UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගී බණ පද-5: බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති ගතියක් අපහට ඇතිව ද මන්දා

ගී බණ පද-5:

බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති ගතියක් අපහට ඇතිව ද මන්දා

බුදුබණ කිව්වත් නිරන්තරේ
බුදුබණ ඇසුවත් නිරන්තරේ
ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ

බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති
ගතියක් අපහට ඇතිව ද මන්දා
මේ තරමට බුදුබණ අහනා රට
දින දින පිරිහෙන කරුමය මන්දා

සිරිත් විරිත් යහගුණෙන් පිරී ගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉරහඳ යට හිනැහෙන දවසක්
යළි කවදාවත් නේවිද මන්දා

ගී පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය තනු නිර්මාණය - එච්. එම් ජයවර්ධන
ගායනය – විශාරද එඩිවඩ් ජයකොඩි
විශාරද මාලනී බුලත්සිංහල

සිංහල බෞද්ධ ගීත සම්ප්‍රදාය තුළ විවිධාකාරයෙන් ලියැවී ඇති බෞද්ධ ගීත හමු වේ. බුදුගුණ , දහම් ගුණ, සඟ ගුණ මෙන් ම වෙහෙර විහාර සම්බන්ධව ද ඇතැම් ගීත රචනා වී ඇත. ඇතැම් ගීත ධර්මයේ බණ පද ඇතැම් ගීත ධර්මය සමාජය තුළ ගලපමින් ලියන ලද ගීත වේ.

බෞද්ධ ගීත අතර බුදුබණ සමාජ ගත වී නැත යන අදහස මතුකරමින් බුදුබණ අනුව ජීවත්වීමට මිනිසා උත්සාහ ගත යුතු බව පසක් කරමින් රචනා කළ ගීතයක් ලෙස බුදුබණ කිව්වත් නිරන්තරේ යන ගීතය හැඳින්විය හැකි ය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ උන්වහන්සේට වැඳ වැඳ සිටිනවාට වඩා උන්වහන්සේ ලෝකයට දේශනා කළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිමින් ඒ අනුව ජීවත් විය යුතු බව ය. එම ජීවිතය ප්‍රතිපත්ති පූජාව නම්න් හඳුන්වනු ලබයි. බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් මල් පහන් පූජාකරන ජීවිතය ආමිස පූජාව වේ. බුදුදහමට අනුව වඩාත් අර්ථවත් වන්නේ ප්‍රතිපත්ති පූජාව ය. එසේ වුව ද, එක්විටම ප්‍රතිපත්ති පූජාවේ යෙදීම පුද්ගලයෙකුට අපහසු වේ. එම පුද්ගලයා ආමිස පූජාවන්හි යෙදීමෙන් පහදවාගත් සිතින් යුතුව, නිවැරැදි දහම අවබෝධ කරගෙන ප්‍රතිපත්ති පූජාවට අනුගත විය යුතු ය.

ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබාගැනීමට පෙරුම් පුරණ කාලය තුළ උන්වහන්සේ තුළ පැවැති උතුම් ගතිගුණ වර්තමාන සමාජයේ ජීවත් වන ඇතැම් පුද්ගලයන් තුළ නැති බව ය. එවැනි බෝසත් ගතිගුණ නැති මිනිසුන් දවසින් දවස ප්‍රමාණාත්මකව වර්ධනය වන බවය. බෞද්ධ සමාජයක ඒවැනි ආකාරයේ මිනිසුන් ප්‍රමාණාත්මක වශයෙන් අඩු විය යුතු වුවද, වර්තමානය වන විට එහි විරුද්ධ පැත්ත ක්‍රියාත්මක ්වෙමින් පවතී. සමාජයේ සිදුවන සිදුවීම් දෙස උපේක්ෂා සහගතව බලන ගීත රචකයා බෝසත් ගතිගුණ බෝසත්වරුන්ට හිමි විය යුතුවා සේම, එම බෝසත් ගුණ පිහිටන්නේ නැති ගතියක් අපහට ඇතිවද මන්දා යනුවෙන් ප්‍රකාශ කරනු ලැබුවේ ද ,සිංහල බෞද්ධ ජනතාවට ය. බෝසත් ගතිගුණ මිනිසුන්ටත් තිබිය යුතු බවට බෞද්ධ සමාජය විශ්වාස කරන අතරම එසේ විය යුතු බවට බුදු දහමේ ද උගන්වා ඇත. බෝසත් ගතිගුණ සැම විටම පරාර්ථචර්යාවෙහි රැඳී පවතින්නක් ද වේ.අන්‍යයා වෙනුවෙන් තමාට උදවුඋපකාර කළ හැකි බවය. එම ස්වභාවය වර්තමාන සමාජය තුළ පවතින ආකාරය අවිනිශ්චිත බවක් සඳහන් කර ඇත.

මේ තරමට බුදුබණ අහන රටක මිනිසුන් මේ තරම් පිරිහීමට පත්වන්නේ කුමන හේතුවක් නිසා ද? වශයෙන් රචකයා කිසියම් කලකිරුණ ස්වභාවයකින් මිනිසුන් දෙස බලන ආකාරයක් දක්නට ලැබේ. බුදුබණ අසන මිනිසුන් පිරිහීමට පත්වන්නේ ද නැත. පරාභව සූත්‍රය තුළ ධම්ම දෙස්සී පරාභවෝ යනුවෙන් ධර්මයට ද්වේෂ කරන ධර්මයට වෛර කරන මිනිසුන් දවසින් දවස පිරිහෙන බව බුදු දහමේ සඳහන් වේ. නමුත් ධර්මයට රැචි කරන මිනිසුන් සිටින. රටක් සමාජයක් එවැනි ආකාරයට පිරිහීමට පත්විය නො හැකි ය. එහෙත් මේ රට මේතරමට පිරිහීමට පත්වන්නේ කුමන හේතුවකින් ද? යන ප්‍රශ්නය රචකයා අසයි.

සිංහල බෞද්ධ සමාජය ඉතාම ගුණ යහපත් සමාජයක් ලෙස අප අසා ඇත. සිංහල බෞද්ධ සමාජය ආගන්තුක සත්කාරය යහපත්ව ඉටුකරන බවත්, සිංහල බෞද්ධ සමාජය තුළ ජීවත් වන මිනිස්සු අනෙකා පිළිබඳව වැඩිපුර හිතන බවත්ය. එම ගතිගුණ බෞද්ධ සිරිත් විරිත් වශයෙන් හඳුන්වනු ලැබේ. බෞද්ධ සිරිත් විරිත් වලට අනුකූලවන ආකාරයෙන් මිනිසුන් තමාගේ ජීවිතය ගොඩනගා ගනී. අතීතය පිළිබඳව මනසින් දරාගත් ගීත රචකයා අතීතයෙහි පැවැති උතුම් ගතිගුණ ගුණදහමි වර්තමාන සමාජය තුළ විනාශ ෙවිගෙන යන ආකාරය මෙසේ ප්‍රශ්න කරයි.

සිරිත් විරිත් නැවුම් ලොවක් මත සිහසුන බන්ඳා

එක ඉරහඳ යට හිනැහෙන දවසක්

යලි කවදාවත් නේවිද මන්දා

හිනැහෙන යන වචනයෙන් අදහස් කරනු ලබනුයේ සිංහල බෙ ෟද් ධ රටේ සිංහල බෞද්ධ පිරිස සමඟියෙන් සතුටෙන් ඔවුනොවුන් කෙරෙහි විශ්වාසයෙන් , ඔවුනොවුන් පිළිබඳ හැඟීමෙන්, සමඟියෙන් සිටින දවසක් යන අදහස ය. සිංහලයා කුලල් කා ගන්නා බවට යටි අරුතක් ද ඒ තුළින් ගොඩනැඟේ . ඇතැම් සිංහලයන් සමඟිදාමයේ උත්තුංග බව විනාශ වන ආකාරයෙන් කටයුතු කරන බව ය. ආත්මාරර්ථකාමී ජීවිතය තුළ ඔවුන් හිරවී සිටින බවත් ,එවැනි ආකාරයෙන් හිරවී ද්වේෂයෙන් ජීවත් වන විට සතුටු ප්‍රමෝදයෙන් සිංහල සිරිත් විරිත් අනුව සහජීවනයක් ඇතිව ජීවත්වීමට හැකියාවක් නැත. එවැනි ආකාරයෙන් ජීවත්වූ මිනිසුන්ට කුමක් සිදුවුණා ද? එවැනි උතුම් ආකාරයෙන් හැසිරෙන ජීවිතයක් නැවතත් උදානොෙවිවි ද? යන ප්‍රශ්නය ගීත රචකයා විමසයි. එවැනි දවසක් උදාවුව හොත් සිංහල රටට බුදුබණ අහන, බුදුබණ කියන අපි මේ වනන්තරෙන් කවදාවත් එළියට නොපැමිණෙයි ද? යන අවිනිශ්චිත සංසයාර්ථ බය රචකයා මේ ගීතය තුළින් මතුකිරීමට උත්සාහ ගනී.

 

  වෙසක් පුර අටවක පෝය


 වෙසක් පුර අටවක පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා අපර භාග 04.20 ට ලබයි. 23 වන දා සඳුදා අපරභාග 02.19 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 22 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]