Print this Article


ලේක්හවුස් අමාදහර බොදු බැති ගී සරණිය සහ මහා බත් දන්සල 29 – 30

ලේක්හවුස් අමාදහර බොදු බැති ගී සරණිය සහ මහා බත් දන්සල 29 – 30

ලේක්හවුස් අමාදහර බොදු බැති ගී සරණිය සහ මහා බත් දන්සල මෙම 29 වන දා සහ 30 වන දා ලේක්හවුස් මන්දිරය අබියස දී පැවැත්වේ. රාත්‍රී 7.30 – 10.30 දක්වා ප්‍රකට ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් බොදු බැති ගී සරණිය පැවැත්වේ. මහා බත් දන්සල සහ කොත්තමල්ලි දන්සල ද පැවැත්වේ. බොදු බැති ගී සරණිය සඳහා 29 වන දා ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්ය වාදක කණ්ඩායම සහ 30 වන දා ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සංගීතයෙන් දායක වනු ඇත. ලේක්හවුස් බැතිගී කණ්ඩායමද ඊට සහභාගිවනු ඇත.

ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පැවැති 2562 වෙසක් චිත්‍ර තරගයේ ජයග්‍රාහක සිසු දරු දැරියන් වෙත ත්‍යාග හා සහතික ප්‍රදානය ද එහිදී සිදු කෙරේ.