Print this Article


මහර කඩවත වෙසක් කලාපය මෙවරත්

මහර කඩවත වෙසක් කලාපය මෙවරත්

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් ලසන්ත අලගියවන්න පදනම මඟින් වාර්ෂිකව නව වැනි වරටත් පවත්වනු ලැබූ මහර කඩවත කලාපය කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයේ සුවත උයන අසල (29) වැනි දින ආරම්භ කෙරිණි.

මෙහිදී දර්ශනීය ජල තොරණ, පහන් කූඩු නිර්මාණ, විවිධ දන්සල්, බැති ගී ප්‍රසංග ඇතුළු රූකඩ සංදර්ශන පැවැත්විණි. මෙහිදී නිර්මාණය කරන ලද දර්ශනීය පහන් කූඩු සඳහා රුපියල් මිලියනයකට වඩා වැඩි තෑගි පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

මේ වෙසක් කලාපය අප්‍රේල් මස 30 සහ මැයි මස පළමු වැනි දින දක්වා ප්‍රදර්ශනය කෙරිණි. එම වෙසක් කලාපය මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය, මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන හා ප්‍රදේශයේ වෙළෙඳ සංගම්වල දායකත්වය මත පැවැත්විණි.

මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කෙරිණ.