Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 162,කිරිමැටියාගාර, කඩවත ලිපිනයෙහි ස්ථීර පදිංචි කේ.ඩී.ටී.ඒ. නානායක්කාර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඒ සඳහා වකුගඩුවක් බද්ධ කිරීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. බී පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 0767348285 යන දුරකතන අංකයෙන් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

“බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මනින් අවශ්‍ය ව ඇති බැවින් එම වර්ගයේ වකුගඩුවක් ලබා දීමට හැකි අයෙකු සිටීනම් පහත දුරකථන අංක වලට අමතන ලෙසට ඉල්ලීමක් කෙරේ. 077 6417503, 077 5386701

****

පානදුර, එළුවිල, කිරිබේරිය පාරේ අංක 183/ ඒ ලිපිනයේ පදිංචි තිදරු පියකු වන ජී.ජී. මහින්ද මහතා වකුගඩු රෝගයෙන් පෙළෙයි. ඔහුට ඉතා ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය අනුර පි‍්‍රයන්ත හේවාගීගන මහතා නිර්දේශ කර ඇති බව කියයි. ඔහුට වකුගඩුවක් පිරිනැමීමට කැමැති පින්වතෙක් සිටී නම් 075 9888365, 072 3375524 දුරකථන අංකයට කතා කරන මෙන් ඉල්ලීමක් කරන අතර ඔහුට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මුදල් උපකාර කිරීමට පානදුර ඉතිරිකිරීමේ බැංකුවේ ගිණුම් අංක 1 – 0043 – 88 – 2931 – 4 සී.ඩී. ගමආරිය නමට මුදල්මය පරිත්‍යාග කරන මෙන් ඉල්ලීමක් කරයි.

****

නො.145 /41, ලෙස්ලි රණගල මාවත, බොරැල්ල, කොළඹ 08 හි පදිංචි 58 වියැති කේ.පී. ඉන්ද්‍රලතා මහත්මිය මේ වන විට දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බවත් ඇයට ඉතා ඉක්මනින් “ඕ පොසිටිව්” හෝ “බී පොසිටිව්“ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බවද කියයි. ඇයට වකුගඩුවක් පිරිනැමීමට කැමති අයකු වේ නම් 078 4718118 දුරකථන අංකයට කතා කරන මෙන් ඉල්ලීමක් කෙරේ.

****

අම්පාර නවගම්පුර ගම නැගුම නිවාස යෝජනා ක්‍රමයේ අංක 50/30 වසන්තලාල් රණතුංග අම්පාර දිස්ත්‍රික්කයේ සම්මන්තුරේ පොලිස් ස්ථානයට අනුයුක්තව (පො.කො. 13836) රාජකාරී කරනු ලබන අතර විවාහක දෙදරු පියෙක් බවද ඔහුගේ බිරිඳ ද රැකියාවක් නොකරන අතර වැඩිමහල් දරුවා 10 වසරේ ඉගෙනුම ලබන බවත් බාල දරුවා 2018 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අයෙක් බවත් කියයි. දැනට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර මහනුවර මහරෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශයට අනුව (ඕ පොසිටිව්) වර්ගයේ වකුගඩුවක් කඩිනමින් බද්ධ කළ යුතු බව කියයි. ඒ සඳහා “ඕ පොසිටිව්” වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙතොත් පහත දුරකථන අංකයන්ට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ. 076 982 1774, 077 0622 748, 071 5826582, 077 8495389

****

සීදුව රද්දොළුව නො. 200 ගම මැද පාර එම්.කේ.ඒ. නිහාල් ගාමිණි දැනට වසර එක හමාරක පමණ කාලයක සිට වකුගඩු රෝගයෙන් පෙළෙන බවත් ඔහුගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව වෛද්‍ය නිගමනය බව බිරිඳ කියයි. ඒ සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය අනුර හේවා ගීගන මහතා නිර්දේශ කර ඇති බවද රුධිර කාන්දුකරණය දැනට සිදු කරන අතර එය සතියකට දෙවරක් සිදුකළ යුතු බවත් ඒ සඳහා මුදලක් වැය වන බවත් කියයි. බෙහෙත් සඳහා ද අධික මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද කියයි. ඉහත කරුණු සලකා බලා ලබාදිය හැකි උපරිම ආධාර මුදලක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කෙරේ. ගිණුම් අංකය, කොමර්ෂල් බැංකුව 8250011689 දුරකථන අංකය 076 6972310

****

කුරුණෑගල මා එළිය, බලගොල්ල සිරි සෙවනෙහි පදිංචි එස්.බී. සිනලි සඳුපමා බුද්විනී සේමසිංහ දියණියගේ උපතින්ම වකුගඩු සිහින්ව ඇති බවත් ඇයට වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් වෛද්‍ය තුමන්ලාගේ නිර්දේශය වන අතර දැනට පේරාදෙණිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වත් අයෙකු හෝ මුදල් ආධාරයක් හෝ ලබා දීමට කැමති අයෙකු වෙතොත් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසත් එම දියණියගේ පියා ඉල්ලීමක් කරයි. එස්.බී.ඒ.කේ. සේමසිංහ නමින් ලංකා බැංකුව කුඹුක්ගැටේ ශාඛාවේ ඇති 73675859 අංකය සහිත ගිණුමට මුදල් තැන්පත් කළ හැකි බවද කියයි. දුරකථන අංකය 071 8340548, 078 6076695 වේ.

****

එච්.ඒ. වීරසේන වයස අවුරුදු 56 ඇල්පිටිය කුරුඳුගහ හැතැප්ම ඇල්ලපාරේ පදිංචි අතර ඔහුගේ වකුගඩු දෙකම අක්‍රීයව පවතින බවද වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය වන හෙයින් “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලී භවතකුගෙන් අපේක්ෂාවෙන් සිටින බවද කියයි. ප්‍රතිකාර කිරීම සඳහා ආධාර කළ හැකි අය වෙතොත් ඇල්පිටිය මහජන බැංකු ශාඛාවේ 073 – 2 – 001 – 2 – 0056216 යන ගිණුම් අංකයට උදව් කරන මෙන්ද වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අය වෙතොත් 077 1867041 යන දුරකථන අංකයට අමතන ලෙස ද ඉල්ලීමක් කෙරේ.

****

බෙන්තොට ඇලකාක පදිංචි ඩබ්.ජී. ලාල් රංජිත් වයස 65 ක් බවත් රැකියාවක් නොමැති අතර වෙනත් ආදායම් ද නොමැති බවත් කියයි. බලපිටිය රෝහලින් පරීක්ෂණ පවත්වා අක්මාව නරක්වීමෙන් හටගත් රෝගයක් බවට වෛද්‍ය නිර්දේශය බව කියයි. එබැවින් අක්මාවක් බද්ධ කිරීමට සිදු වී ඇති බවත් ඒ සඳහා විශාල මුදලක් වැය වන බැවින් ආධාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කෙරේ. 072 5595437 අලුත්ගම මහජන බැංකුව ගිණුම් අංකය 084200181833348

****

වත්තල හුණුපිටිය පදිංචි කේ.පී.ඩී. සුනිල් නමැති අයට වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව සඳහන් කරයි. “බී පොසිටිව්” ලේ වර්ගයට අයත් වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් දුරකථන අංක 071 2744826 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

රතඹලාගම, හම්බේගමුව, තණමල්විල පදිංචි දිලීප චතුරංග (අවු. 26) තරුණයා වකුගඩු අක්‍රියවීමේ රෝගයකින් පෙළෙන අතර ඉතා ඉක්මනින් “ඒ හෝ ඕ පොසිටිව් වකුගඩුවක් බද්ධ කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අතර වකුගඩුවක් ලබාදීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් පහත අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි. 071 6389485/ 071 2888758