Print this Article


“විශ්ව ශාන්ති සූත්‍ර” අභිමංගල්‍ය

“විශ්ව ශාන්ති සූත්‍ර” අභිමංගල්‍ය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුත්ත සෙන්ට්‍රල් සංවිධානය හා ඒකාබද්ධ , ඕස්ට්‍රේලියාවේ සිට වැඩම කළ අජාන් සුජාතෝ ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සහභාගීත්වයෙන් “විශ්ව ශාන්ති සූත්‍ර” වැඩසටහන මැයි 31 වන බ්‍රහස්පතින්දා පස්වරු 3.00 ට නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත්වේ.

ත්‍රිපිටක ග්‍රන්ථරත්නයේ සූත්‍ර පිටකය සිංහල භාෂාව ඇතුළුව භාෂා 40 කට පරිවර්තනය කර නිර්මාණය කරන ලද ඵභබබචජඥදබපචත .දඥබ වෙබ් අඩවිය පරිශීලනය කිරීම උගන්වමින් ප්‍රථමවරට ලක්වැසි සැදැහැවතුන් වෙත නොමිලයේ පිදෙන “විශ්ව ශාන්ති සූත්‍ර” අභිමංගල්‍ය සඳහා මහා නා හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය ද, ගිහි සංවිධාන නියෝජනය කරමින් සාමාජික භවතුන් ද පොදු මහ ජනතාව අතිවිශාල පිරිසකගේ ද සහභාගිත්වයෙන් සිදු කිරීමට අපේක්ෂා කරන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා කියයි.