Print this Article


 මහකන්දේගම ශාසනවංශ හිමියෝ ගෞරව නාම ලබති

 මහකන්දේගම ශාසනවංශ හිමියෝ ගෞරව නාම ලබති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන්, මහකන්දේගම ශාසනවංශ හිමියන් වෙත කුරුණෑගල ප්‍රාදේශීය උපාධ්‍යාය, ශ්‍රී සෝමරතන වංශාලංකාර, ශාසන කීර්ති ශ්‍රී සංඝ සෝභන යන ගෞරව නාමය පිරිනමා ඇත.

හිරියාල, අඹගස්වැව, පලුගොල්ල විද්‍යාවංශ සාමණේර ආයතනාධිපති සහ, ශ්‍රී චන්දසේලාරාමාධිපති වශයෙන් දැනට කටයුතු කරන ශාසනවංශ හිමියන්, විශ්‍රාම ලත් පරිවේණාචාර්යවරයෙකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි උත්තරීතර කාරක සංඝ සභාවෙහි සභිකයකු වන උන්වහන්සේ, ගුරු සේවයේ යෙදී සිටියදී, ශාස්ත්‍රවේදී උපාධියද, අධ්‍යාපන ඩිප්ලෝමාවද, අනතුරුව ශාස්ත්‍රපති උපාධිය ද හිමි කරගත්හ.

මහකන්දේගම ශාසනවංශ හිමියෝ, දැනට 80 වන වියෙහි පසුවෙති.