Print this Article


බුදුසරණ ප්‍රහේලිකා අංක 1 හි ජයග්‍රාහකයන්ට ධර්ම ග්‍රන්ථ කට්ටල පිරිනැමේ

බුදුසරණ ප්‍රහේලිකා අංක 1 හි ජයග්‍රාහකයන්ට ධර්ම ග්‍රන්ථ කට්ටල පිරිනැමේ


පී. ඩී. නිශ්ශංක මහතා තමන්ට හිමි ධර්ම ග්‍රන්ථ කට්ටලය ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න මහතා අතින් ලබාගත් අවස්ථාව.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අනුග්‍රහයෙන් පළ වූ බුදුසරණ ප්‍රහේලිකා අංක 1 හි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජයග්‍රාහකයන් දෙදෙනෙක් තෝරා ගන්නා ලදී.

උඩහේන, දොඩම්ගස්ලන්ද පී. ඩී. නිශ්ශංක මහතා සහ මානම්පිට, මීටියාගොඩ ‘සිසිල’ චන්ද්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පසුගියදා ලේක්හවුස් ආයතනයේ දී තමන්ට හිමි ධර්ම ග්‍රන්ථ කට්ටලය ලබාගත්හ. පිරුවානා පොත් වහන්සේ, සප්ත බෝජ්ඣංගය, මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් රචිත ‘බුදුන් වදාළ ධර්ම ග්‍රන්ථය ද ඇතුළු වටිනා ධර්ම ග්‍රන්ථ රැසක් ඊට ඇතුළත් විය.

ප්‍රහේලිකා අංක 02 හි ජයග්‍රාහකයාගේ නම් සහ ප්‍රහේලිකා අංක 03 අධි පොසොන් අව අටවක ජුනි 06 බදාදා බුදුසරණ පත්‍රයේ පළවේ.

බුදුසරණ ප්‍රහේලිකාව ඉදිරිපත් කිරීම මහාචාර්ය කිවුලේගෙදර නාරද හිමියන්ගේ අනුශාසකත්වයෙන් කේ. එල්. ඒ. රණසිංහ මහතා විසිනි.