Print this Article


ස්වර්ණමාලි ස්තූප පූජා පින්කම 12 දා

ස්වර්ණමාලි ස්තූප පූජා පින්කම 12 දා

ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා සහ දායක පිරිස විසින් සංවිධානය කරන ස්වර්ණමාලි ස්තූප පුජා පෙළහර මැයි මස 12 වන සෙනසුරාදා පෙරවරු 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ස්වර්ණමාලි මහසෑය අභියස දී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

එදින පෙරවරුවේ මාන්කඩවල සුදස්සන හිමියන් විසින්, මහා සංඝරත්නය උදෙසා ද සවස ගිහිපින්වතුන් උදෙසා ද දේශන 2 ක් පවත්වන අතර, මෙහිදී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ත්‍රිපිටක පරිශීලනයේ වැදගත්කම සහ පරිශීලනය කරන ආකාරය පිළිබඳ දැනුවත් කරන අතර, දුෂ්කර වෙහෙර විහාරස්ථාන සඳහා ත්‍රිපිටක ග්‍රන්ථ ද පූජා කිරීමට නියමිත ය. මෙදින සෑ මළුව සුවඳ පැනින් දෝවන ය කිරීම , ක්ෂීරපායාස පූජාව, දහසක් මහා සංඝයා උදෙසා සංඝගත දක්ෂිණාව, කංචුක පූජාව,ආලෝක පූජාව, පිච්ච මල් පූජාව, ශබ්ද පූජාව, ගුවනින් මල් ඉසීම, පිටිගල ගුණරතන හිමියන් විසින් පවත්වන සත්බුදු වන්දනාව රණවිරු පුණ්‍යානුමෝදනාව ආදි වැඩසටහන් රැසක් සිදුකිරීමට නියමිත අතර, මෙදින නන්දෙසින් පැමිණෙන පින්වතුන් උදෙසා විශේෂ ප්‍රවාහන පහසුකම් සහ ආහාර පානාදිය ලබාදීමටද කටයුතු සූදානම් කර ඇති බව ඇරැව්වල උත්තර හිමියන් බුදුසරණ ට දන්වා සිටී.