Print this Article


ඓතිහාසික බිංගිරිය දේවගිරි පුරාණ රාජමහා විහාරස්ථානයේ පැවැති රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවයෙන්

ඓතිහාසික බිංගිරිය දේවගිරි පුරාණ රාජමහා විහාරස්ථානයේ පැවැති රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවයෙන්

බිංගිරිය දේවගිරි පුරාණ රාජ මහා විහාරස්ථානයේ දී ඉකුත් දා (28) රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවය පූජනීය සම්භාවනීය මහ සඟරුවනෙහි ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

එහිදී මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවෙලගෙදර යන මහත්වරු ද එම දහම් හමුව ඇමතූහ.