Print this Article


සදහම් අරණ

දුවේ පුතේ, ඔබගේ නිර්මාණ කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අප වෙත එවන්න. පුර අටවක පසළොස්වක, අව අටවක, අමාවක බුදුසරණ පුවත්පත්වල එම නිර්මාණ පළ කරන්නෙමු. සංස්කාරිකා සදහම් අරණ ළමා සමාජය, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට නිර්මාණ එවිය හැකි ය.

****

වෙසක් පොහොය

තොරණ් රාජයා කදිමට ඉදිවෙයි
පහන් කූඩු තරගයකටද සැරසෙයි
වීදි පුරා බොදු කොඩිවැල් එසවෙයි
ආමිස පූජා සැම තැන දැක්වෙයි

වන්දනාවෙ යන නඩ හමුවන්නේ
නිවෙස් ඉදිරිපිට කූඩු පෙනෙන්නේ
විදුලි බුබුළු ආලෝක කරන්නේ
වෙසඟේ අසිරිය හැමට කියන්නේ

සැමදෙන සැරසෙයි සුදෝ සුදු වතින්
පන්සල වෙත යයි තැන්පත් ගමනින්
දහම් පණිවුඩය සැමටම කියමින්
නිවනට පිවිසෙයි කුසල් කිරීමෙන්

****

ඉසිපතනය

මුවන්ගෙන් පිරුණූ මිගදායට
අප බුදුරදුන් වැඩම කොට
දෙසු පළමු දම් දෙසුමෙන්
ඉසිපතනයම පිරුණා සුවඳින්

****

බුදු දහමයි පරිසරයයි

****

වෙසක් දා

එගොඩ ගොඩේ දෙවදහ පුරවරය පෙනේ
මෙගොඩ ගොඩේ සාකිය ජනපදය පෙනේ
දෙගොඩ මැදින් රෝහිණි ගඟ ගලනු පෙනේ
මහාමායා බිසෝ ලුම්බිණියට වඩිනු පෙනේ

වෙසක් මහේ මුදු මද නල හමන්නා
ගසක් මලින් බර වී අතු නමන්නා
මවක් සෙනෙහෙබර කඳුළැලි හෙළන්නා
බබෙක් පියුම් පිට පියවර නගන්නා

මරසෙන් දුවන්නා දෙවියන් වඩින්නා
දිවමල් වැටෙන්නා සුවඳින් පිරෙන්නා
සිලි සිලි ගන්නා බෝපත් වැනෙන්නා
බෝසත්තුමා බුදු වූ බව කියන්නා

උපවතු උයනෙ මල් පර වී වැටෙන්නා
විපතක ලකුණු හැම තැනකම පෙනෙන්නා
කුසිනාරාව උණු කඳුළින් තෙමෙන්නා
තුන් ලෝ පහන් කළ පහනක් නිවෙන්නා

****

වෙසෙක් දිනේ

වෙසක් දිනේ සිදුහත් කුමරු ඉපදුණා
වෙසක් දිනේ සිදුහත් කුමරු බුදු වුණා
වෙසක් දිනේ බුදුහිමි පිරි නිවුණා
වෙසක් දිනේ අපට නිවන එළිවුණා

****

අම්මා

මා තනිවී හඬන විටදි
නුඹ දුන් ඒ සෙනෙහස මට
අදටත් සුවඳයි අම්මේ...
සිව්බඹ විහරණය තුළින්
එදා වගේ අදත් පිහිට
නුඹයි මගේ අම්මේ ..
නො දකින දෙවියන් අතරේ
සැමදා දකිනා
දෙවියන් නුඹයි මගෙ අම්මේ...

****

සැදැහැ සිතයි වෙසක් උළෙලයි

ශාන්තිනායක තිලෝගුරු බුදුපියාණන් වහන්සේ සමරනු ලබන වන්දනීය වූත්, පූජනීය වූත්, අසිරිමත් තෙමඟුල් උත්සවය අසමසම සම්බුදු වෙසක් මංගල්‍යයයි. එය ලෝකවාසි බෞද්ධ සැදැහැවතුන්ගේ ශ්‍රේෂ්ඨතම වූ පුණ්‍යෙමහෝත්සව ය යි.

බෞද්ධ විහාරස්ථාන මුල්කොටගෙන ඉටුකරනු ලබන දාන, ශීල, භාවනා වැඩසටහන් ප්‍රධානව සෙසු ආගමික වතාවත් ද නිවෙස්,රැකියා ආයතන, විවිධ වු සංවිධාන, සමිති මඟින් සිදුකරන වෙසක් සැරසිලි, තොරණ්, දන්සැල්, වෙසක් කලාප තුළින් බෞද්ධ ප්‍රබෝධය මැනවින් පිළිබිඹු වන්නේ ය. තෙමඟුල බෞද්ධ අප සියලු දෙනාට මිණිපහනක් වන්නේ ය.

ඉසුරි ශාක්‍යා කළුතන්ත්‍රි ලියනගේ, 13 ශ්‍රේණිය, බප/කැලකිරිල්ලවල මධ්‍ය මහා විදුහල

****

අපේ පන්සල

වෙසක් සිරි

කුරුලු ලොවක්

****

පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු කෙටියෙන් ලියා බුදුසරණ වෙත එවන්න. නිවැරැදිව එවන පිළිතුරු තෝරා ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය ද නිවැරැදිව ලියා එවන්න. ජයග්‍රාහකයන්ගේ නම් මැයි මස පුර අටවක පෝදා පත්‍රයෙහි පළ වේ.

1.) බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සැදැහැවතුන් විසින් සියැසින් දැක වැඳ පුදා පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන හතර නම් කරන්න?

2.) දෙ වැදෑරුම් බුද්ධ පූජාව කුමක් ද?

3.) අනුරපුරයේ උඩමළුවේ වැඩ සිටින ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිබඳව කෙටි සටහනක් කරන්න?

****

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

267. ගඟසිරිපුර – ශ්‍රී ධර්මානන්ද දහම් පාසලේ

06 ශ්‍රේණියේ

ඩී.එම්. රසන්ධි චංචලා

268. උඩුගම්පොල – ශ්‍රී සුගතශාසනාධාර දහම් පාසලේ

7 ශ්‍රේණියේ

එච්.එම්.ආර්.එස්. ප්‍රමෝද්‍යා බණ්ඩාර

269. විල්පත ශ්‍රී සුමේධ ධර්මෝදය දහම් පාසලේ

1 බී ශ්‍රේණියේ

ඉෂාර නයනක පීරිස්

270. වළවේ – ශ්‍රී දේවරක්ඛිතාරාමයේ

10 ශ්‍රේණියේ

ජී.ජී. කුමුදු ගයානි

271. බද්දේගම – ශ්‍රී රතනසාර විද්‍යාලයේ

12 ශ්‍රේණියේ

ඩබ්.ජී. යසන්තා ප්‍රදීපිකා

272. ගෝනපල – ශ්‍රී විමලතිස්ස දහම් පාසලේ

9 ශ්‍රේණියේ

ඩී. සචිනි හංසිකා

273. කිරුලපන – ශ්‍රී සුවිසුද්ධාරාමය

අවසාන ශ්‍රේණිය

එරන්දි උදේශිකා පෙරේරා

274. දුලියද්ද – ශ්‍රී බෝධිරාජාරාම පුරාණ දහම් පාසලේ

8 ශ්‍රේණියේ

එස්.ඒ. සකුණිකා නෙත්මිණි