Print this Article


සදහම් අරණ

දුවේ පුතේ,

ඔබගේ නිර්මාණ කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අප වෙත එවන්න. පුර අටවක පසළොස්වක, අව අටවක, අමාවක බුදුසරණ පුවත්පත්වල එම නිර්මාණ පළ කරන්නෙමු. සංස්කාරිකා සදහම් අරණ ළමා සමාජය, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට නිර්මාණ එවිය හැකි ය.


සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

226. එපිටවල - ශ්‍රී සුගතාරාම මහින්ද දහම් පාසලේ,
2 වසරේ
කවීෂා රසාංජලී

227. උඩුගම්පල - ශ්‍රී සුගත ශාසනාධාර දහම් පාසලේ,
7 ශ්‍රේණියේ,
එච්.එම්. ආර්. එස්. ප්‍රමෝද්‍යා බණ්ඩාර

228. හංවැල්ල – දිද්දෙණිය කනිටු විදුහලේ,
2 ශ්‍රේණියේ
ප්‍රබෝධි තරුදිනී දිව්‍යාංජලී

229. මිනුවන්ගොඩ – නාලන්දා බාලිකා මහා විදුහලේ,
8 වසරේ,
එම්.ඩබ්.ඒ. වගීෂා විජේසූරිය

230. මාතලේ - ශ්‍රී මේධංකර දහම් පාසලේ,
10 ශ්‍රේණියේ,
එන්.ජී. සචිනි නිසංසලා වර්ණකුමාර

231. මාතලේ - ශ්‍රී මේධංකර දහම් පාසලේ,
6 ශ්‍රේණියේ,
එන්.ජී. කවිදු ලක්ෂාන් වර්ණකුමාර

232. මහනුවර – මහාවිහාර මහා පිරිවෙනේ,
04 ශ්‍රේණියේ
අටබාගේ සිරිනන්ද හිමි,

233. මහනුවර – අස්ගිරි මහා පිරිවෙනේ,
05 ශ්‍රේණියේ,
වට්ටප්පොල මේධානන්ද හිමි,

234. අල්ගම - සිරි සුනන්දාරාම දහම් පාසලේ,
02 ශ්‍රේණියේ,
ටී.එල්. ලතීන්ද්‍ර ජීවන්ත.


බැතිබර සිරිපා සමය

බුදුහිමි තෙ වනවර ලංකාවට වඩිමින්නේ
කැලණිය දහම් කෙත් යායෙන් නංවන්නේ
පළමු ගමන බුදුහිමි හට සිහිවන්නේ
බුදු සිරිපා තැබුමට පියවර ගන්නේ

සුමන දෙවිඳු බුදුහිමි සමඟින් වැඩියා
සමන්තකූටය සිරිපා පහසින් දිලුණා
ලක් දිවයින දම් දිවයින බව වූවා
සිරිලක් මෑණිය ලෝකෙහි වැජඹූවා

සීත ගඟුලෙ ස්නානය කරමින්නේ
ඉඳිකටු පහනේ ගෙත්තම් මවමින්නේ
අහස්ගව්වෙ සිට කරුණා කරමින්නේ
දොළොස්මහේ පහණෙන් මළු දිදුලන්නේ


ශ්‍රී පාදස්ථානය

අප ගෞතම බුදු හිමියන්
තෙවන වරට පින්බිම වෙත
වැඩිදා දෙසු මනහර දම්
සුමන සමන් දෙවිඳුන්ට ඇසුණි

දහම් අසා පැහැද බොහෝ
සුමන සමන් දෙවිඳුන් නිති
බුදු හිමිගෙන් ඉල්ලන්නේ
වඳින්නට යමක් සතුටින්

අප හට අනුකම්පා කොට
සමනල කඳු මුදුනට වැඩ
නිල් මැණි රත් මත බුදුහිමි
තැබූහ සිරිපා සටහන්


විජය රජතුමා

විජය කුමරු ඉතා දක්ෂ වු අතර නිසි වියට පත්වීමත් සමඟ මිතුරු ඇසුර වැඩි විය.ඒ නිසා පිය රජුට ඔහු මහත් කරදරයක් විය. ඒ නිසාම පිය රජු යහළුවන් හත්සිය දෙනෙකු සමඟ ඔහු රටින් පිටුවහල් කළේ ය. දින ගණනක් සයුරේ ගමන් කළ එම පිරිස ගොඩබිමක් දුටුවෝ ය. එයට පා තැබූ විගස “තම්බපණ්ණි’ යන නම තබන්නට වූයේ ලක් පොළොවේ වෙරළ තඹ පැහැය ගත් නිසාවෙනි. මේ කාල සීමාවේ දි යක්ෂ, නාග, දේව නමින් ගෝත්‍ර තිබුණු අතර යක්ෂ ගෝත්‍රිකයන් විසින් රට පාලනය කෙරෙමින් තිබිණි. කුවේණි නම් ගෝත්‍රික කාන්තාවකගේ සහාය ලබා ගත් විජය කුමරු යක්ෂයන් විනාශ කොට ශ්‍රී ලංකාවේ පාලනය භාර ගත්තේ ය. විජය රජ තම මිතුරන් සමඟ ශී‍්‍ර ලංකාව පාලනය කරමින් සිටියේ ය. විජය රජු සමඟ කුවේණිය විවාහ වු නිසා දරුවන් දෙදෙනෙකු ලැබිණි. එහෙත් තම වංශය තුළින් කුල කාන්තාවක් සරණ පාවා ගන්නට සිතූ විජය රජු භද්දකච්චායනා කුමරිය හා විවාහ වූවත් දරුඵල නො ලද්දේ ය. විජය රජු කුවේණිය සමඟ දරුවන් දෙදෙනා මාලිගාවෙන් පිටුවහල් කළේය. දරු දෙදෙනා කැලයට ගොස් වැදි පරපුරක ආරම්භකයෝ වූහ. මහාවංශයට අනුව අද වන විට මහියංගන ආදිවාසි ජනයා විජය හා කුවේණියගේ දරුවන් දෙදෙනාගෙන් ඇරඹුණු බව දැක්වේ. විජය රජු පසුව විවාහ වූ බිසවගෙන් දරුවන් නො ලද අතර අවුරුදු 38 ක් රාජ්‍ය පාලනය කොට මිය ගියේ ය. අපගේ පළමු රජු විජය රජු බව ඉතිහාසගතව ඇත්තේ එසේ ය.


සිල් පද රකිමු

පන්සිල් රකිනා
හොඳ බොදු දරුවෝ
රැකවරණ ලබති
බුදු හිමි පාමුල

ඒවායින් අපට ලැබෙන
අනුසස් නම් බොහෝ ඇතේ
නරක සිහින නො පෙනෙන්නේ
ආයුෂ අපේ දිගු වන්නේ

ගිනි විස ආයුධ වලින්ද
ස්වභාවික විපත් මෙන්ම
අමනුෂ්‍යයින්ගෙන් සිදුවෙන
කරදර බාධක දුරු වේ


මගේ දහම් පාසල

මගේ දහම් පාසලේ නම සිරි විමලසිරි ඉංගී‍්‍රසි දහම් පාසල යි. එය පොල්පිටිමූකලාණ කඳාන ප්‍රදේශයේ පිහිටා ඇත. අප දහම් පාසලේ විදුහල්පති පොල්පිටිමූකලාණේ පඤ්ඤාසිරි ස්වාමීණ් වහන්සේ ය. උන්වහන්සේ පුංචි අපට ලස්සන බණ කතා කියා දෙයි. ගුරුවරුන් විශාල පිරිසක් සිටින අපගේ දහම් පාසලට මම ගොඩාක් ආදරෙයි. මගේ දහම් පාසලේ සියලු දෙනාට ම රුවන්මැලි මහා සෑ රජුන්ගේ සරණයි.


ආලවක දමනය


පොඩි හාමුදුරුවෝ බණ උගනිති


පැන විසඳුම්

පහත සඳහන් ප්‍රශ්නවලට ඔබගේ පිළිතුරු කෙටියෙන් පැහැදිලිව ලියා බුදුසරණ වෙත යොමු කරන්න. නිවැරැදිව එවන පිළිතුරු තෝරා ජයග්‍රාහක දරුවන්ට වටිනා ත්‍යාග පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය ද නිවැරදිව ලියා එවන්න.

01). තෙරුවන් සරණ ගිය පළමු උපාසක සහ උපාසිකාවෝ කවුද?

02). බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අත්හළ යුතු යැයි වදාළ අන්ත දෙක නම් කරන්න?

03). බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පිළිබඳව කෙටි සටහනක් කරන්න.