Print this Article


උඩරට අමරපුර මහා නිකායෙන් නායක පදවි හා සම්මාන ලබති

උඩරට අමරපුර මහා නිකායෙන් නායක පදවි හා සම්මාන ලබති

උඩරට අමරපුර මහා නිකායේ මහානායක ශාස්ත්‍රපති පණ්ඩිත මහෝපාධ්‍යාය, නුවරඑළියේ චන්දජෝති මහා නාහිමියන් සහ අනුනායක සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති අනුනාහිමියන් ප්‍රමුඛ සාසනජෝතිකා කාරක සංඝ සභාව මඟින්, පොළොන්නරු මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය මැදිරිගිරිය පශ්චිමාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති මැදිරිගිරියේ අස්සජී හිමිපාණන් වහන්සේට ද සම්මාන සංඝ නායක පදවියක්, මින්නේරිය අරලිය උයන සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොණාකළගල සීවලී හිමිපාණන් වහන්සේට ද බුද්ධසෝමවංශාලංකාර විචිත්‍රභාණී, යන ගෞරව නාමය හාරිස්පත්තුව දුල්වල සෝමගිරි විහාරාධිපති හිරියලගම්මන බුද්ධදත්ත හිමිපාණන් වහන්සේට ද පිරිනමා ඇති අතර, ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානය කිරීම, මහනුවර වරාතැන්න මහවැලි නදී සිරිමහ බෝධි සීමාමාලකයේ දී මහානාහිමි සහ අනුනාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ දී පසුගියදා සිදු කෙරුණි.