Print this Article


බෞද්ධාලෝක වෙසක් කලාපයෙන්

බෞද්ධාලෝක වෙසක් කලාපයෙන්

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සම්බුදු තෙමඟුල සැමරීම සඳහා 17 වැනි වරටත් සංවිධානය කරන ලද බෞද්ධාලෝක වෙසක් කලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (29) පස්වරුවේ විවෘත කෙරිණි.

වෙසක් කලාපය විවෘත කරමින් අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා විශේෂ පීඨිකාව මත තැන්පත් කිරීම ද ජනපති අතින් සිදු වූ අතර, ජනාධිපතිතුමා ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේ ය.