Print this Article


සදහම් අරණ

දුවේ පුතේ, ඔබගේ නිර්මාණ කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අප වෙත එවන්න. පුර අටවක පසළොස්වක, අව අටවක, අමාවක බුදුසරණ පුවත්පත්වල එම නිර්මාණ පළ කරන්නෙමු. සංස්කාරිකා සදහම් අරණ ළමා සමාජය, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට නිර්මාණ එවිය හැකි ය.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

283. අනුරාධපුර - සිරි සුමංගල දහම් පාසලේ
3 ශ්‍රේණියේ
ජේ. මලිති අනුන්තරා ජයවික්‍රම

284. මුගුණුවටන ශ්‍රී කුජ්ජතිස්ස දහම් පාසලේ
2 ශ්‍රේණියේ
බී.එම්. සංදීපන මනුජය බාලසූරිය.

285. ගෝනපල - ශ්‍රී විමලතිස්ස දහම් පාසලේ
9 ශ්‍රේණියේ
බී. සමාධි සත්සරණි

286. ගණේමුල්ල - ශ්‍රී ධර්මාලෝක දහම් පාසලේ
9 ශ්‍රේණිය
ඩබ්.ඒ. ඉෂාරා හංසනී

287. නොච්චියාගම - ශ්‍රී සෝරත දහම් පාසලේ
08 ශ්‍රේණියේ
චාමික ශ්‍රී දිසානයක

288. දෙනියාය – රාජපක්ෂ මහ විදුහලේ
9 ශ්‍රේණියේ
එච්. කවීනා සසංසනී

289. ජයවර්ධනපුර – ජනාධිපති බාලිකා විදුහලේ
12 ශ්‍රේණියේ
කේ.ඒ. මෝතිෂ චමුදි පෙරේරා

290. ඉබ්බාගමුව - ශ්‍රී සීවලි දහම් පාසල
8 ශ්‍රේණිය
මහනකැටේ ධම්මධාරණී මෙහෙණින් වහන්සේ


දුටුගැමුණු රජතුමා

අතීතයෙහි ශ්‍රී ලංකාවෙහි රජ කළ රජවරුන් අතර ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රවන ශ්‍රේෂ්ඨ පාලකයෙකි, දුටුගැමුණු මහරජතුමා, බෞද්ධ ජනතාව ඉතා ඈත කලෙක සිට එතුමාට බොහෝ ගෞරව කරති. එතුමා අනාගතයෙහි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණත් අගසව් වන බව පැවසේ. බුදු සසුනෙහි චිර ජීවනය සඳහා කැපවුණු ජීවිතයක් ගත කළ දුටුගැමුණු රජතුමාගේ උසස් බෞද්ධ ගුණාංග අතර පරාර්ථකාමීත්වය, පරිත්‍යාගශීලී බව, කාරුණික බාව හා සංඝයා කෙරෙහි වූ අවනතභාවය ප්‍රධාන වේ.

දුටුගැමුණු කුමරු රුහුණු රජ පරපුරට අයත් කාවන්තිස්ස රජතුමාගේ හා විහාර මහා දේවියගේ වැඩිමහල් පුත්‍රයා යි. එළාර රජු සමඟ සටන් කොට ඔහු පැරද වූ දුටුගැමුණු රජු අනුරාධපුරයෙහි රජු බවට පත් විය. රජුගේ ප්‍රධාන කාර්යයක් වූයේ, ලෝකයේ මුදුන් මල්කඩවන් රුවන්වැලි සෑය ඉදිකිරීම ය.


නිවන් දකින් අම්මා

සිප් සතර පොවා අපහට
උගන්වා යහ මඟ නිසිලෙස
කළගුණ සිහිකොට නිසිලෙස
පුදමි පඬුරක් මෙලෙස ඔබහට

ඈ තනියෙන් සිටින්නේ
සිසිල් සුළඟ හමන්නේ
ඇගෙ ගින්දර නිවෙන්නේ
සතර අපායෙන් මිදෙන්නේ


මෙත් සිත සදයි ලොවට සෙත

අපි නිරන්තරයෙන් දහම් පාසල් අධ්‍යාපනය ලබන බෞද්ධ දෙමාපියන්ගේ පින්බර වාසනාවන්ත දරුවන් වෙමු. අප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගෞරවයෙන් යුතුව විවිධ පූජාවන් සිදුකළ වාර බොහෝ ය. උන්වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය ඔස්සේ ගමන් කොට ජීවිතය සරුසාර කර ගැනීමට අපි උත්සාහ කරමු. දහම් පාසලෙන් අපගේ කය මෙන් ම මනස ද නිරවුල් කර ගැනීමට අවශ්‍ය උපදෙස් නිරන්තරයෙන් ලැබේ. එය උපකාර කරගෙන සිත නමැති විල් තෙරේ මෙත්තා , මුදිතා, කරුණා උපේක්ෂා සහ දයාව නමැති සුවඳ පැතිරෙන මලින් සුවඳවත් කර ගනිමු. එම සුවඳ දස අත පැතිරෙන විට අපට ලැබෙන පී‍්‍රතිය ද නිම කළ නොහැකි ය. ඇසුරු කරන හැම දෙනාගේ ආශිර්වාදය ලැබීමට ද සමත්වෙයි. දෙවියන්ගෙන් ලැබෙන ආශිර්වාදය නිම කළ නොහැකි ය. අපි නිතරම නිහතමානි, හික්මුණු බොදු දරුවන් වීමට උත්සාහ කරමු.


මෙත් වඩමු

තිලෝගුරු සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයා උදෙසා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බඹ විහරණ වැඩීමේ අනුසස් වදාළ සේක. සියලු ලෝක සත්ත්වයාට මෙන් වැඩීම ඉතාම සුන්දර අත්දැකීමකි.

මා මෙන්ම ඔබත් වෛර නැත්තෙක් වෙත්වා

තරහා නැත්තෙක් වෙත්වා
ඊර්ෂ්‍යාව නැත්තෙක් වෙත්වා
දුක් පීඩා නැත්තෙක් වෙත්වා
ශාන්ත සුවයෙන් ජීවත් වෙත්වා

මේ වගන්ති තමාට ඇසෙන පරිදි සිහියෙන් යුතුව හැකිතාක් සජ්ඣායනා කරන්න. කිසියම් කාර්යයක නිරත නො වන සෑම වේලාවක ම මේ සරල භාවනාව වඩන්න. එවිට ඔබගේ මුහුණේ ප්‍රභාශ්වරය වැඩි වේ. සියලු සත්ත්වයෝ ඔබ පි‍්‍රය කරයි.

නිතර ප්‍රබෝධයෙන් යුතුව මේ භාවනාව පුරුදුවන්න. එවිට මා මෙන් ම ඔබටත් මෙත් සිත පැතිරවීමේ අනුසස් මේ ජීවිතයේ දී ම හමුවෙනු ඇත.


පැන විසඳුම්

පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු කෙටියෙන් ලියා බුදුසරණ වෙත එවන්න. නිවැරැදිව එවන පිළිතුරු තෝරා ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය ද නිවැරැදිව ලියා එවන්න.

1.) බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සැදැහැවතුන් විසින් සියැසින් දැක වැඳ පුදා පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන හතර නම් කරන්න?

2.) දෙ වැදෑරුම් බුද්ධ පූජාව කුමක් ද?

3.) අනුරපුරයේ උඩමළුවේ වැඩ සිටින ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිබඳව කෙටි සටහනක් කරන්න?
 


දේවදත්ත තෙරුන් ගල පෙරළීම