Print this Article


තරුණයින් වෙනුවෙන් එක්දින භාවනා වැඩ සටහනක් 02 දා පුර්වාරාමයේ දී

තරුණයින් වෙනුවෙන් එක්දින භාවනා වැඩ සටහනක් 02 දා පුර්වාරාමයේ දී

කිරුළපන ශ්‍රී පූර්වාරාමය, ඇතුළු විහාර ගණයෙහි අධිපති පත්බේරියේ ශ්‍රී විමලඤාණ නාහිමියන්ගේ අනුශාසනා පරිදි තරුණ පිරිස වෙනුවෙන් එක් දින භාවනා වැඩසටහනක් ජුනි මස 02 වැනි සෙනසුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කිරුළපන ශ්‍රී පූර්වාරාමයේදී පැවැත්වීමට ශ්‍රී පූර්වාරාම දායක මහා සභාව ඇතුලු සමිති විසින් කටයුතු සංවිධානය කර ඇත.

එම භාවනා සැසියේ කර්මස්ථානාචාර්ය වශයෙන් කිරුළපණ ශ්‍රී පූර්වාරාම විහාරස්ථ රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක ධර්ම නිකේතන පිරිවෙණේ ආචාර්ය ගොඩකවෙල සද්ධාජීව හිමියෝ කටයුතු කරති.