Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන්

මිහින්තලා ලේක්හවුස් මානසික කප්රුක් පූජාව බක් පුර පොහෝ දා (31) පස්වරුවේ මිහින්තලා පුද බිමේ දී සිදු කළේ ය.

මිහින්තලා රජමහා විහාර පුදබිමේ මැදමළුවේ සිට පෙරහරින් සාධු නාද මධ්‍යයේ කප්රුක වැඩම කිරීමෙන් අනතුරුව මිහින්තලා මහා සෑ චෛත්‍යරාජයාණන් වෙත පුජා කිරීම සිදු විය. අනතුරුව මිහින්තලා රජමහා විහාරවාසී වෙරුප්පන්කුලමේ පියරතන හිමියන් විසින් ආගමික වතාවත් සිදු කළහ.

මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදුකෙරිණි. සෑම පසළොස්වක් පොහෝ දිනකම ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් පවත්වනු ලබන එම පින්කම මෙවර සිදු කරනු ලැබුවේ සීදුව මූකලන්ගමුව ලියනගෙමුල්ල බෞද්ධ සැදැහැවතුන්ගේ දායකත්වයෙනි. වසර 31 ක ඉතිහාසයක් ඇති මූකලන්ගමුව ලියනගෙමුල්ල එක්සත් පුෂ්පදාන සමිතිය සහ වසර හතරක සංවත්සරය පවත්වන එකමුතු අවමංගල්‍යාධාර සහ සුබ සාධක සමිතිය මගින් මෙහෙය වූ එම පින්කම සීදුව හිටපු නගරාධිපති රංජිත් සෝමවීර මහතා ඇතුළු පිරිසක් සංවිධානය කළහ.