Print this Article


පහන් සිතක කවි

 

සදහම් මහ ගඟ

දරණාගම ගමින් ගැලූ
කුසලධම්ම හිමි දම් ගඟ
පිරුණාවූ කෙලෙස් ගින්න
සැමදෙනාගෙ සිතේ රැඳුණු
නිවූ මහත් මෙත් දිය කඳ
සිඳී ගියා නොසිතූ ලෙස
තම සැප ගැන මොහොතක්වත්
නොසිතා අන් අයගෙ දුකට
පිහිට වන්න දිවි කැපකළ
ඒ උත්තම සඟ රුවනට
වඳිමි බුදුන් වඳිනා ලෙස


සුපටිපන්නෝ

පිරුණු සිල් ගුණයෙන්
ලොව බබළවන ක්ෂණයෙන්
ප්‍රතිපත්ති පුරමින්
සිටී අප මහ සඟන බැතියෙන්
සඟ රුවනකට ඇති
පිරුණු නව විඳ ගුණැති
පුද දෙමින් කර බැති
දොහොත් මුදුනේ තබා වඳිති


නිවැරැදි සිහිය

ජීවිතය සැරිසරමින් සිටින්නට
“සීලය” අවැසිවේ කරනා වැඩවලට
නිවැරැදි සිහිය අවැසිය වේ සැපතකට
පරලොව ගමන නොමුළාවෙන් යවන්නට


ලෝ සතට ආලෝකය

දහම් පිපාසය දැනෙනව දැන් අපට
ජයකොඩි දාමු සම්බුදු හිමිගේ ගුණට
සිදුහත් කුමරු ජනිතව මේ ලොවට
දෙසුවේ දහම බුදුවී සත්වග සැපට

දුක දුරු කරන මග පෑ සෑසි රජිදු
රුදුමරසෙන් දමනය කළ මුනිඳු
බව දුක දැනී සසර එතෙර වු සමිඳු
සව්ලෝ සතට ආලෝකය බුදු රජිදු