Print this Article


දඹදිව සංකස්ස පුර වැඩ සිටි ජුලම්පිටියේ ඤාණරතන නා හිමි

දඹදිව සංකස්ස පුර වැඩ සිටි

ජුලම්පිටියේ ඤාණරතන නා හිමි

එක බත් හැලිය හත් අටකට බෙදාගෙන
එළවළු දෙකක් ඇති පදමට උයාගෙන
නීරස වුණත් තැටියට බත් බෙදාගෙන
උන්නෙමු’ අපි ‘ජපන් පෙළ” දුක බෙදාගෙන

කළු කොඳයාවෙ මහ නා හිමි දෙරණ දනී
පිරිවෙන්පති වුණා සිසු කැළ සසල වුණී
ඇතිමුත් කරුණාව පවා සැරට පෙනී
ගුරුබිම අබිමනට නංවා රටට දුනී

විදුදය ගුරුබිමේ ගුරුමල් තැනින් තැන
සුවඳයි මාළිගා කන්දම රජුන් එන
සඟ රජවරුන් වැනි ගුරුවරු දිනෙන් දින
සෝභාමත් කළා සිළුමිණ හිසින් ගෙන

උතුමන් සැරිසරන නිරතුරු නැණින් බර
ජුලම්පිටියේ හිමියන් මේ අතර තුර
විදුදය බිමට ආවා පොත් තුරුළු කර
මුදු මද සිනා පෑවා මිතුරන් අතර

හොඳ හිත පතුරුවා ගුරු සිත නොරි දෙන්න
වනපොත් කළා පෙළඳම් සකුමග දන්න
විදුදය ගුරුකුලය අබිමන ගෙන දුන්න
දිනුවා සියම් ත්‍යාගය සරසවි ඉන්න