Print this Article


මිහින්තලේ පිණ්ඩපාත දානමය පින්කමෙන් ...

මිහින්තලේ පිණ්ඩපාත දානමය පින්කමෙන් ...

සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පුන් පොහෝ දා (29) භික්ෂූන් වහන්සේලා දහස් නමක් (1000) සඳහා දානය පිරිනැමීමේ මහා පිණ්ඩපාත චාරිකාව මිහින්තලයේ දී සිදු කළහ.

මිහින්තලේ රජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් එම පුණ්‍ය කටයුත්ත සිදු කළහ. චීනයේ පදිංචි සුකි මහත්මිය ඇතුළු සැදැහැවතුන් විසින් එම මහා පින්කම සංවිධානය කෙරිණ.

මිහින්තලයේ සාංචි විහාරස්ථානය අසළින් පිණ්ඩපාත චාරිකාව ආරම්භ කළ අතර පසුව මිහින්තලේ රතනසාර දහම් පාසල ඉදිරිපිටින් දානය පිළිගැන්වීම සිදු විය. උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ජයන්ති විහාරයේ විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි, ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වෙල සාසනරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නය එම පින්කමට වැඩම කරවූහ.