Print this Article


අටමස්ථානය වැඳ පුදා ගැනීමට ප්‍රවාහන පහසුකම් නොමිලයේ සපයන විජේවර්ධන

අටමස්ථානය වැඳ පුදා ගැනීමට ප්‍රවාහන පහසුකම් නොමිලයේ සපයන විජේවර්ධන

විවිධ විධියට පින් කරන පින්වතෙක් අනුරාධපුරයෙන් හමුවේ. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී සහ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් අභියස දී එම අපූරු පින්වතා හමු විය හැකි ය.

ඔහු නමින් එන්.එම්.රංජිත් විජේවර්ධන මහතා ය.

රංජිත් විජේවර්ධන මහතා හමුවූ අපට ඔහු මෙසේ කීවේය. මම රියදුරු කෙනෙක්. සෑම දිනකම උදේ 7.00 විතර වන විට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට පැමිණෙනවා. අනුරාධපුර අටමස්ථානය වැඳ පුදා ගැනීමට හෝ යම් කරුණකට ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් හෝ කිහිප නමක් එසේ නැත්නම් සිල් මෑණියන් වහන්සේලා වෙනුවෙන් නොමිලයේ ගමන් පහසුව ලබා දීම සඳහා සැදී පැහැදී සිටිනවා. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අවසරය පරිදි උඩමළුව පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු පොලීසිය ද දැනුවත් කර, නගරයට, ළඟම විහාරස්ථානයකට යාමට අවශ්‍ය වන මහා සංඝරත්නයට, සිල් මෑණිවරුන්ට මම නොමිලයේ ගමන් පහසුව ලබා දෙනවා. උදේ ආවාම මම රාත්‍රී 8.00 වත තෙක් ම එම ස්ථානවල සිටිනවා. මගේ දුරකථන අංකය 071 6428707 අනුරාධපුරයට පැමිණියාම ඕනෑම අවස්ථාවක ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, සිල් මෑණිවරුන් මට දුරකථන පණිවිඩයක් ලබා දෙන්න.