ප්‍රභාෂ්වර සිත’