Print this Article


සද්ධර්මාලංකාරය 24 දා නිකුත් වේ

සද්ධර්මාලංකාරය 24 දා නිකුත් වේ

කලාසූරී නෝමන් සිරිපාල සංස්කරණය කළ දේව රක්ෂිතාභිධාන ජයබාහු නාමලක්ෂිත ද්විතීය ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේගේ ‘සද්ධර්මාලංකාරය’ අප්‍රේල් මස 24 වැනි දා අඟහරුවාදා නිකුත් වේ.

පන්සිය පනස් ජාතකය, ලෝවැඩ සඟරාව, සුභාෂිතය, ලෝකෝපකාරය, අමාවතුර වැනි සම්භාව්‍ය කෘති රැසක් සංස්කරණය කළ කලාසූරී නෝමන් සිරිපාල මහතාගේ නවතම සංස්කරණය දේව රක්ෂිතාභිධාන ජයබාහු නාමලක්ෂිත ද්විතීය ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේගේ ‘සද්ධර්මාලංකාරය’ ග්‍රන්ථය අප්‍රේල් මස 24 වැනි දා අඟහරුවාදා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාංවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී නිකුත් කෙරේ.