UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

දුවේ පුතේ, ඔබගේ නිර්මාණ කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අප වෙත එවන්න. පුර අටවක පසළොස්වක, අව අටවක, අමාවක බුදුසරණ පුවත්පත්වල එම නිර්මාණ පළ කරන්නෙමු. සංස්කාරිකා සදහම් අරණ ළමා සමාජය, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට නිර්මාණ එවිය හැකි ය.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

256. මිද්දරමුල්ල - සුගතසාසනෝදය මහා පිරිවනේ
2 ශ්‍රේණියේ
අක්කරපනහේ අරියචන්ද හිමි

257. ගලගොඩ, ශ්‍රී පියරතන දහම් පාසලේ
4 ශ්‍රේණියේ
උදාන යදීෂ

258. විල්පන - ශ්‍රී සුමේධ ධර්මෝදය දහම් පාසලේ
1 ශ්‍රේණියේ
බී. ඉෂාර නයන

259. වැලිවේරිය - ශ්‍රී සිරිනිවාස දහම් පාසලේ
3 ශ්‍රේණියේ
අඳුනි උත්තරා

260. අත්තනගල්ල - සිරිසඝ බෝ දහම් පාසලේ
1 ශ්‍රේණියේ
අනුහස් තීක්ෂණ එදිරිසිංහ

261. දෙහිඕවිට – මාගම්මත කනිටු විදුහලේ
8 ශ්‍රේණියේ
ප්‍රවීන් චතුරංග ආදිත්‍ය

262. ඌරාපොළ - ශ්‍රී ධම්මරතන දහම් පාසලේ
ඊ. පවනි මලීෂා

263. දළුක්කදටිය – බුදු සිසිල දහම් පාසලේ
7 ශ්‍රේණියේකවිඳු දිල්ෂාන් ගමගේ

264. බ/ ශ්‍රී ධර්මානන්ද දහම් පාසලේ
06 ශ්‍රේණියේ
ඩී.එම්. රසන්ධි චංචලා

265. බලංගොඩ – වැලිපතයාය ප්‍රාථමික විදුහලේ
3 ශ්‍රේණියේ
යූ. ඩබ්. නදිනි හිමාෂා

266. ඌරාපොළ මධ්‍යමහා විදුහලේ
10 ශ්‍රේණියේ
දිලේෂා කවිෂානි එදිරිතිලක


ගමේ පන්සල

පියගැට පෙළ මල් අතුරයි පන්සල වෙත පැමිණෙන්න
මුදු මද නල සුවය සදයි මෙත් සිතුවිලි ඇහැරෙන්න
මල් කැන් පොඩි සුවඳ බෙදයි විහාරයම පැහැවෙන්න
අපෙ පන්සල එළිය බෙදයි මුළු ගමට ම සැනසෙන්න

විහාරයේ කිරි පාටට නෙතු කැන් පිනවන්නේ
බෝ මළුවේ සිලි සිලියට කන්පෙති සැනසෙන්නේ
බුදු මැදුරේ පින් පාටට මෙත් සිත අවදිව එන්නේ
නිවන් මඟට පාර තමයි අපෙ පන්සල පෙන්වන්නේ

යහගුණ දම් සැමදා රැක ගන්න
මෙත් සිතුවිලි පතුරා සිත සනසාගන්න
වෛරය දුරුකරලන මඟ පෙන්වන්න
විහාරයයි ඇත්තේ ගම රැකගන්න

බෝ මළුවෙ සිලි සිලියට මුදු මඳනල රැව් දේවා
විහාරයේ කිරි පාටට හිරු දෙවියන් තුටු වේවා
බුදු මැදුරේ මල් සුවඳට මෛත්‍රිය ම පැතිරේවා
මගෙ පන්සල සැමදාමත් පින් පාටින් බැබළේවා


විහාරයේ අභිමන

අපේ පන්සල උඩලවත්ත ස්වර්ණ බිම්බාරාම ය යි. එහි ලොකු හාමුදුරුවන් යටලවත්තේ පාලිත හිමියන් ය. ලොකු හාමුදුරුවන් සමඟ තවත් ස්වාමීන් වහන්සේ පස්නමක් අප විහාරස්ථානයේ වැඩ සිටිති.

සෑම ඉරිදා දිනක ම අපේ පන්සලේ ගාමිණී දහම් පාසල පවත්වනු ලැබේ. එහි ප්‍රධානාචාර්ය ධුරය විහාරාධිපති හිමියෝ උසුලනු ලබති. ප්‍රදේශයේ දරු දැරියන්ට දහම් දැනුම ලබා දී ඔවුන් යහ මගට ගැනීමට අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමි ඇතුළු ගුරු මණ්ඩලය කටයුතු කරති. අප පන්සලේ ඉතා මනරම් බුදු මැදුරක්, චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්, පැරැණි බෝධින්වහන්සේ නමක් ද පිහිටා ඇත. පන්සල අවට පරිසරය ඉතාම සුන්දර ය.අපේ පන්සල දිනෙන් දින ම දියුණුවට පත්වේවායි මම ප්‍රාර්ථනා කරමි.


හොඳ දරුවෝ වෙමු

පුංචි කුරුලු පොඩිත්තා මල් ගස් අතරින් පලතුරු ගස් අතරින් ඉගිලීගෙන, ඉගිලීගෙන ආවා.

“මල් ටිකක් නෙළා ගන්නත් ඕනේ. ලස්සන සුවඳ මල් , කහපාට මල්, සුදුපාට මල්, ලස්සන, ලස්සන හරිම සුවඳ මල්, කුරුලු පැංචා තනියම සිතුවා.

“අනේ මාව බේරගන්ඩෝ”..බේරගන්ඩෝ” කුරුලු පොඩිත්තාට කටහඬක් ඇහුණා. කවුදෝ උදව් ඉල්ලනවා. කොයි පැත්තෙන් ද හඬ එන්නේ කියලා කුරුලු පොඩිත්තා වට පිට බැලුවා.

“ආ මේ වතුර වලක කූඹි පැංචෙක් වැටිලනේ. ඉන්න මගෙ හොඳ යාළුවේ, මම ඔයාව බේරගන්නම් ඉක්මනට ම”

වතුර වලේ වැටිල හිටිය කූඹිපැංචට කුරුලු පොඩිත්තා උදවු කළා. කූඹි පැංච අත්තටුවට අරගෙන ගසක කොළයක් උඩ තැබුවා.

කූඹි පැංචට හරිම සතුටුයි. පණ රැක ගත්තට, කූඹි පැංචගෙ පණ රැක දෙන්න උදව් කළ කුරුලු පොඩිත්තාටත් හරිම සතුටුයි.

“ඔයාට බොහෝම පිං සිදුවෙයි.කුරුලු යාළුවේ. අහිංසක මගේ පණ රැකදුන්නාට, ඔයා කොහේද මේ උදෙන් ම යන්නේ” තමන්ගෙ ජීවිතේ රැකදුන්නාට කූඹි පැංචා කුරුලු පොඩිත්තාට පිං දුන්නා. කුරුලු පොඩිත්තාගේ තොරතුරුත් විමසුවා.

කුරුලු පොඩිත්තාත් හඬ අවධි කළා.

“අද පෝය දවසනේ කූඹිපැංචී මම යනවා. බුදු සාදුට මල් පුජා කරන්න. අද සිල් සමාදන් වුන පුංචි ළමයින්ට පොඩිසාදු බණ කියනකොට මටත් අහන්න පුළුවන්. ඔයත් එන්න මාත් එක්ක පන්සල් යන්න.

කූඹිපැංචා ගසකින් මලක් අරගෙන හිසේ තියාගත්තා. කුරුලු පොඩිත්තාත් ලස්සනට පිපුණූ මල් අත්තක් කඩාගෙන හොටට අරගත්තා.

කූඹි පැංචා හෙමින් හෙමින් පන්සලට පා නැඟුවා. කුරුලු පොඩිත්තාත් හෙමින් සැරේ ඉගිලී පන්සලට ආවා.

“සාදු, සාදු,සාදු” බුදු සාදුට යාළුවෝ දෙන්නාම මල් පූජා කළා. පොඩි සාදුබණ කියනවා. හරිම මිහිරියි. ලස්සන ගාථාත් ඇහෙනවා සුදු ඇඳුම් ඇඳගත් පුංචි ළමයින් පේළියට බණ ශාලාවේ ඉඳගෙන බණ අහනවා. හරිම ශාන්තයි.

පුංචි දරුවන් පුංචිකාලෙ ඉඳලම හොඳ ගුණදහම් වඩන්න ඕනේ. බුදු හාමුදුරුවො පුංචිදරුවන්ටත් හරිම ආදරෙයි. පොඩි සාදුගෙ හඬයි ඒ.

“ඇහුණා ද කුරුලු යාළුවේ,? අපිත් පුංචිකාලෙ ඉඳලම හොඳ ගුණ දහම් වඩන්න ඕනේ.” කූඹි පැංචා කිව්වා.

කුරුලු පොඩිත්තාත් ඒ වදන් අගය කළා. “ඔව්, ඔව් අපිත් හොඳ අය ම වෙමු.”

“සාදු, සාදු, සාදු” සාධුකාර හඬ නැගූ පුංචි දරුවන් භාවනා කරනවා.

“අපිත් යමු ගාථා කියල බුදු සාදුට වඳින්න.අපිත් හරිම හොඳ අයනේ”

කුරුලු පොඩිත්තාත්, කූඹිපැංචාත් බුදු සාදුට වඳිනවා.

“පුංචි දරුවන් වගේම අපිත් හොඳ අය වෙනවා බුදුසාදු” ඒ දෙන්නා බුදුසාදුට පොරොන්දු වුණා.

බුදු සාදු නිහඬව, කරුණාවෙන් ඔවුන් දෙස බලාගෙන හිටියා. “බුදු කුටියේ සිටි හැමෝමත් බුදුසාදුට හරිම මිහිරිහඬින් ගාථා කියා වැන්දා

අපි හැමෝමත් හොඳ ගුණ දහම් වඩන හොඳ ළමයින් වෙනවා. බුදු සාදු”

බුදු හාමුදුරුවෝ පුංචි දරුවන් දිහාත් ආදරයෙන් බලා ඉන්නවා වගෙයි. බුදුහාමුදුරුවන් ගේ කරුණාබර මුහුණ ලස්සන මලකටත් වඩා ලස්සනයි. පුංචි දරුවන් බුදුකුටියේ බවුන් වඩද්දි කූඹි පැංචාත්, කුරුලු පොඩිත්තාත් සන්සුන්ව නිහඬව ඒ දෙස බලාගෙන සිටියා.


 

  වෙසක් පුර අටවක පෝය


 වෙසක් පුර අටවක පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා අපර භාග 04.20 ට ලබයි. 23 වන දා සඳුදා අපරභාග 02.19 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 22 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]