Print this Article


කීනවත්ත ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ තෑගි ප්‍රදානෝත්සවය

කීනවත්ත ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ තෑගි ප්‍රදානෝත්සවය

කීනවත්ත ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීම ඉකුත් දා කීනවත්ත ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ ධර්මශාලාවේ දී පැවැත්විණි. කීනවත්ත ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ විහාරාධිපති උක්සිරිපුර විදුහලේ විදුහල්පති ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ඇතිමලේ ආනන්ද හිමියන්ගේ අධීක්ෂණය යටතේ පැවතිණි. ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ පළමුවන ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා පන්තිවල දහම් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් සැමට පොදු තිළිණ හා විවිධ අංශවලින් දස්කම් දැක් වූ සිසු දරුදැරියන්ට විශේෂිත තිළිණ ද ප්‍රදානය කෙරිණි. ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති තලාගංගොඩ ධම්මරතන හිමි, මුවංගල රජමහා විහාරාධිපති ඇලෑවෙල මහින්ද හිමි, මෛත්‍රී භික්ෂු සංසදයේ සම්බන්ධිකාරක පොළොන්මාරුවේ සුමනරතන හිමි, ගලහිටියාගොඩ රතනසිරි හිමි, ඇතුළු මහා සංඝරත්නය හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී දයාරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී ඩී. ඩී. මෙත්තානන්ද ද සිල්වා දමන ප්‍රදේශීය සභා සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා සභාව ඇමතූහ. දහම් පාසල් දරු දැරියන් බොදු බැති ගී ඉදිරිපත් කළහ. ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ඇතිමලේ ආනන්ද හිමි, ඇතුළු මව්පියන් විසින් උළෙල සංවිධානය කර තිබුණි.