Print this Article


පිහිට පතයි

පිහිට පතයි

හෝමාගම මාලපැල්ල, වෑකඩ පාරේ, අංක 37/12 බී, ලිපිනයේ පදිංචි ජී.වී.පී. සරල අමරසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” රුධිර කාණ්ඩයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලීන්ගේ සහාය 12 වියැති එකම දියණිය සහ බිරිඳ බලාපොරොත්තුවේ. පරිත්‍යාගශීලීන් කරුණාකර (0771 061 590) දුරකතන අංකයට ඇමතුමක් හෝ එස්.එම්.එස්. පණිවුඩයක් යොමු කරන්නැයි ඉල්ලීමක් කෙරේ.

***

නො. 112, වෑබඩ නැගෙනහිර, වෑබඩ පදිංචි විවාහක එක් දරු පියෙකු වන ජී.ඩබ්.බී. යටිවැල්ල මහතා වකුගඩු ආබාධයක් නිසා දැඩි රෝගී තත්ත්වයෙන් පීඩා විඳිමින් ප්‍රතිකාර ගනිමින් සිටින බව කියයි. ඔහුගේ ජීවිතය බේරාගැනීමට “ඕ හෝ බී” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව තිබේ. ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කරන මෙන් ඉල්ලන අතර විස්තර 0788 69 55 10 අංකයෙන් විමසිය හැකි අතර ඔබගේ මූල්‍යමය පරිත්‍යාග ලංකා බැංකුවේ දෙල්ගොඩ ශාඛාවේ ඇති 5614027 ගිණුම් අංකයට බැර කළ හැකි බවද කියි.