Print this Article


බෞද්ධ ධර්මාචාර්ය විභාගයට ඉදිරිපත් වූ උඩුවක ශ්‍රී විමලඥාන දහම් පාසලේ සියලු සිසු දරුවෝ සමත් වෙති

බෞද්ධ ධර්මාචාර්ය විභාගයට ඉදිරිපත් වූ උඩුවක ශ්‍රී විමලඥාන දහම් පාසලේ සියලු සිසු දරුවෝ සමත් වෙති


ධර්මාචාර්ය විභාගය සමත් වූ දරු දැරියන් ගුරුවරුන් සමඟ


ඒ.ඒ. බුද්ධිකා මධුවන්ති ශිෂ්‍යාව.

2016 (2017) වර්ෂය සඳහා, 2017 වර්ෂයේ පවත්වන ලද බෞද්ධ, ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵලවලට අනුව අල්ගම උඩුවක (සබර) ශ්‍රී විමලඥාන දහම් පාසලෙන් එම විභාගය සඳහා ප්‍රථම වරට සිසු දරු දැරියන් දහතුන් දෙනෙකු (13) ඉදිරිපත් වූ අතර එම දරුවන් සියලු දෙනා බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් වී ඇති බව ශ්‍රී විමලඥාන දහම් පාසලේ ප්‍රධානාචාර්ය දෙගම්මැද පියරතන හිමියෝ පවසති. 2016 (2017) වර්ෂය සඳහා පැවත් වූ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයට ඉදිරිපත් වූ, ඒ ඒ. ජනක අධිකාරී, ඒ. ඒ බුද්ධිකා මධුවන්ති යන දරුවන් දෙදෙනා විශිෂ්ට සාමාර්ථ හතර (ඩී – 4) බැගින් ලබාගෙන දහම් පාසලට කීර්තියක් අත්කර දී ඇතැයි ද ඒ.ඒ බුද්ධිකා මධුවන්ති දැරිය බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අයත් විෂයන් පහ සඳහාම විශිෂ්ට සාමාර්ථ (ඩී – 5) ලබාගෙන ඇති බව ද උන්වහන්සේ පවසති. දහම් පාසලේ ධර්මාචාර්ය විභාගය සමත් දරුවන්ට විභාගය සමත්වීමට සියලු විෂයයන් උගන්වන ලද්දේ එච්. ඒ පාලිත පේසාල් හේවාආරච්චි මහතා විසිනි.